වසර 13 ක පාසල් ජීවිතයේ මම පාසල් 5 ක ඉගෙන ගෙන තියෙනවා...
ඒ අතරින් සුන්දරම කාලේ තමා 9 වසරේ ඉදලා 11 වසර වෙනකම් මම අනුරාධපුර ස්වර්ණපාලියේ (Convent එකේ )හිටිය කලේ......
අපේ යාලුවෝ set එක 12 ක් නිසා අපි 12 shine කියලා අපේ group එකට නමකුත් දාගෙන හිටියේ.....මම කවදාවත් පන්තියේ 7 වෙනියාගෙන් පහළ ගිහින් නැහැ...අපේ අනිත් අයත් මොනවා හරි දේකින් නැටුම් සංගීතය නැත්නම් අත් අකුරු වලින් හරි කැපිලා පේන නිසා තමා ඒ නම දාගත්තේ...අපි ඒ කාලේ දග මලු.හැම දේකින්ම පාසලේ අපි තමා හිටියේ රජ වෙලා...
ඉස්කෝලේ දෙපැත්තේ පාර දිගටම පාට පාට බෝගන්විලා පොකුරු පොකුරු පිපිලා....අරලිය ගස් වල් මල් පිරිලා හරිම සුවදයි...මතක් කරනකොටත් සුවදයි ඒ කාල් අදටත්...gate එකෙන් ඇතුල් වෙනකොටම ඉස්සරහාම තිබ්බා අතුපතර විහිදුණු දැවැන්ත කොහොඹ ගහක්. අපි උදේට ආපු ගමන් ඔතනදි බදාගෙන ඉඹගන්නවා..ඒ කාලේ අපි අපිටම ආවේණික වුණු සුවදවල් තිබ්බා...මම පිච්ච....ඉතින් අපි උදේට chat එක දාගෙන ඉන්නේ ඔතන.... ඒ කාලේ ඉතින් කොල්ලෙක් අපි දිහා බැලුවත් ඇතිනේ කියවන්න....අපි හැමදේම රස කර කර කියවනවා...අපේ හිත් වල කිසිම රහසක් නැහැ තිබ්බේ...ඔය කොහොඹ ගහට කථා කරන්න පුලුවන් නම් කියයි අගේට අපි කථා කරපු දේවල්....
ආ ...ඉතින් අපේ set එකේ නම් set එක තමා...සුජානි..ඒ මම...එරන්දි ..ඩිනූ...මංජු...ශානිකා...මොනාලිසා...පියංකා...පූර්ණිමා...පියංගනී...රසිකා..නිසංසලා...තරංගා...
ඉතින් අපේ හිත්වල රහසක් නැති නිසා අපේ set එකේම රහසක් නැති විදිහටයි අපි හිතන් හිටියේ...
කථාව පටන් ගත්තේ 10 වසරෙදි...නිසංසලා අපිට කියන්නේ නැතිව Central එකේ කොල්ලෙක් එක්ක යාලු වේලා ව්ත්තිය දැන ගත්තට පස්සේ...මේක වටින් ගොඩින් ඇවිත් අපේ කනට වැටුණාට පස්සේ අපිට තරහේ බැහැ....ඇයි යකෝ මෙච්චර කොල්ලේක් අපි දිහා බැලුවත් අපි කියන එකේ මේකි හිටියනේ මෙච්චර රහසක් හිතේ තියාගෙන අපි දැන් තරහේ පුපුරනවා..
දැන් ඒකි එනකොටම අපි කොහොඹ ගහ යට සංගමේ විසුරවනවා තරහට....
ඔන්න ඔහොම යනකොට අපේ පන්ති check කරන්න prefect අක්කලා වගයක් එනවා උදේට..අපේ school bags හිටන් බලනවා කියලයි news එක ආවේ අපිට....මෙන්න බොලේ අපේ පන්තියෙත් කෙල්ලෝ ට්කක් එහෙට මෙහෙට නලියන්න ගත්තා...දන්නවනේ ඉතින් ඒ මොකෝ කියලා...කට්ටියක් අඩනවා...තව කෙල්ලෙක් wash room දුවනවා....ඔන්න ඔය අස්සේ තව කෙල්ලෙක් school bag එකෙන් මල්ලක් අවුස්සලා ලියුම් මිටියක් අරන් ඉරලා විසික් කලා පන්තියෙන් අනිත් පැත්තේ කොට බිත්තිය පැත්තෙන්...
අපේ නිසංසලාත් දගලා දගලා මොකක්ද මන්දා diary එකක් වගේ එකක් හංගනවා අපි බලාගෙන...
prefect අක්කලා ආවා අපේ පන්තියට...අර කෙල්ල ලියුම් ටික ඉරලා විසික් කරනකොට එහා පැත්තේ ඉදන් prefect අක්කෙක් ඉදලා..ඒ අක්කාගේ අතටමයි මේකි ඒ ටික දාලා තියෙන්නේ...අනේ දැන් අපිත් කට බලියන් ඉන්නවා වෙන දේවල් බලාගෙන...දැන් ඔන්න එව්වාට මෙව්වට අහු වෙච්ච අය එක්කන් ගියා wise principal ගාවට.....
අපිට දැන් මේ ලෝකේ සිහියක් නැහැ...මොකෝ දැන් අපි දන්නවා නිසංසලාගේ අපිට නොකියන රහස් තියන තැන....අපි බලන් හිටියේ කොයි වෙලාවෙද ඒක අපේ අතට පත් වෙන්නේ කියලා....
සිකුරාදා සිංහල සාහිත්‍ය සමිතිය...මම සභාපති හිටියේ මතක විදිහට....ඔන්න එදා පංති ටික සේරම හිස් වෙනකම් අපි බලා හිටියේ...අපේ පංතියේ මෙන්න ඉන්නවා එක්කෙනෙක් ඔලුව රිදෙනවා කියලා ඩෙස්ක් එකත් බදාගෙන.. බලන කොට ඒ අපේ පංතියේ හැමදාම වගේ අන්තිමයා වෙන දමයන්ති..ඒ අස්සේ මායි එරන්දියි දුවගෙන ආවේ පංතියට නිසංසලාගේ Diary එක උස්සන්න...දමයන්ති නිදාගෙන වගේ හිටිය නිසා අපි නිසංසලාගේ bag අවුස්සලා Diary එක අතට ගත්තා...
ඉතින් නිසංසලාගේ diary එකත් අරන් අපි කෙලින්ම ගියේ සිංහල සාහිත්‍ය සමිතියට...දැන් මේක කාටවත් පේන්නැතිව හංගගන්න එකයි ඊලග ප්‍රශ්ණෙ වුනේ අපිට...සමිතිය පටන් ගන්නත් ලගයි . මම කලේ මොකක්ද දන්නවද දාගත්තා එක diary එක වෙස්ට් එක ඇතුලට..දැන් හරි..ඒක වෙස්ට් එක ඇතුලේ දාගෙන මම agenda එකත් කියෙව්වා....පිස්සු තමා....
සමිතිය තිබ්බෙත් කොහොඹ ගහ යට...ඒක ඉවර වුණු ගමන් අපි කලේ school එක පිටිපස්සට ගිහින් අර diary එක රස වින්ද එක...ඒකේ විදිහට ඒ වෙනකොට කෙල්ලගේ කම්මුලකට kiss එකකුත් හම්බවෙලා..අපිට දැන් නිසංසලාගේ රහස් ටික කියෝගත්ත එක තරම් සතුටක් තවත් නැහැ...ඒ එක්කම ඒ කාලේ අපි කොල්ලොත් එකක් තරගෙට හරහටම වැඩ කරන එවුන් නිසා අපේ එකියෙක් කොල්ලෙක් එක්ක යාලු වුණු එකත් අපිට නිකම් මදිකමක් වගේ දැනුණේ....අපිට ඒ කාලේ කොල්ලෝ පේන්න බැහැ...රණ්ඩුවටමයි යන්නේ...
දැන් ...ගත්තා වගේ නෙවෙයි ..යන්න කළින් මේක නිසංසලාගේ bag එකට දාන්නත් ඕන. නැත්නම් අද වෙන එව්වා මේකි කොහේ ලියන්නද කියලා ඒ ගමන අපිට පොඩි අනුකම්පාවක් වගේ එහෙකුත් ඇති වුණා...අපි මාන බල බල හිටියේ මේක ආයේ නිසංසලාගේ මල්ලට දාන්නේ කොහොමද කියලා...ඒ නිසා ආපහු diary එක වෙස්ට් එක අස්සේ දාගෙන අපි පංතියට ආවා....ඈතදිම අපිට තේරුණා පංතියේ ගින්නක් කියලා....මෙන්න නිසංසලාත් ඩෙස්ක් එක බදාගෙන අඩනවා...අපිට ඉතින් වැඩේ තේරෙන්න එච්චර වෙලා ගියේ නැහැ...ඔලුවෙ කැක්කුමයි කියලා නිදාගෙන හිටිය දමයන්ති ගින්න පත්තු කරලා තිබ්බා යස අගේට....
නිසංසලාත් කඩාගෙන බිදගෙන වගේ අපි ඉස්සරහට ආවා....අපි ටික නිකම් බබාලා වගේ හිටියේ...දෙන්න මගේ diary එක ඔයාලට මොකටද ඒක....නිසංසලා කියපි...ඉතින් ඒකනේ අපිට මොකටද ඒක...ඔයා ඉස්කෝලෙට diary ත් ගේනවද කියලා අපිත් පෙරලා ඇහුවා...මුකුත්ම දන්නැති ගානට.....දැන්නම් අපේ හිතුත් ගැහෙනවා වගේ අපිට තේරුණේ...ඒ එක්කම හිතුවා මේ diary එක මේ ලෝකෙන් තුරන් කරනවා විනා ආයේ ජීවිතේට නිසංසලා අතට නම් පත් කරන එක බොරු කියලා...මොකෝ මේක bag එකට දාන්න ගියොත් අපි අහුවෙනවා දැන්...ගින්න නවතින පාටක් නැහැ..මුලු පංතියම දෙකට බෙදිලා...වැඩි හරියක් ඒ වෙන කොට affairs තිබ්බ එවුන් අපිත් එක්ක නයි වෛරයි...මොකෝ උන් යාලු වෙලා හිටිය කොල්ලො ඒ වෙනකොටත් අපේ පස්සෙනුත් එනවා යාලු වෙන්න....
මේ වැඩේ තවත් දුර දිග යන්න කලින් අපි හිතුවා මේ diary එක වගකිව යුත්තෙකුට භාර දෙන එක ඇගට ගුණයි කියලා...ඒක දෙන්න හොදම කෙනා එවෙලේ හිටියේ අපේ බුද්ධාගම විෂය භාර ගුරුතුමී.....එදා අමරාවතී මිස් ඇවිත් නැහැ. නැත්නම් එයා තමා අපේ පංති භාර.
දැන් ඔන්න diary එකත් උස්සගෙන අපි ගියා බුද්ධාගම මිස් ගාවට...කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ කිව්වා වාගේ...ඒ වෙනකොට පුස්තකාලේ හිටිය බුද්ධාගම මිස් මාව දැකපු ගමන් ඔලුව උස්සලා ඇහුවානේ මොකෝ උත්පලා කියලා....teachers ලා මට කථා කලේ උත්පලා කියලා…දැන් ඉතින් මම්ම කියපන්කො කථා වස්තුව....
තෙපරබාලා තෙපරබාලා කතන්දරේ කිව්වා කියමු...දැන් මෙන්න බුද්ධාගම මිස් ඇස් කණ්නාඩියට යටින් බලා ඉන්නවා මම දිහා...හරියට diary එක මගේ වගේනේ අනේ....මිස්ලාගේ ගොට්ට වෙලා හිටපු මට සෑහෙන්න හිතට වේදනයි එයාලා මම ගැන මොනා හිතයිද කියලා ඒ පාර.....ඒ අස්සේ කොහොම හරි diary එකත් මිස්ගේ ඇගේම ගැහුවා...ඒකෙන් නිදහස් වුණාම තමා කෙල ටිකක් හරි ගිලුනේ යන්තම්....
හොර බලල්ලු ටික වගේ පංතියට ගිහින් වාඩි වෙලා අපි හිටියේ බොහොම ශාන්ත දාන්ත විදිහට....නිසංසලාව පුස්තකාලෙට කැන්දගෙන යනවත් ඔය අස්සේ අපි දැක්කා...හොද වැඩේ අපිට නොකිව්වට අපි හිතුවා....බුද්ධාගම මිස් diary එක බලන්නෙවත් නැතිව නිසංසලා අතට දුන්නා කිව්වම අපි නිකම් හුලං ගිය බැලුම් වගේ වුණා..මිස් කිව්වලු අනුන්ගේ diaries බලන එක වැරදි නිසා බලන්නැහැ..හැබැයි අයෙ ඕක ඉස්කෝලෙට ගෙනත්අහුවෙන්න එපා කියලා.....
ඒකෙන් මේකෙන් අපේ කණ්ඩායම 3 ට 4 ට කැඩුණා...කට්ටියක් එක හෙලාම කිව්වා අපි වැරදියි කියලා...පංතියෙත් boy friends ලා හිටපු එවුන් තරහයිනේ කොහොමත් අපි එක්ක...අපේ set එකේ සමහර එවුන් අපිත් එක්ක තරහා වුනේ නිසංසලාගේ diary එක උස්සන ත්‍රාසජනක සිද්ධියට අපි උන්ව සහභාගි කරවා නොගත්ත නිසා....
අපේ පංතිභාර අමරාවතී මිස්ට තමා මේ සිද්ධියෙන් ගොඩක්ම දුක හිතුණේ...අපි නිශ්ශබ්ද වෙලා ශාන්ත දාන්ත වෙලා ඒ සිද්ධියෙන් පස්සේ ....මේක මාස ගානක් ඇදිලා ගියා...අපේ යාලුකමුත් ඉවරයි...කථා පෙට්ටිත් වැහිලා....දවසක් අමරාවතී මිස් පංතිය පිටිපස්සට අපේ සෙට් එකට කථා කලා....එදා මිස් හොදටම ඇඩුවා...මල් වගේ හිටිය මගේ දරුවන්ට මොකද වුනේ කියලා..අපි අපිත් බදාගෙන හොදටම ඇඩුවා...ඊට පස්සේ අපි කලින්ටත් වඩා යාලු වුණා...හැබැයි කාගෙවත් අපිට නොකියන රහස් හොයන්න ගියේ නැහැ අපි...පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන කියලා අපි තේරුම් ගත්තා හොදට.......
සබද
ReplyDeleteඔයා ලියන රටාවෙ අමුතු වෙනසක් තියෙනව. සිතුවිලි වලත් ඒ වගේමයි.
සබද
ReplyDeleteඔයා ලියන රටාවෙ අමුතු වෙනසක් තියෙනව. සිතුවිලි වලත් ඒ වගේමයි.
හරි සිස්ස නායිකාවොනේ. පෙම් කිරීමේ නිදහසට වැට බැඳලා නේ.
ReplyDeleteහොඳ කෑල්ල තමා
"සිකුරාදා සිංහල සාහිත්‍ය සමිතිය...මම සභාපති හිටියේ මතක විදිහට.."
ඒක නම් ඇත්ත අක්කේ. අනික් අයගේ පුද්ගලිකත්වයට අපි ඇඟිලි ගහන්න ඕනේ නැහැ තමා. අනික ඔයාලත් හරි කට්ටිය තමා. දිනපොත මිස්ට දුන්නා කියපුවාම :))
ReplyDelete@ hasitha-අනේ මන්දා එවෙලේ අපිට එහෙම හිතුණේ බයටයි තරහටයි වෙන්නැති..ඒ කාලේ හරිම ආවේගශීලීයිනේ අපේ වැඩ...
ReplyDelete@සබද - thanks
oya dannawada me sabada kiyana eka mokada kiyala...mamanam dannawa.....
ReplyDeletehmmm....mama hithanne math dannawa....
ReplyDeleteබලං ගියහම කෙල්ලොත් මේ වගේ වැඩ කරනවනෙ.. :D මම හිතුවෙ කොල්ලො විතරයි ඔය කණ්ඩායම් එහෙම හදාගෙන ඔය එක එක ඒව කරන්නෙ.. කියල :P මොනව උනත් නියමට ලියල තියනව..
ReplyDeleteඅලුත් බ්ලොග් එකක් ! හිතට වදින්න ලියලත් තියනවා ..මෙයා දිගටම බ්ලොග් ලීවොත් තව මාස කීපයකින් මේ බ්ලොග් එක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා සුවර් !
ReplyDeleteදිගටම ලියන්න ..
වැටකොටුබැද මලක සුවද වට නරගත නෙයේ
ReplyDeleteආදරයේ සොදුරු සුවද අනන්තයට ඇදේ
සබද,
මල් මල් ගැටුමක් දුටුවාමයි. මලකට මලක් හරහට හිටියේ එක සමනළයකුට ලෙබ බැද ගත් හේතුව යයි මට සිතේ. අන්තිමට මලුත් නටුවෙන් ගිලිහී ඇත, සමනළයාත් ගොසිනි, ඉතිරිව ඇත්තේ සොදුරු මතක පමනක්ම නෙවේද?
@හිස් අහස- බොහොම ස්තූතියි ....ලොකු ශක්තියක් ආවා හිතට..
ReplyDelete@සබද-එක සමනළයෙක් නෙවෙයි සමනළ රෑනක්ම හිටියා හලෝ..සමනළයෙක් එක මලක් ලගක නැවතුනේ කවදා? කවර කලකද? මලක් නටුවෙන් ගිලිහුනත් එහි සුවද මතකයේ රදන්නේ නෙවෙද? මතකයන් සදාකාලිකව සොදුරු වන්නේ..එහි සොදුරු බව නිසාමනේ සබද..
සේරටම ස්තූතියි...
දැන් බැලුවම ඔයා උදලු කාරියක්නේ !! තරහ යන්න ඕන වැඩ තමයි කරලා නම් තියෙන්නේ එත් ලියල තියෙන විදිහට කියෙවුවම හිත සැහැල්ලු වෙනවා..
ReplyDelete