Showing posts with label දකිනදේ හිතෙන හැටි. Show all posts
Showing posts with label දකිනදේ හිතෙන හැටි. Show all posts

Wednesday, November 16, 2011

රන්වන් එරන්වන් යෞවනියේ....


අපේ අමාත්‍යාංශයේ ඉන්නවා ලස්සන නංගියෙක්...හුඟාක් අය ඉන්නවා ඉතින්....ඒත් මෙයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක්...නිරූපිකාවක් වගේ උසයි...කොණ්ඩය කෙටි වුණත් කර්ල්...ලස්සනයි ඇත්තටම...ඉතින් මේ නංගි ලස්සන නිසාම හොඳට කැපිලා පේනවා...
දැන් දවස් ගාණකට කලින් මම දැක්කා අපේ  branch එකට එහා පැත්තේ   branch   එකේ..Boy කෙනෙක් ගේ උරහිසේ ඔලුව තියාගෙන මේ නංගි staff bus  එකේ යනවා..මම ඒත් හිතුවා මේ කොල්ලත් හිමිජ්ජා වගේ ඉඳගෙන ලස්සනම කෙල්ලෙක්නෙ හොයාගෙන තියෙන්නේ කියලා...ඒත් ඒ හැඟීම වැරදියි කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් මට ගියේ නැත්තේ එතනට ආපු කොන්දොස්තර ලමයාගේ අතින් ඇද ඇද මේ නංගි කථා කරනවා දැකලයි....මේ ඔයාට තේරුණා නේද මම කලේ විහිලුවක් කියලා..කිය කිය මේ කෙල්ල ඒ කොන්දොස්තර කොලුවගේ අතින් අදිනවා මම බලාගෙන...අනේ ඉතින් අර කොල්ලත් ඩිම් වෙලා බලන් ඉන්නවා මේ කෙල්ල දිහා..
ඔන්න ඔය විදිහට දවස් ගානක්ම මම දැක්කා  නොයෙක් කොලු ගැටව් එක්ක උරහිසේ ඔලුව තියාගෙන... අතේ වෙලිගෙන ...උරහිසට තට්ටු දදා ..ඔඩොක්කුවේ වාඩි වෙලා...නොයෙකුත් විදිහට මේ කෙලි පොඩ්ඩ  staff bus  එකේ යනවා....මට හිතෙන විදිහට එයා ඒ දේවල් කරන්නේ යාලු කමටයි දඟ කාරකමට වෙන්න ඇති..ඒත් ඒ ගෑණු ළමයාත් එක්ක යන පිරිමි ළමයිගේ ඇස් මම දකිනවා ...එයා කරන  හැම දේකින්ම ඒ පිරිමි ලමයිගේ ඇස් වල ආශාවේ බලාපොරොත්තු දැල්වෙන හැටි..ඒක ඒ ගෑනු ළමයාට තේරුමක් නැහැ...
අනේ නංගියේ...මම මේ උඹේ හොඳටයි කියන්නේ...ඔය වැඩේ නම් එච්චර සුභ වැඩක් නෙවෙයි කෙල්ලේ...ඔන්න !!!!