Showing posts with label දෝණිගේ කථා. Show all posts
Showing posts with label දෝණිගේ කථා. Show all posts

Monday, June 13, 2011

දුවට මවක මිස.....



පුංචි කුසුමක් පිපී අවුදින්...
කිරි සුවදමයි ගලා ආවේ.....
ඉහිරෙනා පිණි කැට සිනාසී...
හිරු රැසේ නුඹ ගැනයි ලීවේ.....

මේක මම ලියන්න හිතුවේ ඊයේ අපේ ඉස්සරහා ගෙදර සිදු වුණු සිදුවීමක් නිසා...ඒ ‍ගෙදර හිටියේ අපේ දෝණිගේ වයසේ දුවක්...දවස් 3 කට 4 කට කලින් ඒ ගෙදර අක්කා ඇවිත් කිව්වා ඒ දුව වැඩිවිය පැමිණිලා උත්සවය තියෙන්නේ 13 වෙනිදා. ඒකට එන්න කියලා...අවුරුදු 7 ක් කියන්නේ මොන වයසක්ද දෙවියනේ කියලා ඒක අහපු මගේ හිත එච්චරටම හිරි වැටුනේ මගේ දුවගෙ වයසත් ඒකම නිසා වෙන්නැති...
ඊයේ ඒ ගෙදර ඒ උත්සවය ගත්තේ අහල ගම් 7 කට 8 කට කියලා...අපි ඒ උත්සවයට සහභාගි වුනේ රෑ වෙලා...දුව කෑ ගහනවා අම්මා දැන් කේක් කපලත් ඉවර ඇති කියලා...එයාගේ හිතේ උපන්දින උත්සවයක් කියලා....මිනිස්සු වැල නොකැඩි එද්දි දිගට දිගේ දිලිසෙන ගවුමක් ඇදගෙන ගේ පුරා දුව දුව හිටපු ඒ දුව දකිද්දි මට දැනුනේ පුදුම දුකක්..ඒ වගේම මේ අම්මලා තාත්තලා ගැනත් නොපැහැදීමක්...මේලොකේ දෙයක් නොතේරෙන ඒ අහිංසකී ගේ වටේ සෙනග ගොඩේ දගලනකොට අර අම්මලා තාත්තල වෙන වෙන සිහි වලින් හිටියේ....මම අපේ අම්මලට කිව්වේ අර පොඩි එකීගේ සිද්ධිය මේ මිනිස්සු මෙච්චර පැතිරෙව්වේ ඇයි කියලයි...
ඒ කොහොම වෙතත් පහු ගිය දවස් වල පත්තර බැලුවම මේ ගෙවෙන්නේ පොඩි දරුවන්ට සුභ කාලයක් නොවෙන වගයි මට හිතෙන්නේ....හුගක් කරදර වලට මුල අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල හා නොදැනුවත් කම...දවසක් පත්තර වගයක් බලලා ඒවා වල තිබ්බ දේවල් මගේ හිතට හරි වදයක් වුණා..මොකද අපේ දුවගේ තියෙන්නේ බො‍හොම කුතුහලයට විමසිල්ලට පත් වෙන හිතක් නිසා...එයා බයත් අඩුයි...සමාජශීලී වැඩියි කියලාත් වෙලාවකට මට හිතෙනවා..

.ඒ නිසා මම දුවට කථා කරලා කිව්වා පුතා අම්මා ලග නැතිව කොහෙවත් යන්න එපා...ඔයා අම්මත් එක්ක ඉන්න වෙලාවට අම්මාට පේන මායිමෙන් ඉන්න ඕන හැම තිස්සෙම කියලා...දුවත් ඉතින් කට ඇරගෙන ඉන්නවා...ඒත් මගෙ හිතට එන දේවල් විස්තර කරන්න දුව බො‍හොම පොඩි වැඩී...ඒ වුනත් ...මම කිව්වා පුතේ අපි පිට ගේකට අපේ නෑ ගේකට ගියත් ඔයා කාමර වලට එබෙන්න යන්නෙපා ...විශේෂයෙන් boys ලාගේ කාමර වලට එ‍බෙන්න යන්න එපා කියලා..
ඒ පාර මෙන්න දුව මට කියනවා ඉතින් අම්මා තාත්තාත් boy කෙනෙක්නේ එහෙනම් කියලා...
අනේ ඉතින් මම් කොහොම තේරුම් කරන්නද පුතේ ඔයාට...මේ ලෝකේ හැටි....දුවෙක් ඉන්න හැම අම්මෙකුගේම සිතේ ඒ හැගීම ඇති...දැන් දුවලා නෙවෙයි පුතාලත් ඒ වගේම පරිස්සම් කරන්ගන්න ඕන....මම දුව ව ලගට කරගෙන කුමරි තොටිල්ලෙන් කවි ටිකක් කියලා දුන්නා එයාට ඒ පාර..

උත්තම තලතා දේවී
නුවණින් අගතැන්පත් වී
එනුවණ ලැබ ගන්නට වී
රිය කරපන් සීදේවී...

ඉටු කරනට තම යුතුකම
මැලි නොම වෙමි විටෙක කිසිම...
කියා සිතුම එලෙස කෙරුම..
සිගිති දුවට වැඩකි උරුම...

සිරි සගබෝ දේවි එදා...
අත්තන ගලු කැලේ මැදා..
තම හිමිගේ සිරුර බදා..
වැලපුණි දිවි හිමිට පුදා....

ජාලිය හා ක්‍රිෂ්ණ ජිනා ..‍
දන් දුන් පසු හිමි විසිනා...
මන්ද්‍රි දේවි එබැව දැනා...
දොම්නස පෑවා බැතිනා..

ඛේමා උප්පලවණ්නා..
පටාචාර දම්දින්නා...
බද්ධසෝන මුණි ගෙන්නා..
ගරු තනතුරු ලැබ උන්නා....

Sunday, May 15, 2011

පැහිච්ච කථා



ඔන්න දවසක් අපේ දෝණියි මමයි ගමනක් යනකොට...
කුඹුරක් ගාව ඉන්නවා හරක් දෙන්නෙක්...එතකොට මෙන්න දෝණි එක පාරටම මගෙන් අහනවා..."අම්මා හරකාගේ girl friend ද එළදෙන කියන්නේ" කියලා...
මාත් ඉතින් "හ්ම් හ්ම් " කිව්වා...
*****************************************************




මේ ලගදි දවසක මගේ යාලුවෙක්ගේ wedding එක තිබ්බා... wedding invitation card එක අතට ගත්ත ගමන් මම දෝණියැන්දත් ලග හිටපු නිසා ප්‍රසිද්ධ නිවේදනයක් කලා ඔන්න මම ***** ගේ wedding එකට යනෝ කියලා...මගේ යාලුවා විශ්ව විද්‍යාලෙත් ගිහින් කා එක්කවත් යාලු වුනෙත් නැති නිසා ටිකක් කල් ගියා එයාට මනමාලයෙක් හොයා ගන්න.
 wedding card එක බලන ගමන් දෝණි අහනවා ඒ පාර මගෙන් "අම්මා ***** ආන්ටි boy කෙනෙක් හොයාගෙනද අම්මා" කියලා. මම ඒත් කල්පනා කලේ මේ ලමයි අපේ දුරකථන සංවාද කොච්චර වුවමනාවෙන් අහන් ඉන්නවා ඇතිද කියලයි.
********************************************************


අපේ දෝණි ඇඟසේදුවට පස්සේ කණ්ණාඩිය ගාව ගැවසි ගැවසි විමසිල්ලෙන් එයාගේ ඇඟ පත දිහා බලනවා මම දවස් ගානක් දැක්කා....එහෙම ඉදලා බැරිම තැන .....
මම          -    මොනවද පු‍තේ ඔය සැරින් සැරේ කණ්ණාඩියෙන් බලන්නේ?
දෝණි      -    අම්මා මම මේ මගේ බඩ දිහා බලන්නේ...
මම           -    ඒ මොකෝ ඒ ඇයි බඩට මක් වෙලාද?
දෝණි       -    මම බැලුවේ මගේ බඩ ලොකු වෙලාද කියලා..
මම           -    ඒ ඇයි බඩ ලොකු වෙන්නේ ඔයාගේ?
දෝණි     -   නෑ ඉතින් මම බලාගෙන හිටියේ අම්මාගේ බඩ ලොකු වෙලා මට මල්ලියෙක් හම්බ වෙනකම්..දැන් ඒක වෙන පාටක් නැති නිසා මම මේ බැලුවේ මගේ බඩ ලොකු වෙලා මටවත් මල්ලියෙක් හම්බ වෙයිද කියලා.

Wednesday, March 23, 2011

ඒ සුදු සාරි...

මේ කථාව නම් office එකේ කථාවක් නෙවෙයි....මේක මගේ දුවගේ බොහොම පොඩි කතාවක්.....


එදා හවස ගෙදර ඇවිත් දුවට home work කරන්න කියලා මම මගේ දවසේ වැඩ ටික ඉවර කලා...සමහර එව්වා කරලා අවසන් වෙලා එයා මට පෙන්නුවා....නිදා ගන්න ලැහැස්ති වුනාම මෙන්න මෙයාට අමතක වුණු එකක් මතක් වෙලා නිදි මරගාතේ දඩිබිඩි ගාලා කරලා පොත වහලා නිදා ගන්නයි හැදුවේ...
එයා 2 වසරේ....කරන්න තිබ්බේ 2 වසරේ පන්ති පහේ ම ගුරුවරියන් ටික ඇදලා එයාලගේ නම් ලියන්න..


මම පොත අරන් බැලුවම මට පෙනුනා ඒක කරලා තියෙන්නේ ඉක්මනට ඉවරයක් කරන අරමුණින් කම්මැලි කමින් කියලා එයා...සේරම ගුරුවරියන්ගේ අතපය මුහුණු පාට කරලා තිබ්බත් සාරි නම් එකක් වත් පාට කරලා නැහැ...
මම ඇහුවා... මේ මොකෝ පුතේ ඇයි ඇදුම් පාට කරලා නැත්තේ ඔයාගේ teachers ලාගේ ..එයාලා හරි ලස්සන පාට පාට සාරි අදිනවනේ කියලා....


ආහ් අයියෝ අම්මා ඔයාට ඕකවත් තේරෙන්නැද්ද ? එයාලා ඒ ඇදන් ඉන්නේ සුදු සාරිනේ!!


ඔන්න දුවගේ උත්තරේ....