Tuesday, October 18, 2011

උඔ



ඒක නෙවෙයි....මම අහන්නේ...යාළුවෝ වුණාම...විශේෂයෙන් පරණ යාළුවෙක් වුණාම “උඔ“ කියලා කථා කරන එක වැරදිද????

මෙහෙම කියන්නේ මට වුණු දෙයක් නිසාමයි...

මුහුණු පොතෙන් පාසල් ජීවිතේ මිතුරු මිතුරියන් හුඟක් දෙනෙක් මුණ ගැසුණා....හැමෝම ජාත්‍යන්තරව විසිරිලා නෙ දැන්....මට මගේ පාසල් ජීවිතය පාසල් 5 ක ගෙවන්න සිදු වුණු නිසා...ඇත්තටම පොඩිම කාලේ කට්ටියත්  එකට එකතු වුණා...වෙලාවකට පාසල් ජීවිතයට නැවත යනවා වගේ ඔවුනොවුන් හා කථාබස් කිරීම...එහෙම නේද???

ඔන්න ඉතින් අහන්නකෝ මට වෙච්චි ඇබැද්දිය.....!

මම ඉතින් ශිෂ්‍යත්වය සමත් වෙලා ගියානේ ඔය නුගේගොඩ පැත්තේ බාලිකා පාසලකට...මුහුණු පොතෙන් friends request එකක් ඇවිත් තිබුණා ඒ පාසලේ මාත් එක්ක එක පංතියේ හිටපු එකියෙක්ගෙන්....ඒත් ඒකේ එයාගෙයි එයාගේ මහත්තයාගෙයි නම් දෙකම කෙටි කරලා ඒ දෙක එකතු කරලා වෙන නමකින් පෙනී සිටිය නිසා...ටික දවසක් මේ එයාමද කියලා බලලා තහවුරු කරගත්තට පස්සේ තමා මම ඒ  request   එක  accept කලේ....

දවස් 2 ක් 3ක්ම මෙයා on line හිටියා මාත් එක්ක chat කලා....ඇත්තටම එතකොට ඉතින් තමා මට හරියටම මතක් වුනේ යටගියාව...මුහුණු පොතේ විදිහට හරිම ලස්සන පැටව් දෙන්නෙක්ගෙම අම්මෙක් දැන් ඒ කාලේ මම දැකපු කෙල්ල....බැඳලා තියෙන්නේ සිංගප්පූරුවෙම ජීවත් වුණකෙනෙක්...ම‍ගේ යෙහෙළිය සිංගප්පූරු සවාරියක් ගිය වෙලාවකලු එයාගේ මහත්තයා එයාට මුණ ගැසුනේ...ඒ විස්තරත් මා එක්ක එයා කථා කළා...


ඉතින් මේ යාලුවා දවස් ගාණක් තිස්සේ status වල life meaning කරගෙන  දානවා එකම වාගේ ලස්සන verses...මාත් ඒවට comments දැම්මා....ඒත් දැන් දවස් දෙකකට විතර කලින් දාපු verse එකක් මට  පුරුදු වගේ නිසා මම විහිලුවට වගේ ඇහුවා...උඹ කොහෙන්ද මෙව්වා   copy කරගන්නේ කියලා....මෙන්න මේක ඇහුවයින් පස්සේ මේකිට අසූහාරදාහට නැගපි...ඒත් ඒක ගියේ "උඹ"කියන වචනේ පිටින්නේ....මෙයා දැන් මට කියනවා  "උඹ" කියන්නේ නරක වචනයක් ලු...එයාගේ සමාජේ දැන් ඒ වචනේ නැහැයිලු...එයාගේ මහත්තයාවත් යාලුවෙකුටවත් එහෙම කථා කරන්නේ නැහැයිලු..ඒ අසසේම කිව්වා එයාට   කාගෙන්වත් copy කරගන්න ඕනෙත් නැහැයිලු...එයාමලු ඒවා හිතලා දාන්නේ එයාගේ lifeඑක successful ලු...ඒ නිසාලු එයාට එහෙම හිතෙන්නේ...අරවද මෙව්වද එලෝකෝටියයි...මම ඉතින් sorry  කියලා සමාව භජනයත් කලා...ඔන්න ටික වෙලාවකින් මේකි ඇවිත් කියනවා      මගේ FB  record එකේ විදිහට මම FB   ඉන්නේ 2009 ඉදලා එයාගේ FB  recordඑක 2006 ඉඳලා තියෙන්නේ කියලා...මම කිව්වා record ගැන කියනවනම් ඔයාට මතක ඇති මම හැමදාම පංතියේ  3 වැනියත් 5 වෙනියත් අතර හිටියා...ඒත් ඔයා හිටියේ හැමදාම අනුන්ගෙන් copy කරපු පංතියේ අන්තිම වෙන ලමයි ගොඩේ නේ...මට දැනුයි ඒක මතක් වුනෙත්  කියලා....






ඒ පාර කියනවා මතකය කියන්නේ එක දෙයක්ලු..දැන් එයා කවුද කියලා මම තාම දන්නැහැයිලු...ඔන්න ඒ පාර මම කිව්වා...සමාවෙන්න මම දන්නැති අයගේ request accept  කරන්නේ නැහැ sorry i have to remove you...කියලා....මම එහෙම කළා....




ඔන්න ඕකයි සිද්ධිය....විහිලුවක් වගේ නේද?ඒත් ඇත්තටම මට එහෙම යාලුවෙකුත් මුණ ගැහුණානේ මුහුණු පොත නිසා හැබෑටම....!!!!


ඒත් ඇත්තටම යාලුවෙකුට උඹ කියන එක වැරදිද?ඒක  හරි නැද්ද? කථා කරන කොට පරිස්සම් වෙන්න ඕන..නැත්නම් රටේ ලෝකේ එවුන්ගෙන් අවලාද අහන්නයි වෙන්නේ ඔන්න!!!!

6 comments:

  1. ගෙම්බන්ගෙ කරේ රත්තරන් බැන්දමත් ඔය වගේ අමුතු ආතල් ගන්නවලු නේද? යාලුවෙක්ට මචන්, බං බොලං කියන්නෙ නැති සමාජයක් මොකටද අප්පා..... පිස්සු කෝච්චියක්ද කොහෙද.....

    ReplyDelete
  2. අයියෝ...ගෙම්බෝ නෙවෙයි කටුස්සන්ගේ කරේ.....

    ReplyDelete
  3. යාළුවෙක්ට ඔහොම කතා නොකර වෙන කාට ඔහොම කතා කරන්නද..

    ReplyDelete
  4. පඩ සෝබනේ... මටනම් ඔයවගේ උන් පෙන්නන්න බෑ... හැක හැක.. වෙලාවට මට ඔය වගේ එක්කෙන්ක් අහු උනේ නැත්තෙ... බඩකපාගෙන මැරේවි මම කියන ඒවට..

    ReplyDelete
  5. කව්ද අනේ ....මම දන්න කෙනෙක්ද මේ?

    ReplyDelete
  6. යාලුවෙක් ගිය උඩ කිව්වලු ??

    ReplyDelete