Wednesday, March 9, 2011

නාලනී මිස්......

මේකත් මම principal section ඉන්නකොටයි වුනේ....


 ඊයේ ජාත්‍යන්තර කාන්තා දිනය නිසාත් මේක මට ලියන්න හිතුණා....


නාලනී මිස් එතකොට ප්‍රධාන කළනාකරණ සහකාර .....නාලනී මිස් ගේ මහත්තයා එයාගේ දුවලා දෙන්නා පොඩි කාලෙදිම පිළිකාවක් හැදිලා නැති වෙලා තිබ්බේ....එයා කෑගල්ලේ ඉදලා කොළඹට ආවා දුවලගේ අධ්‍යාපනය වෙනුවෙන්.....මේ වෙනකොට එයා තනියම ජීව්තය ජයගත්ත දිරිය කාන්තාවක්!


ඒත් නාලනී මිස් පුරුදු වෙලා හිටියා එක ආරාමයක මෑණි කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේ එන ගැටලු කියලා පිළියම් හොයා ගන්න මේ කියන කාලෙදි...


ඉතින් ඔන්න කථාව....එදා උදේ මම branch එකට එනකොට නාලනී මිස් අඩනවා...මම ඇහුවා මොකෝ කියලා ඒ පාර...


නාලනී මිස් - අනේ පුතේ බලන්නකෝ මේ ......මිස්ගේ කථාව...මගේ හිත හරියට රිදුනා..

නාලනී මිස් ‍මට ගොඩක් වෙලාවට කථා කළේ එහෙම....


මම - ඇයි නාලනී මිස් මොකද?



නාලනී මිස් - මම අද උදේ අර මෑණියන්ව හම්බවෙන්න ආරාමෙට ගියා....


මම - ඉතින්.....


නාලනී මිස් -   ඉතින් පොඩි මෑණි කිව්වා අද ලොකු මෑණියෝ නැහැ ඈතක වැඩලා කියලා...මම අපරාදේ කියලා යන්න යනකොට ආරාමේ ඇතුලෙන් ලොකු මෑණියන්ගේ කටහඩ ඇහුණා. මට දුක හිතුණා ඇයි මෑණියෝ මාත් එක්ක කථා නොකළේ කියලා.අනික කොච්චර නරකද මට බොරුවක් කිව්වා නම්.....


මම - ආහ් ඒකනේ...චීවරේ දාගෙන බොරු කිව්වේ මොකෝ ඒ?


නාලනී මිස් -    ඒකනේ මට දුක හිතුණු නිසා ඒක මම මෙහෙ ආපු ගමන් මෙයාලට කිව්වා...අනේ එතකොට බලන්නකෝ හැමෝම ඉස්සරහා අර......මිස් මට කියපු දේ..


නාලනී මිස් ආයේ අඩනවා


මම - ඔව් මොකද්ද ඉතින් කිව්වේ......


නාලනී මිස් -    කවුද දන්නේ මෑණියෝ මාව මුලිච්චි නොවුනේ උදේ පාන්දර...මම මූසල නිසා වෙන්න ඇතිලු...මගේ මහත්තයා නැති උනේ මගේ මූසල කමටද දරුවෝ....


මට මාර දුකක් ආවේ ඒ කතාවට....ඇත්තටම එහෙම කිව්වා නම් ඒක කොච්චර කැතද? කොච්චර නපුරුද? තමනුත් ගැහැණියක් කියලා කියපු කෙනාට හිතන්න තිබ්බා...අනෙක් එක නාලනී මිස් බොහොම වැදගත් කෙනෙක්...

මට ඕන වුනේ එයාව හිනස්සන්න කොහොම හරි...මොකද පැය 8 ක් අපි වැඩ කරන තැන අඩා දොඩාගෙන මූණු පුලුටු කරන් ඉන්නවට මම කැමති නැහැ කවුරු වුණත්...





මම -    අයියෝ නාලනී මිස් කවුද අනේ ඕවා ගණන් ගන්නේ...අපේ රටේ බලන්න...ප්‍රබල කාන්තා චරිත ටික අරන් බලන්නකෝ .....සිරිමාවෝ බණ්ඩාරනායක..චන්ද්‍රිකා කුමාරණතුංග...නන්දා මාලනී...සෝමා එදිරිසිංහ...මල්ලිකා හේමචන්ද්‍ර කවුද කියන්නේ මේ අය මූසලයි කියලා.....මේ හැමෝම ස්වාමි පුරුෂයෝ තමන් ලග නැති වුණාම ඉදිරියටම ගිය අය.... මම හයියෙන් එහෙම කිව්වේ කාටත් ඇහෙන්නම.....

අනෙක් එක කතාවටත් කියන්නේ හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියලා.ඒ වුණාට හැම සාර්ථක ගැහැණීයක්ම  සාර්ථක වෙලා තියෙන්නේ පිරිමියෙක් නැතිව...එහෙම නේද? මම එහෙම කියලා හිනා වුණා...

නාලනී මිසුත් හිනාවුණා....කදුලු වෙලුණා එයාගේ ඇස් වල........ආයේ ගියෙත් නැහැ අර ආරාමෙට......අපේ හිත් හදාගන්න ඕන අපිමයි.....

8 comments:

  1. කෙල්ලෙ මට හරිම සතුටු හිතුනා මේක දෑකල.......well done,my heartiest wishes.......
    සදාදරනීය යෙහෙලිය එරන්දි

    ReplyDelete
  2. පිරිමි යටතේ ඉද්දි ගෑණුන්ට හරියන්නේ නැහැලුනේ. සිරිමාවෝගේ, චන්ද්‍රිකාලගෙත් රාජ යෝග ඵලදෙන්න නම් ස්වාමියා මැරෙන්න ඕනේ කියලා තිබ්බාලුනේ..........

    ReplyDelete
  3. සබද
    ඔයා ලියන රටාවෙ අමුතු වෙනසක් තියෙනව. සිතුවිලි වලත් ඒ වගේමයි.

    ReplyDelete
  4. සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙත

    ReplyDelete
  5. අරුම පුදුම කතාවක්.. සියල්ල අනිත්‍යයි කියල මහනවෙච්ච කෙනා කොහොමද සුබ අසුබ දකින්නේ මෙහෙම ? අනිත් එක මහා මංගල සුත්‍රය උදේ හවා කියවන කෙනෙක් ? ඇසූ තැන අනුකම්පා විරහිතව පහර දියයුතු සංකල්පයක් ,..ඔය කියන විදිහට සිදුහත් කුමාරය දැකීම අසුබයි. ඒ මොකද අම්ම කුමාරය ඉපදිලා දින හතකින් මියගියා නේ ? අම්ම මරාගෙන ආව කොල්ල කියල අපේ මිනිස්සු කියයි සාමාන්‍ය කෙනෙකුට නම් ..

    ReplyDelete
  6. @ සරත් - මේක මෑණි දැක්ක අසුභ යක් නෙවෙයි..ඒ විදිහට කිව්වේ ඒ branch එකේ කෙනෙක්මනේ මෑණි එයාව මගහරින්න හේතුව විදිහටයි ඒ අදහස දක්වලා තිබ්බේ..ඒ කෙනා..

    ReplyDelete