Tuesday, March 1, 2011

නුඹයි දූවේ



නිසංසලේ ගුවන් ගැබේ
පායා එන සඳ මම නම්
ඒ සඳේ සිසිල් රැස්දහරේ
නැහැවෙන්නේ නුඹයි දූවේ

උදෑසනින් පිණීදහරේ
විකසිත වන මල මම නම්
ඒ මලේ සූවඳ පෙති අතරේ
නැලවෙන්නේ නුඹයි දූවේ

නිලට නිලේ රැල් නගනා
සමුදුර වන්නේ මම නම්
එහි මූතූ බෙලිකටුවක සඟවා
රැකගන්නේ නූඹයි දුවේ

ජීවිතයේ ගමන්මඟේ
කෙලෙස ගෙවී ගියත් මගේ
සිතට දැනෙන වෙහෙස නිවන
සහන් සුවය නුඹයි දුවේ

1 comment:

  1. This is so beautiful.. like it. u better start writing a book girl...

    ReplyDelete