Saturday, October 15, 2011

කාන්තාව නම් වූ ‍හෙයින් ඇය...!!!.









ඉතින්  කොහොමද?
හුග කාලයකින්....


ජරමර අස්සේ බර කරත්ත වුණාට....‍කෙහොම හරි හැමදාම කියවන blogs නම් බැලුවා මම
කමෙන්ට්ස් නොදැම්මට...


සරත් විජේසූරිය මහත්මයගේ පොතක මම කියවපු ....තිබුණු කථාවක් මේ....සිතන්න දෙයක් තියන...ඒ නිසා new post එක ඒ ගැන දාන්න හිතුණා......




එක් පෝලන්ත කම්කරු කාන්තාවක් වෛද්‍යවරෙයක් හමුවට ගියා


දොස්තර මහතාණනි මා පිරික්සන්න.


ආ...! ඔබ පැමිණ ඇත්තේ වැරදි තැනකටයි.මම පශු වෛද්‍යවරයෙක්මි..
මනුෂ්‍යයන්ට ප්‍රතිකාර නොකරමි.


ඒ බව මම දනිමි..දොස්තර මහතාණනි...මට දැනෙන්නේ මම සතෙකු කියායි...


ඒ ඇයි?


මා  උදෑසන අවදිවූ තැන් පටන්ම..ගෙතුල එහා මෙහා යමි...හති හලමින් බල්ලකු නැතිනම් බළලකු වගේ..
මා වැඩට යන්නේ අසෙකුගේ වේගයෙනි...යළි බසයේ එල්ලෙමි වදුරෙකු මෙන්...එද ඔටුවෙකු මෙන් බර පටවාගෙනයි...
එහෙත් මාගේ විවාහය රැකගනු වස් සිංහයෙකු සේ සටන් කරමි...
ඉතින් වැඩ ඇරී මා ගෙදර එනුයේ නිදි අවදි දෙකෙනි..
එවිට...
මගේ සැමියා මෙසේ කියනු මට ඇසේ...
බකමූණෝ අවදි වෙයන්!
ඉතින් මා යළි මනුෂ්‍යයෙකු කළ හැකි මහගු ඔසුවක් ඔබ වෙත නැද්ද....???


ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රකාශනයකින් උපුටා ගත් “වැඩක් නැති ගොවි ගැහැණිය “ යන එස්.ජී . පුංචිහේවා විසින් සිංහලයට නගන ලද ගොවියෙකු සහ වෛද්‍යවරයෙකු අතර සංවාදයක් මෙසේ වේ..


ඔබට දරුවන් සිටිනවාද?
වෛද්‍යවරයා ඇසීය.


අනේ මා හුගාක් අවාසනාවන්තයි දොස්තර මහත්තයො...ඉපදුණු පාලොස් දෙනාගෙන් ජිවත්ව ඉන්නේ නව දෙනයි...


ඔබේ බිරිය වැඩට යනවාද?


නැහැ ඇය ගෙදර. නිකම් ඉන්නවා...


ඉතින් ඈ දවස ගත .කරන්නේ කෙසේද?


ඔන්න උදේ පාන්දරින්ම නැගිටිනවා...ගෙට වතුර හා දර ගේනවා...ළිප ගිනි දල්වා උදේ කෑම පිසිනවා..ඊට පස්සේ ගගට ගිහින් රෙදි සෝදනවා..ඉන් පසු පිටි කොටගෙන ඒමට සහ ගෙදරට අවශ්‍ය බඩු ගෙන ඒමට නගරයට යනවා...ගෙදර ඇවිත් දවල් කෑම සදනවා...


ඔබ දවල්ට කෑමට ගෙදර එනවාද?


නෑ නෑ මට කෑම ටික කුඹුරට ගෙනත් දෙනවා...කුඹුර තියෙන්නේ වැඩි දුරක නොවෙයි...ගෙදර සිට 3 කි.මී  දුර ඇති.


ඉතින් ඊට පස්සේ...


ඊට පස්සේ ගෙදර ඇති කරන කුකුළන්ට සහ ඌරන්ට කෑම දීලා කුකුළු කොටුවෙත් ඌරු කොටුවෙත් වැඩ කරනවා..දරුවන් සියලු දෙනාම  බලා ගන්නවා...මම ගෙදර එන විට රෑ කැම පිළියෙල කර තබනවා.


ඉතින් රෑ කෑමෙන් පසුව ඉස්සෙල්ලා නින්දට යන්නේ කවුද?


පළමුව නින්දට යන්නේ මමයි...ඇයට තව පැය 2 3ක් පමණ අස්පස් කරන්න තියෙනව‍නේ..


ඒත් ඔබ කිව්වනේ ඇය ගෙදර. වැඩ කරන්නේ නැහැ...‍ගෙදර නිකම් ඉන්නවා කියලා


ඇත්ත තමයි ඉතින් මම කිව්වේ එයා ගෙදර නිකම් ඉන්නවා...


----------------------------------------------------------------------------------
______සිතන්න....ඔබ...!!!!

5 comments:

  1. මීටත් වඩා ඉතින් තව මොනවා කරන්නද අප්පා...

    ReplyDelete
  2. අනේ නංගියේ , මේ වගේ කොපමණ අය ඉන්නවාද? ගෙදරක ස්වල්ප වැඩ කොටසක් කරන්න තියෙනවාද? බෙදා ගැනීමක් නොමැති තැනක තනියම බර අදින්න එපායැ. කිසිම පිළිගැනීමක් නම් නෑ, ස්වාමියාගෙන්. එහෙම අය ලෝකෙ හරියට ඉන්නවා. අප්‍රිකානු ගොවි බිම් වල වැඩ කරන කාන්තාවො හරියට මේ විදිහට අසාධාරන කම් වලට ලක්වෙනවා. පිරිමි ඒ අයගෙ ඕනෑ එපා කම් වලට ඒ අය කැමති උනේ නැතිනම් වෙන ගෑනු පස්සේ යනවා. අසාධාරන ලෝකෙ.

    ReplyDelete
  3. @ Dinesh - ඒ කියන්නේ ඔයා දැනටමත් වැඩ ගොඩක් කරනවා වගෙයි...මේක සංවේදී නොවෙන සැමියන්ටනේ කිව්වේ...

    @ Chandi - ඔව් අක්කේ අසාධාරණයට හැම තිස්සේම කාන්තාවම ලක්වෙන්නේ ඇයි?

    ReplyDelete
  4. අම්මෝ ජීවිතේ වැඩිම වැඩ කොටසක් කරන්නේ කාන්තාවෝ කියන එක මේ කතා දෙකෙන් නම් හොඳටම තේරුණා. ඒක නිසාමයි මමත් පුලු පුලුවන් විදිහට මගේ වැඩ කරගෙන ඒ වාගේම පුලුවන් විදිහට අම්මගේ වැඩවලට උදව් දෙන්නේ......

    ReplyDelete
  5. @ Hasitha-That's good...එහෙම නේන්නම් ඉන්න ඕනේ ...දැන් විතරක් නෙවෙයි පසුවටත්!

    ReplyDelete