Thursday, October 20, 2011

මගේ පණ




සඳත් නුඔයි...
හිරුත් නුඔයි....
මගේ සිතේ
එළිය නුඹයි.....

ගසත් නුඹයි....
සෙවණ නුඹයි...
මගේ සිතට
සිසිල නුඹයි.....

කුසුම නුඹයි..
බිඟුත් නුඔයි....
මගේ හදට
සුවඳ නුඹයි....

කඳුල නුඹයි..
සතුට නුඹයි....
හැඟුම් හදේ
නුඹට තමයි...

පෙමත් නුඹෙයි...
මමත් නුඹෙයි...
මගේ පණත්
නුඹේ තමයි....!

4 comments:

  1. ඔන්න ඔහොම කියලා පස්සේ මෙහෙම කියන්න එපා

    දිගත් උඹයි
    කොටත් උඹයි
    ගිනිත් උඹයි
    හිමත් උඹයි
    අවුව උඹයි
    වැස්ස උඹයි
    කුණාටුවත්
    උඹම තමයි
    මේ ඔක්කොම
    උඹ හින්දයි
    උඹ සුදු නැහැ
    කළුම කලුයි
    මොන මගුලට
    මම බැන්දයි ?

    ReplyDelete
  2. @ සරත් ලංකාප්‍රිය -අයියෝ..ඊළඟ එක එහෙම තමා දාන්න හිටියේ මම...මදෑ..

    ReplyDelete