Tuesday, October 18, 2011

කුවේණී....!!(හෙවත් කාන්තාව)




සියතින්ම කපු පිළී ගොතන්නී....
රැජිණක්ව රූ සිරින් දිලෙන්නී....
පිරිවරත් සමග සැරි සරන්නී...
යහගුණෙන් සෝබනව හිදින්නී.....


පිටුවහල් විජය දැක මුලාවට වැටෙන්නී...
නෑ සියන් සියල්ලන් පරදුවට තබන්නී...
හදවතද රජකමද ගෙන ඔහුට පුදන්නී...
ජිව්හත් දිසාලාගේ මව් පදවි ලබන්නී....


රජකමද හදවත ද අහිමිවී හඬන්නී....
දරුවන්ද ගෙන මගට බසින්නී....
රැජිණක්ව මාවතේ සරන්නී...
නෑ සියන් අවුල ගින්නෙන් දැවි දැවී මියෙන්නී...


සදාකල් හදවතම පුදන්නී.....
සදාකල් මුලාවට වැටෙන්නී.....
සදාකල් දරුවන්ද රකින්නී....
සදාකල් ගින්නෙන්ම දැවෙන්නී.....

3 comments:

  1. ජාතිය විජාතීය හොරැ හට විකුණාපු
    යක් හෙළ පරපුරේ නාමය වළලාපු
    අදටත් අමාරැයි ජාතිය ගොඩට ගනු
    කුවේණිය ඇයයි අප ණය කරාපූ

    ReplyDelete
  2. දරු පැටව් හදන්නී
    ප්‍රිය හිමිද රකින්නී
    මහමෙර සේම නොසැලී
    සියලු දුක් දරන්නී

    දයාවෙන් ලොව බලන්නී
    ගිනිගත් හදවත් නිවන්නී
    සිසිල ලොවටම බෙදන්නී
    නුඹයි සොයුරියෙ කුවේණී

    ReplyDelete
  3. දයා සිසිලස බෙදන්නී...
    සදා අවමන් විඳින්නී..

    ReplyDelete