Friday, October 21, 2011

නුඹට පෙම් කරනු බැහැ....



සඳට පෙම් බඳිනු බැහැ
විඳිනු කෙලෙසක
අමාවක රැයක
ඝනඳුර...

හිරුට පෙම් බඳිනු බැහැ...
විඳිනු කෙලෙසක
හද දවාලන
ගිනියම....

මලට පෙම් බඳිනු බැහැ...
රකිනු කෙලෙසක
ගිලිහෙන කලට
නටුවෙන....

නුඹට පෙම් කරනු බැහැ...
විඳිනු කෙලෙසක
හැරගිය දාක
තනිකම......

4 comments:

  1. ඇත්ත වෙන් උන දවසට තනිකම දරාගන්න හරිම අමාරුයි..

    ReplyDelete
  2. සඳට පෙම් බඳිනු බැරි ඇයි අමාවක හින්දාම
    හිරුට පෙම් බඳිනු බැරි ඇයි දහවල හින්දාම
    මලට පෙම් බඳිනු බැරි ඇයි ගිලිහෙන හින්දාම
    ඔහු‍ට පෙම් බඳිනු බැරි ඇයි හැරයන හින්දාම

    ඔහු

    ReplyDelete
  3. සඳක් නෙවෙයි නුඹ සිසිලක් දැනුනත්..
    මලක් නෙවෙයි නුඹ සුවඳක් තිබුණත්..
    හිරුත් නෙවෙයි නුඹ උණුසුම වින්දත්...
    සඳ හිරු මල් නොව මට නුඹ නුඹමයි..
    සුවඳත් සිසිලත් දෙන ජීවිතයට...

    ReplyDelete
  4. සදක් වෙලා සිසිලස හැම සලන්නයි
    හිරු තුරුලේ හිරු උණුසුම ලබන්නයි
    මලක් වෙලා සුවදින් මත් කරන්නයි
    ජීවිතයට පෙම් කිරුලක් දමන්නයි

    කව්ද බෝයි

    ReplyDelete