Wednesday, March 9, 2011

සුදුසු දේ....


 
මේ කථාවත් principal කෙනෙක් ගැන....


ඔන්න principal promotion exam  තිබ්බා.... grade 2-i ඉඳලා grade 2-ii වලට......ඊට පස්සේ ඒ exam marks මත interview call කලා . පළාත් අනුව interview boards දැම්මා.....එදා උතුරුමැද පළාත් interview board එකේ හිටියේ වසන්ත sir එක්ක මම......

මොන හේතුවක් නිසාද මන්දා පුදුමයකට වගේ විදුහල්පති සේවයේ ඇතැම් නිළධාරීන් හැසිරෙන්නේ පොඩි පන්ති වල ලමයි වගේ ....අනෙක් එක රටේ තොටේ වෙන කිසිම දෙයක් ගැන සාමාන්‍ය දැනීමක්වත් නැහැ...කියන එක මේ දවස් වල හොඳින් අත් දුටුවා අපි.....අපිට මේ විදුහල්පතිවරු interview කරන්න කලින් ඔවුන්ව හසුරුවන්නත් සිද්ධ වුණා....හ්ම් දැන් ඉතින් අපි interview call  කරලා එවපු letter  එකේ දාලා තියෙන numbers පිළිවලට සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙනවා කට්ටිය....



ටික වෙලාවක ඉදලා අපේ interview board එකට එන්න ඉන්න principal කෙනෙක් දිහා මම බලන් ඉන්නවා....පස්සේ මම දැක්කා වසන්ත Sir ගේ ඇස් දෙකත් ඒ දිහාවට සැරින් සැරේ යනවා....

මම  වසන්ත Sir දිහා බලලා හිනා වුණා....මොකෝ සුජානි...sir ඇහුවෙත් මා දිහා බලාගෙන හිනාවුණු ගමන්ම....


මම - Sir මම බලන් හිටියේ අතන ඉන්න විදුහල්පතිතුමාගේ Shirt එක දිහා....මාර කලාත්මකයි නේද ? Sir 

මම කිව්වේ හිනාවෙන ගමන්....මොකද ඒ principalගේ shirt එකේ නිල් පාට මල් මල් විසිරිලා තිබ්බා..සුදු පාට  පසුතලයක...


වසන්ත sir - ඒක තමා සුජානි මාත් මේ බැලුවේ....හවස මුහුදු වෙරලට ඇඳන් යන්න හරි පැදුරු  party එකකට යන්න හරි නම් හොඳයි නේද? Sir කිව්වෙත් හිනා වෙවී .....

මොකද අත්දිගට ඇඳලා ටයි පටි දාගත්ත අය අතර ඒ පුද්ගලයා විශේෂයෙන් කැපිලා පෙනුනු නිසා.....



ඔන්න දැන් ඒ විදුහල්පතිතුමාගේ වාරේ......එතුමා ඇවිත් අසුන් ගත්තා....ඒ ගමන්ම මම ඉල්ලා ගත්තා certificates file එකත් එක්ක result sheet  එක.....එකක් දෙකක් හැරෙන්න විදුහල්පති ව්‍යවස්ථාවට අනුව උසස්වීම් ලැබිය යුතු අනෙකුත් සුදුසු කම් සපුරලා තිබ්බා ඔහු....ඉතින් සම්මුඛ පරීක්ෂණය අවසන් වෙලා ..... වසන්ත sir ඔහුට මෙහෙම කිව්වා......

වසන්ත Sir - ඔබතුමා දන්නවාද ඔබතුමා මෙතනට ආපු වෙලේ ඉඳලා මේ මිසුයි මායි ඔබතුමා දිහා බලාගෙනමයි හිටියේ.....


Principal - (මූණ රතු කරගෙන) ඒ මොකද ඒ Sir ?


වසන්ත Sir -       නැහැ ඒ ඔබතුමාගේ ඇඳුමේ තිබුණු විශේෂත්වය නිසා...ඔබතුමා කලා කාරයෙක් වෙන්න පුළුවන්...ඒත් අද මේ මෙතන තියෙන්නේ විදුහල්පතිවරුන් සදහා සම්මුඛ පරීක්ෂණයක්....බලන්න අනෙක් හැමෝගෙම ඇඳුම දිහා.....තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකෙන විදිහටත් තමන්ගේ වෘත්තීය පෞරුෂත්වය රැකෙන විදිහටත් අදින පළඳින එකත් තමන් සතු වගකීමක්...මට පුළුවන් තමන්ගේ ඇඳුමෙන් තමන් ගැන කියන්න...මොකද මමත් principal කෙනෙක් වෙලා හිටියා අසවල් පාසලේ අසවල් ගමේ.....මම දන්නවා ඒ කාලේ මම කොහේ ගියත් ඒ මිනිස්සු මට සලකපු විදිහ...ඉතින් ඔබතුමා දන්නවාද මම අද තව වෙනකන් ඔය ඔබතුමා ඇදන් ඉන්න විදිහේ ඇඳුමක් ඇඳලා මගේ වෘත්තීය සම්බන්ධ වෙන කිසිම තැනකට ගිහින් නැහැ. කරුණාකරලා මම මේ කියපු දේවල් හිතලා බලන්න.....

3 comments:

  1. රෝමෙට ගියාම රෝමන්කාරයා වගේ ඉන්න ඕනේ නේ :))

    ReplyDelete
  2. එතකොට බං Dubai ආවාම අපි ඉන්න ඕනෙ ඔටුවො වගේද ?

    ReplyDelete
  3. දරුවන් හසුරුවන්න හරිමග යවන්න ඉන්න අය ඉස්සෙල්ලම හදන්න වෙලා වගෙයි..

    ReplyDelete