There was an error in this gadget

Friday, October 21, 2011

නුඹ තරමට......










පිපුණු මලක නැහැ සුවඳක්
නු‍ඹේ සිතේ සුවඳ තරම්....

මල් ‍පෙත්තක කෝ සුවයක්
නු‍ඹේ ලමැදේ සුවය තරම්.....

මලේ රේණු ​රොන් පිරුණත්...
නුඹයි මිහිරි මා හට නම්....

බිඟු නද දී රඟදුන්නත්...
නුඹ තරමට නැහැ දඟයක්....

මේ ලොව  මට නැහැ සුවයක්...
ඔබ මා සිප ගන්න තරම්....

නූතන පටාචාරාවකගේ සිතිවිලි...


අනේ බුදු හාමුදුරුවනේ...
සැමියා හැර ගියද….දරුවන් හැර ගියද
මව්පියන් හැර ගියද….සොහොයුරා හැර ගියද
උමතු වනු නොහැක මට...
(“උභො පුත්තා කාලකතා - පන්ථෙ මය්හං පතී මතො මාතා පිතා ච
භාතා ච - එකවිතකස්මිං ඩය්හරෙ”)
පටාචාරා පැමිණියද
අචිරවතී නදිය තරණය කර
සැවැත් නුවරින්
දෙව්රම් වෙහෙරට..
උමතු වී නිරුවතින්...
..කෙසේ නම් පැමිනෙන්නේ ද අද දින
තිරිසනුන් ලෙසින් හැසිරෙන
මිනිසුන් පැමිණ ඇදගෙන
යාවි කැළයට මා ..
කරයි නෙක අතවර...
එසේත් අවසන්ව
පැමිණිය හොත් පණ නල රැකගෙන
ඔබ වහන්සේ අසල හිඳ
දොහොත් මුදුන් දී සාධුකාර දෙන
උපාසක ඇත්තියක් ඇයගේ..
උතුරු සළුව මවෙත නොම දී
මුමුණාවි සභයට..
නොදකින් අවලමී ආවාද කෙලෙසක මෙතනට..
වහා ගෙන යව් පොලීසියට..
එහෙයින් උමතු වන්නට බයයි මට.......!!!!
ඔබ වහන්සේත් නැති කොට.....

(පටාචාරා තෙරණින් වහන්සේ විනයධර මෙහෙණින් අතරින් අගතැන්පත් වූහ...)

නුඹට පෙම් කරනු බැහැ....



සඳට පෙම් බඳිනු බැහැ
විඳිනු කෙලෙසක
අමාවක රැයක
ඝනඳුර...

හිරුට පෙම් බඳිනු බැහැ...
විඳිනු කෙලෙසක
හද දවාලන
ගිනියම....

මලට පෙම් බඳිනු බැහැ...
රකිනු කෙලෙසක
ගිලිහෙන කලට
නටුවෙන....

නුඹට පෙම් කරනු බැහැ...
විඳිනු කෙලෙසක
හැරගිය දාක
තනිකම......

Thursday, October 20, 2011

මගේ පණ




සඳත් නුඔයි...
හිරුත් නුඔයි....
මගේ සිතේ
එළිය නුඹයි.....

ගසත් නුඹයි....
සෙවණ නුඹයි...
මගේ සිතට
සිසිල නුඹයි.....

කුසුම නුඹයි..
බිඟුත් නුඔයි....
මගේ හදට
සුවඳ නුඹයි....

කඳුල නුඹයි..
සතුට නුඹයි....
හැඟුම් හදේ
නුඹට තමයි...

පෙමත් නුඹෙයි...
මමත් නුඹෙයි...
මගේ පණත්
නුඹේ තමයි....!

Wednesday, October 19, 2011

ප්‍රමාදයි....!





නුඹේ ඒ ඇස්වල
තරු කැට දිස්නය දුටුවාම
මම සිතුවා...ආදරෙයි කියලා...
නුඹ මට.....


නුඔ මා සොයාගෙන ඇවිත්
මගේ ඇස් වලට එබිලා 
ආදරෙයි කිව්වහම....
මම සිතුවා ....ඇත්තටම 
ආදරේ කියන්නේ
මේ හැඟීමටයි කියලා..


ඒත් ....
නුඹ රතැසි නෙතඟින් රවා...
මා වෙත පැන
මට පහර දෙන විට....
නුඹ මා තුරුලු කරගත්
ඒ අත් දෙකින්ම....


මම ඉඳුරාම පසක් කළා...
ඒ ආදරේ නෙවෙයි කියලා...
ඇත්තටම මම දැක්කේ 
නුඹේ ඇස් වලින් එදා....


මම ඉඳුරාම පසක් කර ගත්තා...
ජීවිතේ... කවම කවදාකදිවත්...
ජීවිතේ .....එකම එක මොහොතකදිවත්...
නුඹ මට ආදරය නොකළ බව...


ඒත්...එතකොට...
ආදරය හඳුනාගන්න ...පමා වැඩියි මම...!!!

Tuesday, October 18, 2011

කුවේණී....!!(හෙවත් කාන්තාව)




සියතින්ම කපු පිළී ගොතන්නී....
රැජිණක්ව රූ සිරින් දිලෙන්නී....
පිරිවරත් සමග සැරි සරන්නී...
යහගුණෙන් සෝබනව හිදින්නී.....


පිටුවහල් විජය දැක මුලාවට වැටෙන්නී...
නෑ සියන් සියල්ලන් පරදුවට තබන්නී...
හදවතද රජකමද ගෙන ඔහුට පුදන්නී...
ජිව්හත් දිසාලාගේ මව් පදවි ලබන්නී....


රජකමද හදවත ද අහිමිවී හඬන්නී....
දරුවන්ද ගෙන මගට බසින්නී....
රැජිණක්ව මාවතේ සරන්නී...
නෑ සියන් අවුල ගින්නෙන් දැවි දැවී මියෙන්නී...


සදාකල් හදවතම පුදන්නී.....
සදාකල් මුලාවට වැටෙන්නී.....
සදාකල් දරුවන්ද රකින්නී....
සදාකල් ගින්නෙන්ම දැවෙන්නී.....

උඔ



ඒක නෙවෙයි....මම අහන්නේ...යාළුවෝ වුණාම...විශේෂයෙන් පරණ යාළුවෙක් වුණාම “උඔ“ කියලා කථා කරන එක වැරදිද????

මෙහෙම කියන්නේ මට වුණු දෙයක් නිසාමයි...

මුහුණු පොතෙන් පාසල් ජීවිතේ මිතුරු මිතුරියන් හුඟක් දෙනෙක් මුණ ගැසුණා....හැමෝම ජාත්‍යන්තරව විසිරිලා නෙ දැන්....මට මගේ පාසල් ජීවිතය පාසල් 5 ක ගෙවන්න සිදු වුණු නිසා...ඇත්තටම පොඩිම කාලේ කට්ටියත්  එකට එකතු වුණා...වෙලාවකට පාසල් ජීවිතයට නැවත යනවා වගේ ඔවුනොවුන් හා කථාබස් කිරීම...එහෙම නේද???

ඔන්න ඉතින් අහන්නකෝ මට වෙච්චි ඇබැද්දිය.....!

මම ඉතින් ශිෂ්‍යත්වය සමත් වෙලා ගියානේ ඔය නුගේගොඩ පැත්තේ බාලිකා පාසලකට...මුහුණු පොතෙන් friends request එකක් ඇවිත් තිබුණා ඒ පාසලේ මාත් එක්ක එක පංතියේ හිටපු එකියෙක්ගෙන්....ඒත් ඒකේ එයාගෙයි එයාගේ මහත්තයාගෙයි නම් දෙකම කෙටි කරලා ඒ දෙක එකතු කරලා වෙන නමකින් පෙනී සිටිය නිසා...ටික දවසක් මේ එයාමද කියලා බලලා තහවුරු කරගත්තට පස්සේ තමා මම ඒ  request   එක  accept කලේ....

දවස් 2 ක් 3ක්ම මෙයා on line හිටියා මාත් එක්ක chat කලා....ඇත්තටම එතකොට ඉතින් තමා මට හරියටම මතක් වුනේ යටගියාව...මුහුණු පොතේ විදිහට හරිම ලස්සන පැටව් දෙන්නෙක්ගෙම අම්මෙක් දැන් ඒ කාලේ මම දැකපු කෙල්ල....බැඳලා තියෙන්නේ සිංගප්පූරුවෙම ජීවත් වුණකෙනෙක්...ම‍ගේ යෙහෙළිය සිංගප්පූරු සවාරියක් ගිය වෙලාවකලු එයාගේ මහත්තයා එයාට මුණ ගැසුනේ...ඒ විස්තරත් මා එක්ක එයා කථා කළා...


ඉතින් මේ යාලුවා දවස් ගාණක් තිස්සේ status වල life meaning කරගෙන  දානවා එකම වාගේ ලස්සන verses...මාත් ඒවට comments දැම්මා....ඒත් දැන් දවස් දෙකකට විතර කලින් දාපු verse එකක් මට  පුරුදු වගේ නිසා මම විහිලුවට වගේ ඇහුවා...උඹ කොහෙන්ද මෙව්වා   copy කරගන්නේ කියලා....මෙන්න මේක ඇහුවයින් පස්සේ මේකිට අසූහාරදාහට නැගපි...ඒත් ඒක ගියේ "උඹ"කියන වචනේ පිටින්නේ....මෙයා දැන් මට කියනවා  "උඹ" කියන්නේ නරක වචනයක් ලු...එයාගේ සමාජේ දැන් ඒ වචනේ නැහැයිලු...එයාගේ මහත්තයාවත් යාලුවෙකුටවත් එහෙම කථා කරන්නේ නැහැයිලු..ඒ අසසේම කිව්වා එයාට   කාගෙන්වත් copy කරගන්න ඕනෙත් නැහැයිලු...එයාමලු ඒවා හිතලා දාන්නේ එයාගේ lifeඑක successful ලු...ඒ නිසාලු එයාට එහෙම හිතෙන්නේ...අරවද මෙව්වද එලෝකෝටියයි...මම ඉතින් sorry  කියලා සමාව භජනයත් කලා...ඔන්න ටික වෙලාවකින් මේකි ඇවිත් කියනවා      මගේ FB  record එකේ විදිහට මම FB   ඉන්නේ 2009 ඉදලා එයාගේ FB  recordඑක 2006 ඉඳලා තියෙන්නේ කියලා...මම කිව්වා record ගැන කියනවනම් ඔයාට මතක ඇති මම හැමදාම පංතියේ  3 වැනියත් 5 වෙනියත් අතර හිටියා...ඒත් ඔයා හිටියේ හැමදාම අනුන්ගෙන් copy කරපු පංතියේ අන්තිම වෙන ලමයි ගොඩේ නේ...මට දැනුයි ඒක මතක් වුනෙත්  කියලා....






ඒ පාර කියනවා මතකය කියන්නේ එක දෙයක්ලු..දැන් එයා කවුද කියලා මම තාම දන්නැහැයිලු...ඔන්න ඒ පාර මම කිව්වා...සමාවෙන්න මම දන්නැති අයගේ request accept  කරන්නේ නැහැ sorry i have to remove you...කියලා....මම එහෙම කළා....




ඔන්න ඕකයි සිද්ධිය....විහිලුවක් වගේ නේද?ඒත් ඇත්තටම මට එහෙම යාලුවෙකුත් මුණ ගැහුණානේ මුහුණු පොත නිසා හැබෑටම....!!!!


ඒත් ඇත්තටම යාලුවෙකුට උඹ කියන එක වැරදිද?ඒක  හරි නැද්ද? කථා කරන කොට පරිස්සම් වෙන්න ඕන..නැත්නම් රටේ ලෝකේ එවුන්ගෙන් අවලාද අහන්නයි වෙන්නේ ඔන්න!!!!

Saturday, October 15, 2011

කාන්තාව නම් වූ ‍හෙයින් ඇය...!!!.









ඉතින්  කොහොමද?
හුග කාලයකින්....


ජරමර අස්සේ බර කරත්ත වුණාට....‍කෙහොම හරි හැමදාම කියවන blogs නම් බැලුවා මම
කමෙන්ට්ස් නොදැම්මට...


සරත් විජේසූරිය මහත්මයගේ පොතක මම කියවපු ....තිබුණු කථාවක් මේ....සිතන්න දෙයක් තියන...ඒ නිසා new post එක ඒ ගැන දාන්න හිතුණා......




එක් පෝලන්ත කම්කරු කාන්තාවක් වෛද්‍යවරෙයක් හමුවට ගියා


දොස්තර මහතාණනි මා පිරික්සන්න.


ආ...! ඔබ පැමිණ ඇත්තේ වැරදි තැනකටයි.මම පශු වෛද්‍යවරයෙක්මි..
මනුෂ්‍යයන්ට ප්‍රතිකාර නොකරමි.


ඒ බව මම දනිමි..දොස්තර මහතාණනි...මට දැනෙන්නේ මම සතෙකු කියායි...


ඒ ඇයි?


මා  උදෑසන අවදිවූ තැන් පටන්ම..ගෙතුල එහා මෙහා යමි...හති හලමින් බල්ලකු නැතිනම් බළලකු වගේ..
මා වැඩට යන්නේ අසෙකුගේ වේගයෙනි...යළි බසයේ එල්ලෙමි වදුරෙකු මෙන්...එද ඔටුවෙකු මෙන් බර පටවාගෙනයි...
එහෙත් මාගේ විවාහය රැකගනු වස් සිංහයෙකු සේ සටන් කරමි...
ඉතින් වැඩ ඇරී මා ගෙදර එනුයේ නිදි අවදි දෙකෙනි..
එවිට...
මගේ සැමියා මෙසේ කියනු මට ඇසේ...
බකමූණෝ අවදි වෙයන්!
ඉතින් මා යළි මනුෂ්‍යයෙකු කළ හැකි මහගු ඔසුවක් ඔබ වෙත නැද්ද....???


ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රකාශනයකින් උපුටා ගත් “වැඩක් නැති ගොවි ගැහැණිය “ යන එස්.ජී . පුංචිහේවා විසින් සිංහලයට නගන ලද ගොවියෙකු සහ වෛද්‍යවරයෙකු අතර සංවාදයක් මෙසේ වේ..


ඔබට දරුවන් සිටිනවාද?
වෛද්‍යවරයා ඇසීය.


අනේ මා හුගාක් අවාසනාවන්තයි දොස්තර මහත්තයො...ඉපදුණු පාලොස් දෙනාගෙන් ජිවත්ව ඉන්නේ නව දෙනයි...


ඔබේ බිරිය වැඩට යනවාද?


නැහැ ඇය ගෙදර. නිකම් ඉන්නවා...


ඉතින් ඈ දවස ගත .කරන්නේ කෙසේද?


ඔන්න උදේ පාන්දරින්ම නැගිටිනවා...ගෙට වතුර හා දර ගේනවා...ළිප ගිනි දල්වා උදේ කෑම පිසිනවා..ඊට පස්සේ ගගට ගිහින් රෙදි සෝදනවා..ඉන් පසු පිටි කොටගෙන ඒමට සහ ගෙදරට අවශ්‍ය බඩු ගෙන ඒමට නගරයට යනවා...ගෙදර ඇවිත් දවල් කෑම සදනවා...


ඔබ දවල්ට කෑමට ගෙදර එනවාද?


නෑ නෑ මට කෑම ටික කුඹුරට ගෙනත් දෙනවා...කුඹුර තියෙන්නේ වැඩි දුරක නොවෙයි...ගෙදර සිට 3 කි.මී  දුර ඇති.


ඉතින් ඊට පස්සේ...


ඊට පස්සේ ගෙදර ඇති කරන කුකුළන්ට සහ ඌරන්ට කෑම දීලා කුකුළු කොටුවෙත් ඌරු කොටුවෙත් වැඩ කරනවා..දරුවන් සියලු දෙනාම  බලා ගන්නවා...මම ගෙදර එන විට රෑ කැම පිළියෙල කර තබනවා.


ඉතින් රෑ කෑමෙන් පසුව ඉස්සෙල්ලා නින්දට යන්නේ කවුද?


පළමුව නින්දට යන්නේ මමයි...ඇයට තව පැය 2 3ක් පමණ අස්පස් කරන්න තියෙනව‍නේ..


ඒත් ඔබ කිව්වනේ ඇය ගෙදර. වැඩ කරන්නේ නැහැ...‍ගෙදර නිකම් ඉන්නවා කියලා


ඇත්ත තමයි ඉතින් මම කිව්වේ එයා ගෙදර නිකම් ඉන්නවා...


----------------------------------------------------------------------------------
______සිතන්න....ඔබ...!!!!