Monday, November 14, 2011

දමා යන්නට පළමුව ඔබට....


මතක් කරන්න...
කිව්වා නේද මට ආදරෙයි කියලා....
ඔයා මගේ පණ කියලා....
හ්ම්ම්...තව
මා වෙනුවෙන් කරන්න බැරි
කිසිම දෙයක් නැහැ කියලා....
මතක් කරන්න...
ඔයා ආසම මගේ ඇස් වලට
කිව්වා නේද?
ඊට පස්සේ...මගේ කම්මුල් වලට..
මගේ කොණ්ඩෙට..
මගේ ඇඟිලි වලට...ඔයා
ආසයි කිව්වා...
මතක් කරන්න...
මගේ සිතිවිලි වලට..
මම හිතන විදිහට ..
හ්ම්ම් ඔව් ඒ සිතිවිලි වලට පවා..
ආදරෙයි කිව්වනේ ඔයා...
ඒත් මම් දන්නවා
දාලා යන්න හදන ඔයාව
නවත්ත ගන්න තරම්
දෙයක් මම ළඟ නැහැ කියලා..
ඒ නිසා මම නවත්තන්න හදන්නැහැ..
ඔයාට යන්නම ඕන නම් ඉතින්...
යන්න....
ඒත් අමතක කරන්න එපා..
ඔයා අර ආදරේ කළ දේවල්..
තාමත් මම ගාව තියෙනවා..

5 comments:

  1. ඔව්....යන්න ඕනෙ නම් යන්න.....නවත්තන්නෙ නෑ මම...හැඟීම් බර පද ටිකක්....

    ReplyDelete
  2. යන්න හදන කෙනෙකුට යන්න දෙන එක තමයි හොදම දේ...

    ReplyDelete
  3. ඇත්ත හොදම දේ යන්න හදන කෙනෙකුට යන්න දෙන එක මොකද අද යන්න දුන්නේ නැත්නම් වෙන දවසක හරි යන්න පුළුවන් නිසා... ලස්සනයි හැගීම් බරයි පද පේලි ටික.. ජය ..

    ReplyDelete
  4. @දිල්
    Dinesh
    N N K - ස්තූතියී!!!
    දමා යන අය දමා ගිය දෙන්....තවත් කුමකට සිතේ ලතැවුල්...

    ReplyDelete
  5. අල්ලගෙන තියාගෙන වැඩක් නැහැ බුරුලක් ලැබුණු ගමන් යන්න යනවා..............

    ReplyDelete