මේ කථාව නම් office එකේ කථාවක් නෙවෙයි....මේක මගේ දුවගේ බොහොම පොඩි කතාවක්.....
එදා හවස ගෙදර ඇවිත් දුවට home work කරන්න කියලා මම මගේ දවසේ වැඩ ටික ඉවර කලා...සමහර එව්වා කරලා අවසන් වෙලා එයා මට පෙන්නුවා....නිදා ගන්න ලැහැස්ති වුනාම මෙන්න මෙයාට අමතක වුණු එකක් මතක් වෙලා නිදි මරගාතේ දඩිබිඩි ගාලා කරලා පොත වහලා නිදා ගන්නයි හැදුවේ...
එයා 2 වසරේ....කරන්න තිබ්බේ 2 වසරේ පන්ති පහේ ම ගුරුවරියන් ටික ඇදලා එයාලගේ නම් ලියන්න..
මම පොත අරන් බැලුවම මට පෙනුනා ඒක කරලා තියෙන්නේ ඉක්මනට ඉවරයක් කරන අරමුණින් කම්මැලි කමින් කියලා එයා...සේරම ගුරුවරියන්ගේ අතපය මුහුණු පාට කරලා තිබ්බත් සාරි නම් එකක් වත් පාට කරලා නැහැ...
මම ඇහුවා... මේ මොකෝ පුතේ ඇයි ඇදුම් පාට කරලා නැත්තේ ඔයාගේ teachers ලාගේ ..එයාලා හරි ලස්සන පාට පාට සාරි අදිනවනේ කියලා....
ආහ් අයියෝ අම්මා ඔයාට ඕකවත් තේරෙන්නැද්ද ? එයාලා ඒ ඇදන් ඉන්නේ සුදු සාරිනේ!!
ඔන්න දුවගේ උත්තරේ....
කවුද ළමයෙක්ට මාළු දැලක් අදින මිනිස්සු අදින්න කියපුවාම ළමයා ඒ දැල පොල් ගහක බැඳලා තියෙනවා ඇන්දලු. සර් ඇහුවාම කෝ ළමයෝ මේක අදින මිනිස්සු කියලා ළමයා කිව්වාලු අනේ සර් ඒ මිනිස්සු දැල ගහක බැඳලා තේ බොන්න ගිහින් කියලා
ReplyDeleteහී හී මේ ඒ වගේ තව කථාවක්..මේක අපි දේශණයකට ගියාම කිව්වේ..ඒත් ලමයින්ට කිව්වම කැළෑවක් අදින්න කියලා..එක ලමයෙක් මුලු කොලේම නලු පාට කරලා..යට පුංචි පුංචි රතු තිත් තියලා ..උඩින් හද පලුවකුත් ඇදලාලු..ඉතින් ගුරුතුමා ඇහුවලු කෝ පුතේ කැළෑවක් නම්.ගස් වැල් සත්තු කියලා...එතකොට ලමයා කියනවලු මේ කැලෑවට රෑ වෙලා සත්තු නිදි ..ඒකයි කියලා...එතකොට මේ රතු තිත් ඇයි කියලා ඇහුවම කියනවලු..මේ රෑ හොරෙන්ම කොටියෙක් ඇවිත් නිදා උන්නු මුවෙක් කාලා ඇදගෙන ගිහින් හද එළියට ඒ පේන්නේ උගේ ලේ කියලා...
ReplyDeleteමොනවා උනත් දුවට හොදට මොලේ තියෙනවා කියලා තමයි මටනම් හිතෙන්නේ... අනික පොඩි අයට අපිට වැඩිය සමහර වෙලාවට කල්පනාවෙන් වැඩ කරනවා කියලාත් හිතෙනවා...
ReplyDeleteඅම්මගේ දුවනේ.. හා,.හා..හා..
ReplyDelete