Showing posts with label උපුටා ගත්. Show all posts
Showing posts with label උපුටා ගත්. Show all posts

Wednesday, December 21, 2011

මුල්ලා නස්රුදින්



ඔයාලා අහලා තියෙනවද මුල්ලා නස්රුදින් ගැන....අපේ රටේ අන්දරේගේ කතන්දර වගේ මුල්ලා නස්රුදින්ගේ කතා ඉතාම ප්‍රසිද්ධයි...මුල්ලා නස්රුදින් පොත අම්මා මට අරන් දුන්නේ මම 5 වසර ඉන්නකොට..
නස්රුදින්ගේ කතන්දර ගැන පර්සි ජයමාන්න මහතා සඳහන් කරන්නේ මෙහෙම,
නස්රුදින්ගේ කතන්දර වල හරි පුදුම ගුණයක් තියෙනවා..එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක්ම අහන්න හිතෙනවා...ඒ කතාවක් අහලා එක්කෙනෙක් හිනා වෙනවා...තවත් කෙනෙක් කල්පනා කරන්න පටන් ගන්නවා...සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවට වැටෙනවා...ඒ කතා හැම එකක්ම හාස්‍යත් හරයත් එකට මුවහත් කරලා තියෙන නිසා බුද්ධිය පණ පොවන්න උදව් වෙනවා කියලා ලොව පුරාම පිළිගැනීමක් තියෙනවා...මුල්ලා නස්රුදින්ගේ කතා ද්විත්වාර්ථය දනවන කතා ලෙසයි සැලකෙන්නේ..
නස්රුදින් මුල්ලා කෙනෙකු හැටියට (ගුරුවරයෙක්) හැඳින්වෙන හැම රටක්ම ඔහු තම රටේ කෙනෙකු විදිහටයි සලකන්නේ..සෝවියට් දේශයේ ජනතා වීරයෙකු වශයෙන් සැලකෙන මුල්ලා නස්රුදීන් චීනයේදී , “අවන්ති” වෙනවා..ග්‍රීසිය, ප්‍රංශය ආදී රටවල නස්රුදින් කතා එරට ජනකතා බවට පත් වී තිබෙනවා..
නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන්න ලෝකයේ රටවල් කීපයක්ම පෙළඹුනත් ., ඔහුගේ සොහොන පවා ප්‍රදර්ශණය කරමින් ඔහු වෙනුවෙන් ලොකු වාර්ෂික අනුස්මරණ උත්සවයක් පවත්වන්න පෙළඹුනේ තුර්කිය විතරයි. ඒ උත්සවය පවත්වන්නේ නස්රුදින් උපන්නා යැයි සැලකෙන “එස්කිෂෙර්” වලයි.
ඉතින් මුල්ලා නස්රුදින් තමන්ගේ අන්තිම විහිලුව හැටියට කමන්ගේ අන්තිම කැමති පත්‍තරේ තමන්ගේ සොහොන සදවන්න කියලා තියෙන්නේ ..,සොහොන ඉදිරියෙන් අතිව්ශාල දොරක් සවි කරලා ඒ දොරට සොයිබ දාලා ඉබි යතුරු දාලා අගුලක් සවි කරන්න කියලයි.කිසි කෙනෙකුට අරින්න බැරි වෙන්න.හැබැයි ඔහු සඳහන් කරලා ති‍යෙන්නේ ඒ සොහොනට ඒ දොර මිසක් බිත්ති මුකුත් එපා කියලයි...
නස්රුදින්ගේ කතන්දර වලින් දෙකතුනක් මට ලියන්න හිතුණා ඔයාලට...සමහර විට අහලත් ඇති ඒ කතන්දර ඔයාලා...



මෙහෙම වෙන්න බැරිද
“මම ආගන්තුක සත්කාර වලට ඉතා කැමති මිනිහෙක්.”..දවසක් නස්රුදින් තේ කඩේදි යාලුවන්ට කිව්වා..
“බොහොම හොඳයි එහෙනම් අද රෑ කෑමට තමුසෙ අපිව ගෙදර එක්කන් යනවා”..එතන හිටපු කෑදරම යාලුවා කිව්වා...
කරන්න දෙයක් නැහැ නස්රුදින් යාලුවන්ව ගෙදර එක්කන් යනවා...ගේ ඉස්සරහ යාලුවන්ව තියලා මම ඉස්සෙල්ලා හාමිනේට කියලා එන්නම් කියලා නස්රුදින් ගේ ඇතුලට යනවා...ඒත් හාමිනේ කියනවා ගේ හරියේ මුකුත්ම උයන්න නැහැ කියලා...නස්රුදින් කියනවා එහෙම බැහැ මම එයාලට කිව්වා මම ආගන්තුක සත්කාර වලට කැමති මිනිහෙක් කියලා..ඒ පාර නස්රුදින්ගේ බිරිඳ උපදෙස් දෙනවා..ඔයා උඩ තට්ටුවට ගිහින් හැංගෙන්න මම කියන්නම් ඔයා ගෙදර නැහැ කියලා..

පැයක් විතර බලන් ඉඳලා යාලුවන්ට ඇති වුණා...ඒ පාර දොරකඩට ඇවිත් දොරට තට්ටු කලා...
බිරිඳ ඇවිත් කිව්වා නස්රුදින් ගෙදර නැහැ කියලා...

“ඒත් අපි දැක්කනේ එයා මේ දොරෙන් ඇතුල් වෙනවා...අපි දොරකඩට වෙලාමනේ හිටියේ අපි දැක්කේ නැහැනේ එයා එලියට යනවා...”
බිරිද නිහඬ වුණා...
ඒත් එතෙක් වෙලා උඩ තට්ටුවේ ජනේලෙන් මේ දිහා බලන් උන්නු නස්රුදින්ට තව දුරටත් කට වහන් ඉන්න බැරිවුණා..ජනේලෙන් පිටතට ඔලුව දැම්ම ඔහු ..
“ඉතින් මට  පිටිපස්ස දොරෙන් එළියට යන්න බැරිද කියලා කෑ ගහලා ඇහුවා...”.

හීන බැලීම
එක රැයක් නස්රුදින් එයාගේ බිරිදව ලොකු කලබලයකින් ඇහැරෙව්වා...
“දුවලා ගිහින් මගේ කණ්ණාඩි දෙක ගෙනත් දෙන්න..මම අපූරු හීනයක් දැක දැක ඉන්නේ..ඒකේ අන්තිම කොටස ටිකක් පැහැදිලි මදි වගේ...”

සිත්ගත් ලඳ
නස්රුදින්ට කසාදයත් ප්‍රශ්ණයක් වුණා..ගෑණු දෙන්නෙක්ම ඔහුගේ අතගන්න ආවා.. ඒ දෙන්නා දවසක් නස්රුදින්ව කොටු කරගෙන වැඩි‍යෙන් ආදරේ කාටද කියලා ඇහුවා...
“එහෙම බැහැ ඕක වෙන විදිහකට අහන්න..මට කරන්න පුල්වන් දෙයක් හැටියට අහන්න.
 "හොඳයි අපි දෙන්නවම ගඟට වැටුනොත් ඔයා බේරාගන්නේ කොයි එක්කෙනාවද ?”ඔවුන් අතරින් වඩා ලස්සන කුඩා යුවතිය ඇසුවා...
නස්රුදින් වහා අනිත් අතට හැරී වඩා පෙහොසත් මහත යුවතියගෙන්
” ඔයාට පීනන්න පුලුවන් නේද සුන්දරිය” කියලා ඇසුවා...

Saturday, October 15, 2011

කාන්තාව නම් වූ ‍හෙයින් ඇය...!!!.









ඉතින්  කොහොමද?
හුග කාලයකින්....


ජරමර අස්සේ බර කරත්ත වුණාට....‍කෙහොම හරි හැමදාම කියවන blogs නම් බැලුවා මම
කමෙන්ට්ස් නොදැම්මට...


සරත් විජේසූරිය මහත්මයගේ පොතක මම කියවපු ....තිබුණු කථාවක් මේ....සිතන්න දෙයක් තියන...ඒ නිසා new post එක ඒ ගැන දාන්න හිතුණා......




එක් පෝලන්ත කම්කරු කාන්තාවක් වෛද්‍යවරෙයක් හමුවට ගියා


දොස්තර මහතාණනි මා පිරික්සන්න.


ආ...! ඔබ පැමිණ ඇත්තේ වැරදි තැනකටයි.මම පශු වෛද්‍යවරයෙක්මි..
මනුෂ්‍යයන්ට ප්‍රතිකාර නොකරමි.


ඒ බව මම දනිමි..දොස්තර මහතාණනි...මට දැනෙන්නේ මම සතෙකු කියායි...


ඒ ඇයි?


මා  උදෑසන අවදිවූ තැන් පටන්ම..ගෙතුල එහා මෙහා යමි...හති හලමින් බල්ලකු නැතිනම් බළලකු වගේ..
මා වැඩට යන්නේ අසෙකුගේ වේගයෙනි...යළි බසයේ එල්ලෙමි වදුරෙකු මෙන්...එද ඔටුවෙකු මෙන් බර පටවාගෙනයි...
එහෙත් මාගේ විවාහය රැකගනු වස් සිංහයෙකු සේ සටන් කරමි...
ඉතින් වැඩ ඇරී මා ගෙදර එනුයේ නිදි අවදි දෙකෙනි..
එවිට...
මගේ සැමියා මෙසේ කියනු මට ඇසේ...
බකමූණෝ අවදි වෙයන්!
ඉතින් මා යළි මනුෂ්‍යයෙකු කළ හැකි මහගු ඔසුවක් ඔබ වෙත නැද්ද....???


ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රකාශනයකින් උපුටා ගත් “වැඩක් නැති ගොවි ගැහැණිය “ යන එස්.ජී . පුංචිහේවා විසින් සිංහලයට නගන ලද ගොවියෙකු සහ වෛද්‍යවරයෙකු අතර සංවාදයක් මෙසේ වේ..


ඔබට දරුවන් සිටිනවාද?
වෛද්‍යවරයා ඇසීය.


අනේ මා හුගාක් අවාසනාවන්තයි දොස්තර මහත්තයො...ඉපදුණු පාලොස් දෙනාගෙන් ජිවත්ව ඉන්නේ නව දෙනයි...


ඔබේ බිරිය වැඩට යනවාද?


නැහැ ඇය ගෙදර. නිකම් ඉන්නවා...


ඉතින් ඈ දවස ගත .කරන්නේ කෙසේද?


ඔන්න උදේ පාන්දරින්ම නැගිටිනවා...ගෙට වතුර හා දර ගේනවා...ළිප ගිනි දල්වා උදේ කෑම පිසිනවා..ඊට පස්සේ ගගට ගිහින් රෙදි සෝදනවා..ඉන් පසු පිටි කොටගෙන ඒමට සහ ගෙදරට අවශ්‍ය බඩු ගෙන ඒමට නගරයට යනවා...ගෙදර ඇවිත් දවල් කෑම සදනවා...


ඔබ දවල්ට කෑමට ගෙදර එනවාද?


නෑ නෑ මට කෑම ටික කුඹුරට ගෙනත් දෙනවා...කුඹුර තියෙන්නේ වැඩි දුරක නොවෙයි...ගෙදර සිට 3 කි.මී  දුර ඇති.


ඉතින් ඊට පස්සේ...


ඊට පස්සේ ගෙදර ඇති කරන කුකුළන්ට සහ ඌරන්ට කෑම දීලා කුකුළු කොටුවෙත් ඌරු කොටුවෙත් වැඩ කරනවා..දරුවන් සියලු දෙනාම  බලා ගන්නවා...මම ගෙදර එන විට රෑ කැම පිළියෙල කර තබනවා.


ඉතින් රෑ කෑමෙන් පසුව ඉස්සෙල්ලා නින්දට යන්නේ කවුද?


පළමුව නින්දට යන්නේ මමයි...ඇයට තව පැය 2 3ක් පමණ අස්පස් කරන්න තියෙනව‍නේ..


ඒත් ඔබ කිව්වනේ ඇය ගෙදර. වැඩ කරන්නේ නැහැ...‍ගෙදර නිකම් ඉන්නවා කියලා


ඇත්ත තමයි ඉතින් මම කිව්වේ එයා ගෙදර නිකම් ඉන්නවා...


----------------------------------------------------------------------------------
______සිතන්න....ඔබ...!!!!