අනේ බුදු හාමුදුරුවනේ...
සැමියා හැර ගියද….දරුවන් හැර ගියද
මව්පියන් හැර ගියද….සොහොයුරා හැර ගියද
උමතු වනු නොහැක මට...
(“උභො පුත්තා කාලකතා - පන්ථෙ මය්හං පතී මතො මාතා පිතා ච භාතා ච - එකවිතකස්මිං ඩය්හරෙ”)
පටාචාරා පැමිණියද
අචිරවතී නදිය තරණය කර
සැවැත් නුවරින්
දෙව්රම් වෙහෙරට..
උමතු වී නිරුවතින්...
..කෙසේ නම් පැමිනෙන්නේ ද අද දින
තිරිසනුන් ලෙසින් හැසිරෙන
මිනිසුන් පැමිණ ඇදගෙන
යාවි කැළයට මා ..
කරයි නෙක අතවර...
එසේත් අවසන්ව
පැමිණිය හොත් පණ නල රැකගෙන
ඔබ වහන්සේ අසල හිඳ
දොහොත් මුදුන් දී සාධුකාර දෙන
උපාසක ඇත්තියක් ඇයගේ..
උතුරු සළුව මවෙත නොම දී
මුමුණාවි සභයට..
“නොදකින් අවලමී ආවාද කෙලෙසක මෙතනට..
වහා ගෙන යව් පොලීසියට..”
එහෙයින් උමතු වන්නට බයයි මට.......!!!!
ඔබ වහන්සේත් නැති කොට.....
(පටාචාරා තෙරණින් වහන්සේ විනයධර මෙහෙණින් අතරින් අගතැන්පත් වූහ...)
ඒකයි අද කාලෙ බුදුහාමුදුරුවො නැතුව ඒ කාලෙ හිටියේ.
ReplyDeleteකතාව සහතික ඇත්ත
කතාවනම් සහතික ඇත්ත.. මේ බුදුන්ගේ කාලේ නෙමෙයි..
ReplyDeleteAbuddassa kaale. Kohomath minissu wechcha api inne umathuwen. Ithin uthuru saluwak visikaranna tharamwath honda sihiyak athi aya bohoma aduyi.
ReplyDelete