Wednesday, October 19, 2011
ප්‍රමාදයි....!
නුඹේ ඒ ඇස්වල
තරු කැට දිස්නය දුටුවාම
මම සිතුවා...ආදරෙයි කියලා...
නුඹ මට.....
නුඔ මා සොයාගෙන ඇවිත්
මගේ ඇස් වලට එබිලා
ආදරෙයි කිව්වහම....
මම සිතුවා ....ඇත්තටම
ආදරේ කියන්නේ
මේ හැඟීමටයි කියලා..
ඒත් ....
නුඹ රතැසි නෙතඟින් රවා...
මා වෙත පැන
මට පහර දෙන විට....
නුඹ මා තුරුලු කරගත්
ඒ අත් දෙකින්ම....
මම ඉඳුරාම පසක් කළා...
ඒ ආදරේ නෙවෙයි කියලා...
ඇත්තටම මම දැක්කේ
නුඹේ ඇස් වලින් එදා....
මම ඉඳුරාම පසක් කර ගත්තා...
ජීවිතේ... කවම කවදාකදිවත්...
ජීවිතේ .....එකම එක මොහොතකදිවත්...
නුඹ මට ආදරය නොකළ බව...
ඒත්...එතකොට...
ආදරය හඳුනාගන්න ...පමා වැඩියි මම...!!!
Subscribe to:
Post Comments (Atom)
අදයි මේ පැත්තෙ ආවෙ... දිගටම ලියන්න ජයවේවා... :)
ReplyDelete@ පොඩි මෑන්- ස්තූතියි..ඔයාගේ blog එකෙන් විනිවිද පෙනෙන යථාර්ථයට මම හරිම කැමතියි..
ReplyDeleteපවිත්‍ර ආදරය හරිම සුන්දරයි නංගියේ. ඒ තුල ඇත්තේ කැපවීමයි. අනෙකා ගේ ඕනෑ එපාකම් හඳුනා ගෙන ඒ අනුව ජීවිතය හැඩගසා ගැනීමෙන් ආදරය විදවන්නෙ නැතිව විඳින්න පුලුවනි.
ReplyDeleteඅනෙකාගේ ඕනෑ එපාකම් තුල තමන්ට තමන් නැති වෙනවානම්...තමන්ගේ ආත්ම අභිමානය නැති වෙනවනම්..ඒ කියන විදිහට හැඩගසා ගන්න එකෙන් ජීවිතය විඳින්න පුලුවන්ද අක්කේ...?
ReplyDelete