Thursday, March 3, 2011

වසර 15 ක් නින්ද නොගිය විදුහල්පති...

මේ කථාව මම Education Ministry එකේ Principal Section එකේ ඉන්නකොටයි වුනේ...


අවුරුදු 13ක් තිස්සේ නැවතිලා තිබ්බ විදුහල්පති සේවයේ උසස්වීම් ලබාදෙන්නයි ඉහළ පුටු වල අයමේ දවස් වල වැඩ...ඉතින් අපිටත් ගජරාමෙට වැඩ තිබුනා.
ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන..රජයේ සේවය කියන්නේ
ice ගහන තැනක් කියලා අහලා තිබ්බට..මේ අවුරුදු 10ටම මට
ලැබුනේනම් අත්‍යාවශ්‍ය රාජකාරි සහිත බොහොම කාර්ය බහුල සේවා ස්ථානමයි ඔන්න...
ඉතින් කථාවට යමුකෝ...
ඔන්න දැන් ජ්‍යේෂ්ඨතාවය සහ කූසලතාවය මතයි තරඟ විභාගයි පවත්වන්න සූදානම් ....රජයේ ප්‍රසිද්ධ ගැසට් නිවේදන මඟින් application call කරලා..
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ
grade 1, 2-i, 2-ii ,3 සියලු සේවාවන් සඳහාම...මේ වෙනකොට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-i ශ්‍රේණිය සඳහා අයදුම් පත්‍ර භාර අරගෙන ඉවරයි.ඒ කියන්නේ closing date පහුවෙලා..අනෝරා වැස්සේ තෙමීගෙන ඇස් රතු වෙච්ච විදුහල්පතිතුමෙක් ගොඩ වැදුනා අපේ branch එකට..


විදුහල්පති -  මේ මම ආවේ application එකක් ඉල්ලගන්න කියලා මිස්
Branch -       මොනවටද sir ?
විදුහල්පති - මේ විදුහල්පති සේවයේ
Branch -        හරි ඉතින්..මොන grade එකටද?
විදුහල්පති - ආහ් මම ඉන්නේ නම් 2-ii
Branch -       ම්..එහෙනම් ඉතින් දැන් උසස් වෙන්නෝනේ 2-i ටනේ නේද?
විදුහල්පති - ඔව්.ඒත් හරි නම් මම දැන් grade 1 ඉන්නෝන කෙනෙක්..
Branch -       ඔව් sir ඒක හරි වෙන්න පුලුවන්..ඒත් මේ වෙලාවේ Sir ට 2-iවලට
ගිහින් තමා grade 1 වලට apply කරන්න වෙන්නේ.රාජ්‍ය සේවා කොමිෂන් (public service Commission) එකෙන් තාම Grade 1 gazette එක approve වෙලා ආවේ නෑනේ Sir..
විදුහල්පති -  මට ඕන ජ්‍යේෂ්ඨතාවය සහ කූසලතාවය මත application එකක්..
Branch - අයියෝ sir gazette එකේ තියෙන්නේ..ඒක තමා application එක..අපිට ඒක බෙදාහරින්න බැහැනේ...10000 කට වඩා apply කරලා තියෙන්නේ..අනික් එක දැන් closing date පහු වෙලා මාසයක් විතර වෙලානේ..


ඔන්න දැන් මේ විදුහල්පතිතුමා ලොකුපත්තර මිටියක් ගත්තා අතට
විදුහල්පති - මේ පත්තර වල තියෙන්නේ මම ගැන
කියලා branch එක මැදට ඇවිත් පත්තර ටික තිබ්බේ මගේ මේසේ උඩ...
අපේ set එකත් දන්නැද්ද..පියාඹගෙන ආවේ පත්තරේ විස්තරේ බලන්න එතනට...ඉරිදා ලංකාදීපයක් තමා මුලින්ම දිග හැරියේ..
වසර 15 ක් නිදා නොගත් විදුහල්පති...
ඔන්න ඔහොම පටන් අරන් ලොකු විස්තරයක් තිබ්බා පත්තරේ පිටුවක්ම පුරවලා....
මේ විදුහල්පතිතුමාට වසර කීපයකට කලින් සිද්ධ වුනු accident එකක් නිසා කරපු operation එකට පස්සේ නින්ද නොගිය කථාවක full story එකක් තමා පත්තරේ තිබ්බේ....
ඒ කියන්නේ ඒ වෙනකොට අවුරුදු 15 ක් තිස්සේ එකම එක රැයක්වත් මේ principal නිදාගන නැහැ..නින්ද ගියත් ඇස් දෙක ඇරිලලු...ඇස් රතු හේතුව හිතාගත්තැහැකිනේ...
ඉතින් තව මේ principal vegetarian ලු...ඒ වගේම තව දුරටත් සේවයේ නියුතු principal කෙනෙක්...ඉතින් අපේ set එකේ ඉමහත් අනුකම්පාව දිනාගත්ත නිසාම අපේ සහකාර ලේකම්ලා 3 දෙනාගෙන් vegetarian  වුනු හේමා madam ට මේ principal ව යොමු කළා..
ඉතින් ඔන්න...පැය භාගෙකින් විතර ආවා හේමා madam එක්ක ආවා මේ principal ආපහු  branch එකට.
හේමා madam -  අනේ අපි මේ principal ට application එකක් දෙමු මානුෂිකව හිතලා. කමක් නැහැ ඔබතුමා මේක fill  කරලා භාර දෙන්නකෝ..madam එහෙම කියලා ගියා

ඔන්න දැන් මේ principal අපේ කට්ටියවත් වට කරගෙන application එක fill කරනවා branch එකේ වාඩි වෙලා..ඒ ගමන් මෙහෙම කියනවා..
මම හරිම lucky..කොහෙගියත්මට සලකන්නේ මෙහෙම තමා 



දැන් අපේ කට්ටියත් ගජ රාමෙට කථාවට පොහොර දානවා


branch- sir , දැන් නින්ද යන්නැති උනාම  school ගිහින් අමාරුවක් නැද්ද වැඩ කරන්න කොහොමද  නින්ද නොගිහින් ඔහොම ?


principal - ආහ්! මට එහෙම කිසි ගැටලුවක් නැහැ . මම මගේ වැඩ හොදින් කරගෙන යනවා .හැමෝම මට ආදරෙයි මෙ‍ වගේ තමා කොහෙ ගියත් මට සලකන්නේ....
මම මළගෙවල් වල යනවා ගොඩක් වෙලාවට. නිදි මරන්න ඕන නැහැනේ මට..ගෙදරත් රෑට යතුරවත් දාලා නෙවෙයි නිදා ගන්නේ මම නිසා

branch - ඉතින් ගෙදර අයට කරදර නැද්ද sir ඇහැරගෙන ඉන්නකොට...


pricipal - හී හී wife නම් වෙලාවකට කෑ ගහනවා ...දුවත් බැඳලා අපි එක්කමයි ඉන්නේ....

මම හිටියේ මගේ වැඩ කරන ගමන්  පැත්තකට වෙලා වෙන දේ බලාගෙන ඉතින් මටත් ඉන්න බැරි වුනා කට වහගෙන


මම -   sir , ඉතින් ආපහු doctors ලා sir  ව check කරලා බැලුවෙ නැද්ද?
මට නම් හිතෙන්නේ operation එකේදි තමා මොනවා හරි වෙන්න ඇත්තේ.... නැත්නම් accident එකේදි sir ට ඇතිවුනු shock එකක් වෙන්න පුළුවන් නේද ඔහොම නින්ද නොයන්නේ

principal - ආහ් එහෙම එකක් නැහැ  ...මම ඔව්වා ගන්න ගන්නැහැ. නිදා ගන්න ඕන වෙන්නෙත් නැහැනේ..මට වෙලාවකට නින්ද යනවා..ඒත් ඇස් ඇරිලා තියෙන්නේ මගේ..


මම - ඒක හරි ඒත් sir ඇස් ඇරගෙන නිදා ගත්තට අවුරුදු 15 ක්ම නිදා නොගත්ත කිව්වට  sir නිදාගෙන ඉදලා තියෙන්නේ ...

principal යි branch  එකේ set එකයි මම දිහා බැල්වා මම ඇයි එහෙම කියන්නේ කියලා


මම - ඇයි නැත්නම් මේ අවරුදු 13 කින් විදුහල්පති උසස්වීම් දෙන්න යන කථාව හැම  media එකකම හැම news paper  එකකම පල වෙලා තිබ්බා...ඉතින් අවදියෙන් හිටියා කිව්වාට  sir නිදා ගෙනනේ ඉදලා තියෙන්නේ


principal මම දිහා ඇස් ලොකු කරලා බලලා ආයෙත් පම්පෝරි ගගහ application  fill කරන්න ගත්තා...


principal- මගෙ මෙහෙම ඇස් රතුවෙලා තිබ්බට මට ලේසියෙන් කේන්ති යන්නැහැ. මගේ දරුවෙකුටවත් පාසලේ ළමයෙකුටවත් මම අතින් පාරක් ගහලා නැහැ ....


මම -   ඒ වුනාට sir අපි අහලා තියෙන කරුණාවන්තම කෙනානේ බුදු හාමුදුරුවෝ ...ඒත් බුදු හාමුදුරුවන්ටත් පැය 2 ක් 3 ක් හරි නින්ද අව්‍යශ වුණානේ...ඒ නිසා ඕක ආඩම්බර වෙවී බලා ඉන්න දෙයක් නෙවෙයි...sir කෝකටත් මනෝ වෛද්‍යවරයෙක් ගාවට හරි ගිහින් treatments  ගන්න බලන්න...ඕක භයානක sir මොනවා හරි වුණත් sir ට අනෙත් අය නොදැනුවත්වම හිටි අඩියේ වෙන්න පුළුවන් ඒකයි....


principal - ඒ වුණාට මිස් ට තරම්වත් මට කේන්ති යන්නැහැනේ...මේ බලන්න මම ඉන්නේ සතුටින්


මම -          ඒක හරි වෙන්න පුළුවන් ඒත් ඇත්තටම මට නම් නින්ද නොයන්නේ මම මොකක් හරි අසහනකාරී තත්වයක ඉන්නවනම් තමා sir ඉතින් මම කියන්නේ sir ට ලෙඩක් නෙවෙයි එහෙම මානසික තත්වයක් ඇත්තේ...


principal - හ් ! මම එහෙම නම් ඉස්කෝලයක් කරන්නේ කොහොමද අසහන තියාගන 


එහෙම කියලා අපි‍ට application  එක දීලා පත්තර ටිකත් රෝල් කරගෙන එතුමා යන්න හැදුවා . 

branch - sir මේ application එකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙනුයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙනුයි recommendation අරගෙන fill කරලා ගෙනත් දෙන්න.මේක ඒවා නැතිව ගන්න බැහැනේ.


sir ගියා හේමා madam හම්බවෙලා ඒක වෙනස් කරගන්න..ඒත් ඒවා නැතිව භාර ගන්න බැහැ කියලා කියලා වෙන්නැති ආයේ යනවා දැක්කා එළියට.


ඔන්න එදා අපේ branch එකේ වජිරා අක්කාගේ දුවගේ parents meeting කියලා වජිරා අක්කා විශාඛා එකට ගියා lunch time එකේ.


එයා 2.30 වෙනකොට ආවා ආපහු..යනකොට bus  එකේ ගිහින් තියෙන්නේ ..අර  principal ඒකේ ඉදලා. වජිරා අක්කාත් එක්ක හිනා වුණාලු.... bus පිටිපස්සේ ඉදලා තියෙන්නේ ..වජිරා අක්කා නැගලා තියෙන්නේ ඉස්සරහින්... branch එකට ආපු principal කෙනෙක් නිසා වජිරා අක්කා හිනා වුණු පාර ඒ principal කඩාගෙන ඉස්සරහට ආවලු...

වජිරා අක්කා- කොහොම හරි  සුජානි ට විතරයි ඒ මිනිහාගේ ඇත්ත තත්වය තේරුණේ..ඒ මිනිහා අසහනෙන් තමා...


branch - මොකෝ අනේ වුනේ ඉතින්...


වජිරා අක්කා - ඒ මිනිහා ඇවිත් මගේ ඇගේ ඇතිල්ලෙන්න ගත්තනේ...ඒ මිනිහාට නින්ද යන්නේ නැති අසහනේ ඕක වෙන්නැති..මම ඒ මිනිහටත් හොදවැයින් දෙකක් කියලා  bus conductor ටත් කථාව කියලයි බැස්සේ මම...




පසු ලිපි-  මේක විදුහල්පතිවරුන්ට අපහාස කරන කථාවක් නම් නෙමෙයි....ඒත් හිතන්න දෙයක්!!!!!

5 comments:

  1. ඇත්තටම ඕක කවදා වෙච්ච දෙයක්ද?

    ReplyDelete
  2. මේක වෙලා දැනට අවුරුදු 3ක් විතර...

    ReplyDelete
  3. හරි හරි ප්‍රින්සිපල්ලා නොවැ ඉන්නේ. ප්‍රින්සිපල් පල් නොවී ඉන්න දැනගන්න ඕනේ............

    ReplyDelete
  4. හිතන්න දෙයක්
    මේක විදුහල්පතිවරුන්ට අපහාස කරන කථාවක් නම් නෙමෙයි

    ReplyDelete
  5. මං මේ කල්පනා කරන්නේ ඇස් අරගෙන නිදාගන්නේ කොහොමද කියල.. ඔය ක්‍රමය දන්නවනම් මට ලන්ච් එකට පස්සේ ඔෆිස් එකේම පොඩි නින්දක් ගහ ගත්තහැකිනේ !

    ReplyDelete