Thursday, March 10, 2011

නාදුනන්නෙකුගේ කවිය........

 


උදුල මල් පිපෙන අරඹක...
සිරිය නොදුටුවෙමි නුඹ හැර...
යොමන තුරු දෙනෙත් අහසට 
වසග වේ සිනා.....

නුඹෙ තරු වගේ නැතත් දෙනයන..
බොර ගැසී දිලෙන පැහැයට
ආද‍රේ ගලන විට මා උමතු වී ගියා.....

සුදට හුරු නැතත් පාටට..
සදට හුරු නැතත් උවනත... 
සිනාසෙන විටදි හඩගා..
සිංදුවක් වගේ....
මුතුපෙළ වගේ නැතත් දත්පෙළ..
රතුවෙලා නැතත් ලවනත..
වල ගැසෙන කොපුල් සිනහව
සුන්දරයි නගේ...
හැඩ නැතත් ගොඩක් අතපය..
නැති වුණත් වරල දිගටම..
හදින විට දිගට..සලුපිලි දණහිසක් වසා..

මට කුමට මනබදින තරුවැල්
නුඹගේ රුව සිතට ඇතිනම්....
රන් රුවක් විලස සුරකිමි...
දිවිය ඇති තුරා.......


2 comments:

  1. තරුවැල් ගොතා ගෙලවට පලදා දෙන්න...
    සිත තුල ඇති රුවක් හැමදා දැක ගන්න...
    ආදරේ හිතෙන විට මුණු මුණු හඬ දෙන්න...
    කෙලෙසක සිර කරන්නද නොහැකිය ඈ නවත්න...

    ReplyDelete
  2. ගැදි මෙන්ම

    පැදිද ඔබෙ

    සිත් බඳියි

    එකසේම

    ReplyDelete