Tuesday, October 18, 2011
කුවේණී....!!(හෙවත් කාන්තාව)
සියතින්ම කපු පිළී ගොතන්නී....
රැජිණක්ව රූ සිරින් දිලෙන්නී....
පිරිවරත් සමග සැරි සරන්නී...
යහගුණෙන් සෝබනව හිදින්නී.....
පිටුවහල් විජය දැක මුලාවට වැටෙන්නී...
නෑ සියන් සියල්ලන් පරදුවට තබන්නී...
හදවතද රජකමද ගෙන ඔහුට පුදන්නී...
ජිව්හත් දිසාලාගේ මව් පදවි ලබන්නී....
රජකමද හදවත ද අහිමිවී හඬන්නී....
දරුවන්ද ගෙන මගට බසින්නී....
රැජිණක්ව මාවතේ සරන්නී...
නෑ සියන් අවුල ගින්නෙන් දැවි දැවී මියෙන්නී...
සදාකල් හදවතම පුදන්නී.....
සදාකල් මුලාවට වැටෙන්නී.....
සදාකල් දරුවන්ද රකින්නී....
සදාකල් ගින්නෙන්ම දැවෙන්නී.....
Subscribe to:
Post Comments (Atom)
ජාතිය විජාතීය හොරැ හට විකුණාපු
ReplyDeleteයක් හෙළ පරපුරේ නාමය වළලාපු
අදටත් අමාරැයි ජාතිය ගොඩට ගනු
කුවේණිය ඇයයි අප ණය කරාපූ
දරු පැටව් හදන්නී
ReplyDeleteප්‍රිය හිමිද රකින්නී
මහමෙර සේම නොසැලී
සියලු දුක් දරන්නී
දයාවෙන් ලොව බලන්නී
ගිනිගත් හදවත් නිවන්නී
සිසිල ලොවටම බෙදන්නී
නුඹයි සොයුරියෙ කුවේණී
දයා සිසිලස බෙදන්නී...
ReplyDeleteසදා අවමන් විඳින්නී..