Sunday, November 27, 2011

බුලත්සිංහල සර්....

වාසනාවකට වගේ උසස් පෙළ කරද්දි මට මිශ්‍ර පාසලකට යන්න ලැබුණානේ.අනේ අපරාදේ පොඩි කාලේ ඉඳන්ම එහෙම යන්න ලැබුණනම් හොඳයි කියලා ඔන්න එතකොටයි තේරුණේ...කොහොම වුණත් මම ගිහින් මාස 5 6 කට පස්සේ තමා ඉස්කෝලේ පාටවත් දැක්කේ...මොකද රැග් කරන්න එන කොල්ලන්ට බයේ හැංඟිලා ඉඳලා....හොඳ වෙලාවට අපි හිටියේ ලැබ් එක අස්සෙමයි....බුලත්සිංහල සර්ට බය නිසා කවුරුත් හරියට ආවේ නැහැ හොරගල් අහුල අහුල වටේට කැරකි කැරකි හිටියා මිසක්....

බුලත්සිංහල සර් කියන්නේ අපේ Chemistry Sir ....සර් හෝමගම හිටියේ.. වගේම හුඟක් ප්‍රසිද්ධයි...ඇත්තටම මමයි මංජුයි (ලොකු නැන්දගේ දුව-ටාසන්http://siyaksithuwili.blogspot.com/2011/05/blog-post_23.html ) බයෝ කලේ කැමැත්තකින් නෙවෙයි....නැන්දලා මාමලා බාප්පලා සේරම  සයන්ස් කාරයෝ වෙච්ච නිසා ගෙදරින් ආපු බලපෑම් උඩ අපිට එහෙම කරන්න වුණා...අනික අපි තමා තුන්වෙනි පරම්පරාව මුලින්ම නියෝජනය කලේ අපේ පවුලේ...ඉතින් අපේ කරුමෙට ඒක එහෙම වුණා....වැඩි හරියක්ම එතකොට අපේ චූටි බාප්පා පේරාදෙණි කැම්පස් හිටපු නිසා...අපිට එයාගෙන් අහගන්න පුල්වන්..වගේම එයාට Chemistry කලෙත් බුලත්සිංහල සර් නිසා ඔන්න කට්ටියම කිව්වා බයෝ කරපල්ලා කියලා...ඒත් සර්ට ඒක කොහොම හරි කණට වැටිලා තිබ්බා අපේ ගෙදරින්ම... නිසා මුල්ම කාලේ සර් පංතියට ඇවිත් මොකක් හරි දේකට කේන්ති ගියාම කියන්නේ ආච්චිලා සීයලා නැන්දලා මාමලා කිව්වට බයෝ කරන්න ආපු එවුන් ඉන්නවනම් අන්න දොර කියලා...



බුලත්සිංහල සර් හරිම සැරයි...එයාගේ ස්වරූපය කියනවනම් කැප්ටන් හැඩොල්ක් වගේමයි...කිසිම වෙනසක් නැහැ...සර් සැර නිසා Chemistry period එක වෙලාව එනකොට අපි ඉන්නේ ඇඟේ මවිල් කෙලින් කරගෙන...සිකුරාදා  Chemistry Period 4ක් තිබ්බා උදේ වරුවේ එක දිගටම අපිට.. කාලේ පංතියේ පේළි මාරුවෙන ක්‍රමයක් තිබ්බ නිසා එදා දවසේ ඉස්සරහා පේළියේ ඉන්න එවුන් දෙයියෝ බුදුන් සිහි කරගෙන තමා ඉන්නේ බයටම තක්බීර් වෙලා...මොකද සර් බලාගෙන ඉන්නකොට අපිට ලියවෙන්නෙවත් කථා කෙරෙන්නෙවත් නැහැ...

ඒත් සර් ගෑණු ලමයින්ට අතින් නම් ගහන්නේ නැහැ...මොකද සර් කොච්චර සැර වුණත් ගෑණු ළමයි අඬනව දකින්න සර් කැමති වුනේ නැහැ..අඩිරූල අරගෙන අනිත් පැත්තට හරවලා ඒ කියන්නේ දාරේ පැත්ත...ඇගිලිඇට ටිකට තමා සර් දෙන්නේ පාර...තරු විසි වෙන්න..පිරිමි ලමයින් නම් සර්ට වඩා උස මහත වුණත් සර් හොඳටම පත බානවා...අපේ පංතියේ එක පිරිමි ලමයෙක්ගේ පොත සර් හැමදාම වගේ එලියට විසික් කරනවා ගෙදර වැඩ කරන්නැතිව...ඒත් සර් කොච්චර සැර වුණත් කොච්චර ගැහුවත් හැමෝම සර්ට කැමතියි..ගරු කලා...
ගෑණු ළමයින්ට නම් සර් දුන්න ලොකුම දඬුවම තමා පරිච්ඡේද 2 ක් විතර හිටගෙන ඉන්න දුන්න එක...ඒත් වෙලාවකට හිටගෙන හිටියත් සර් කියන ඒවට අපිට හිනා යනවා...මුල් දවස් වල මමයි මංජුයි එක ලඟ වාඩි වුනේ...ඒත් අපි දෙන්නා නැගිට්ටවපු වෙලාවට එක ලඟට වෙලා සර් කියන ඒවට හිටගෙන හිනා වෙන නිසා මොකද තොපි දෙන්නා විරිත්තන්නේ කියලා...ඔන්න අපි දෙන්නාව දෙපොලකට දැම්මා පංතියේ...අපි දෙන්න ගෙදර ගිහින් දවසක් ඕවා කථාවෙනකොට අපේ ලොකු මාමාට සර් ගැන කේන්ති ගිහින් එන්න හැදුවා ඉස්කෝලෙට..ඒත් අපි තේරුම් කරලා දුන්නා එහෙම කලාට ලමයි සර්ට කොච්චර කැමතිද කියලා...
අපේ පන්තියේ ලමයින්ට සින්දු පිස්සුව ...නිසදැස් පිස්සුව තිබ්බා ඒ කාලේ හොඳටම උග්‍ර වෙලා...අපේ පන්තියේ කෙළවරවල් දෙකේම බිත්ත් වලම කළු ලෑලි 2ක් තිබ්බ නිසා ගුරුවරු පරිහරණය කලේ ඉස්සරහා තිබ්බ එක විතරයි..ඔන්න අපේ එවුන් පටන් ගත්තා උදේ පාන්දර කුකුලත් අතේ තියන් ඇවිත් පිටිපස්සේ බිත්ති කළු ලෑල්ලේ කුරුටු ගී ලියන්න..මේක ගැහැණු පිරිමි භේදයක් නැතිවයි සිද්ධ වුණේ...මේ කළු ලෑල්ල සිවිලිම ලඟට යනකම් වගේ තිබ්බ නිසා කට්ටිය වවුලො වගේ එල්ලිලා මේකේ ප්‍රේම ගී විරහ ගී කුරුටු ගාන්න ගත්තා.
ඔන්න දවසක් සර් උදෙන්ම ආවා පංති කාමරයට...දොර ගාව ඉඳන්  බලාගෙන හිටියා අත් දෙකත් පිටිපස්සේ තියගෙනම...,මොක්කුද බොලව් මේ ප්‍රේමයෙන් ඔද්දල් වෙලා ඉන්නේ...මකපියව් බ්ලැක් බොර්ඩ් එක කියලා සර් ගිගිරුවා...අනේ අපේ එවුන් ඉතින් උදේ ඉදන් කුරුටු ගාපුවා පණ කඩන් මකලා ඉවර වුණාට පස්සේ තමා සර් ආවේ පන්තිය ඇතුලට...
සර් ට ඕන වුනේ නැහැ අපි ගිරව් වගේ පොත කටපාඩම් කරනවාට...ඒ නිසා තමා සර් එච්චර සැර වුනේ...දෙයක් ප්‍රායෝගිකවම හරියට දැනගෙන ඉගෙනගන්නවනම් තමා සර් කැමති වුනේ..ඒ නිසා සර් ප්‍රශ්ණයක් ඇහුවත් ලමයි බයයි උත්තරය දැනගෙනත් උත්තර දෙන්න..සර් අලගිය මුලගිය තැන් අහන නිසා...
අපේ කට්ටිය පුරුදු වෙලා හිටියා පුංච් tape recordes තියාගෙන ඉන්න සර්ගේ period  එක වෙලාවෙදි  desk එක අස්සේ...ඒත් දවසක් මේකක් සර්ගේ අතටම අහුවුණා..ඒක පිරිමි ලමයෙක්ගේ ටේප් රෙකෝර්ඩර් එකක්..කරුමෙට මූ ඒකේ දෙබස් වගයක් රෙකෝර්ඩ් කරලා girl friend ගෙයි   bus එකේ යද්දි ඒකේ හිටපු couple එකක් කියපුවයි..සර්ට කේන්ති ගිහින් මුලු පන්තියෙම tape recordes එකතු කර ගත්තා...AL exam ඉවර වෙලාම දෙමව්පියො එක්ක ඇවිත් අරන් යන්න කියලා...
සර් නැති වෙලා දැනට අවුරුදු 5 ක් 6ක් වෙනවා ඇති මගේ හිතේ..අපි එතකොට school out වෙලා විසිරිලා ගිහින් හිටපු නිසා සර්ගේ මරණය ආරංචි වුනේ නැහැ...ඒත් දැනගත්තම ඒ ගැන ගොඩක් දුක් වුණා...මේක ලියද්දි සර් වගේම උසස්පෙළ පන්තියේ අපිත් එක්ක හිටපු එරංගවත් මතක් වෙනවා..එරංග නැතිවුනේ උසස්පෙළ exam ඉවර වෙලා physics class එකෙන් උඩවලවේ trip එකක් ගිය වෙලාවක ඔරුව පෙරළිලා..එයත් එක්කම 12ක් අවසන් ගමන් ගියා මතක විදිහට ඒ අනතුරින්...එරංග ගේ දෙණ ඔසවන් යනකොට අපේ පංතියේ අයගේ අත් වලින්ම අපි ඇඬුවා හොඳටම...එරංගගේ අත් අකුරු හරීම ලස්සනයි...මගේ autograph එකේ ඒ ලස්සන අත් අකුරු වලින් එරංග ලියලා තිබ්බේ සුළඟේ ලෙලෙනා... මල් සේ දඟපා ...කියන ශාලිත ගේ සින්දුව ..
ආදරණීය වූ ඒ සැමට මේ ලිපිය උපහාරයක්ම වේවා...!

12 comments:

  1. මට මතකයි බුලත්සිංහල සර් නැතිවෙච්ච් කාලේ.සර්ගෙ මරණෙට ගොඩක් සෙනග ඇවිත් හිටිය කියල ආරංචි උනා.මමත් හෝමාගමට ලඟ නිසා තමා ආරංචි උනේ,හැබැටි සර්ගෙ ක්ලාස් යන්න තරම් නම් වාසනාව නැතිවුනා.

    ReplyDelete
  2. ළමයින්ට සැර වැර කරපු සර්ලා මිස්ලව තමයි වැඩියෙන් මතක. ඒ වගේම දැන් දැක්කත් ළමයි එක්ක හොඳට හුඟක් වෙලාවට කතා කරන්නෙත් ඒ ගුරුවරුමයි :)

    ReplyDelete
  3. @ කස්ස -අයියෝ ..ඒකනම් සෑහෙන අපරාදේ..ගියානම් ඔයාටත් හොඳට බැනුම් අහගන්න තිබ්බා...ඒත් සර් ඉස්කෝලේ ලමයින්ට පංති කලේ නැහැනේ ප්‍රතිපත්තියක් විදිහට...ආරංචි වුනේ නම් පංති වල ලමයින්ට අපට තරම් සැර පරැෂ වුනේ නැහැයි කියලා...
    @ Hasitha- ඔව් ..ඒ කතාව නම් ඇත්ත තමයි

    ReplyDelete
  4. සමහර සර්ල සැර උනාට මතකයේ රැදෙන්නෙ ඇයි? ඒ ඒ අයගෙ ඉගැන්වීමේ දක්ෂකම නිසාම නේද?

    ReplyDelete
  5. @ chandi-ඒකත් අනිවාර්යෙන්ම වෙන්න ඕනි දෙයක් තමා අක්කේ..ඒත් ඉගැන්වීමෙහි දක්ෂ හැම ගුරුවරයෙකුටම ලමයින්ගේ සිත් වල සුවිශේෂී වෙන්න බැහැ...ඒ ඇයි කියලා විස්තර කරන්න අමාරුයි නේද?

    ReplyDelete
  6. ඇත්තමයි මේ වගේ ලිපියක් කියෙව්වහම අපිටත් අපේ පාසල කාලෙ මතක් වෙනවා... ගොඩක් ස්තූතිය..
    කව්ද බෝයි

    ReplyDelete
  7. හැගුම්බරයි! අද තමයි මුලින්ම ආවෙ ...

    ReplyDelete
  8. ලස්සනයි සුජා.....අද තමා ඉස්සෙල්ලම බැලුවේ..keep it up

    ReplyDelete
  9. උදේ පාන්දරම දුක හිතෙන පොස්ට් එකක් නේ කියෙවුවෙ.සංසාරේ එහෙම තමයි සැප නෑ

    ReplyDelete
  10. welcome Mr.Kalpa and Mr. Asaranaya...thanx for your comments...

    ReplyDelete