Wednesday, December 21, 2011

මුල්ලා නස්රුදින්



ඔයාලා අහලා තියෙනවද මුල්ලා නස්රුදින් ගැන....අපේ රටේ අන්දරේගේ කතන්දර වගේ මුල්ලා නස්රුදින්ගේ කතා ඉතාම ප්‍රසිද්ධයි...මුල්ලා නස්රුදින් පොත අම්මා මට අරන් දුන්නේ මම 5 වසර ඉන්නකොට..
නස්රුදින්ගේ කතන්දර ගැන පර්සි ජයමාන්න මහතා සඳහන් කරන්නේ මෙහෙම,
නස්රුදින්ගේ කතන්දර වල හරි පුදුම ගුණයක් තියෙනවා..එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක්ම අහන්න හිතෙනවා...ඒ කතාවක් අහලා එක්කෙනෙක් හිනා වෙනවා...තවත් කෙනෙක් කල්පනා කරන්න පටන් ගන්නවා...සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවට වැටෙනවා...ඒ කතා හැම එකක්ම හාස්‍යත් හරයත් එකට මුවහත් කරලා තියෙන නිසා බුද්ධිය පණ පොවන්න උදව් වෙනවා කියලා ලොව පුරාම පිළිගැනීමක් තියෙනවා...මුල්ලා නස්රුදින්ගේ කතා ද්විත්වාර්ථය දනවන කතා ලෙසයි සැලකෙන්නේ..
නස්රුදින් මුල්ලා කෙනෙකු හැටියට (ගුරුවරයෙක්) හැඳින්වෙන හැම රටක්ම ඔහු තම රටේ කෙනෙකු විදිහටයි සලකන්නේ..සෝවියට් දේශයේ ජනතා වීරයෙකු වශයෙන් සැලකෙන මුල්ලා නස්රුදීන් චීනයේදී , අවන්ති වෙනවා..ග්‍රීසිය, ප්‍රංශය ආදී රටවල නස්රුදින් කතා එරට ජනකතා බවට පත් වී තිබෙනවා..
නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන්න ලෝකයේ රටවල් කීපයක්ම පෙළඹුනත් ., ඔහුගේ සොහොන පවා ප්‍රදර්ශණය කරමින් ඔහු වෙනුවෙන් ලොකු වාර්ෂික අනුස්මරණ උත්සවයක් පවත්වන්න පෙළඹුනේ තුර්කිය විතරයි. ඒ උත්සවය පවත්වන්නේ නස්රුදින් උපන්නා යැයි සැලකෙන එස්කිෂෙර් වලයි.
ඉතින් මුල්ලා නස්රුදින් තමන්ගේ අන්තිම විහිලුව හැටියට කමන්ගේ අන්තිම කැමති පත්‍තරේ තමන්ගේ සොහොන සදවන්න කියලා තියෙන්නේ ..,සොහොන ඉදිරියෙන් අතිව්ශාල දොරක් සවි කරලා ඒ දොරට සොයිබ දාලා ඉබි යතුරු දාලා අගුලක් සවි කරන්න කියලයි.කිසි කෙනෙකුට අරින්න බැරි වෙන්න.හැබැයි ඔහු සඳහන් කරලා ති‍යෙන්නේ ඒ සොහොනට ඒ දොර මිසක් බිත්ති මුකුත් එපා කියලයි...
නස්රුදින්ගේ කතන්දර වලින් දෙකතුනක් මට ලියන්න හිතුණා ඔයාලට...සමහර විට අහලත් ඇති ඒ කතන්දර ඔයාලා...



මෙහෙම වෙන්න බැරිද
මම ආගන්තුක සත්කාර වලට ඉතා කැමති මිනිහෙක්...දවසක් නස්රුදින් තේ කඩේදි යාලුවන්ට කිව්වා..
බොහොම හොඳයි එහෙනම් අද රෑ කෑමට තමුසෙ අපිව ගෙදර එක්කන් යනවා..එතන හිටපු කෑදරම යාලුවා කිව්වා...
කරන්න දෙයක් නැහැ නස්රුදින් යාලුවන්ව ගෙදර එක්කන් යනවා...ගේ ඉස්සරහ යාලුවන්ව තියලා මම ඉස්සෙල්ලා හාමිනේට කියලා එන්නම් කියලා නස්රුදින් ගේ ඇතුලට යනවා...ඒත් හාමිනේ කියනවා ගේ හරියේ මුකුත්ම උයන්න නැහැ කියලා...නස්රුදින් කියනවා එහෙම බැහැ මම එයාලට කිව්වා මම ආගන්තුක සත්කාර වලට කැමති මිනිහෙක් කියලා..ඒ පාර නස්රුදින්ගේ බිරිඳ උපදෙස් දෙනවා..ඔයා උඩ තට්ටුවට ගිහින් හැංගෙන්න මම කියන්නම් ඔයා ගෙදර නැහැ කියලා..

පැයක් විතර බලන් ඉඳලා යාලුවන්ට ඇති වුණා...ඒ පාර දොරකඩට ඇවිත් දොරට තට්ටු කලා...
බිරිඳ ඇවිත් කිව්වා නස්රුදින් ගෙදර නැහැ කියලා...

ඒත් අපි දැක්කනේ එයා මේ දොරෙන් ඇතුල් වෙනවා...අපි දොරකඩට වෙලාමනේ හිටියේ අපි දැක්කේ නැහැනේ එයා එලියට යනවා...
බිරිද නිහඬ වුණා...
ඒත් එතෙක් වෙලා උඩ තට්ටුවේ ජනේලෙන් මේ දිහා බලන් උන්නු නස්රුදින්ට තව දුරටත් කට වහන් ඉන්න බැරිවුණා..ජනේලෙන් පිටතට ඔලුව දැම්ම ඔහු ..
ඉතින් මට  පිටිපස්ස දොරෙන් එළියට යන්න බැරිද කියලා කෑ ගහලා ඇහුවා....

හීන බැලීම
එක රැයක් නස්රුදින් එයාගේ බිරිදව ලොකු කලබලයකින් ඇහැරෙව්වා...
දුවලා ගිහින් මගේ කණ්ණාඩි දෙක ගෙනත් දෙන්න..මම අපූරු හීනයක් දැක දැක ඉන්නේ..ඒකේ අන්තිම කොටස ටිකක් පැහැදිලි මදි වගේ...

සිත්ගත් ලඳ
නස්රුදින්ට කසාදයත් ප්‍රශ්ණයක් වුණා..ගෑණු දෙන්නෙක්ම ඔහුගේ අතගන්න ආවා.. ඒ දෙන්නා දවසක් නස්රුදින්ව කොටු කරගෙන වැඩි‍යෙන් ආදරේ කාටද කියලා ඇහුවා...
එහෙම බැහැ ඕක වෙන විදිහකට අහන්න..මට කරන්න පුල්වන් දෙයක් හැටියට අහන්න.
 "හොඳයි අපි දෙන්නවම ගඟට වැටුනොත් ඔයා බේරාගන්නේ කොයි එක්කෙනාවද ?ඔවුන් අතරින් වඩා ලස්සන කුඩා යුවතිය ඇසුවා...
නස්රුදින් වහා අනිත් අතට හැරී වඩා පෙහොසත් මහත යුවතියගෙන්
ඔයාට පීනන්න පුලුවන් නේද සුන්දරිය කියලා ඇසුවා...

9 comments:

  1. හොද කතා ටිකක්.. අක්කා ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාලා තියින්නේ..

    ReplyDelete
  2. @ Dinesh- ඔව් මල්ලි .ලියන්න කම්මැලි හිතුණා..බැලුවා විතරයි.ස්තූතියි

    @ Tharinduhw122- Thanx

    ReplyDelete
  3. නස් රුදීන්ගේ කතා කියන්න ගත්තොත් ඉවරයක් කරන්න වෙන්නේ නැහැලු අක්කේ :)) පරිස්සමෙන්

    ReplyDelete
  4. මාත් මෙයාගේ කතා ගොඩක් කියවල තියෙනවා.එත් කියවන්න කියවන්න ආසයි

    ReplyDelete
  5. කතාව නම් ලස්සනට ලියලා තියනවා.නස්රුදින්ගෙ තව කතන්දර ලියනවා නේද..

    ReplyDelete
  6. @ සංජීව මලයා - ස්තූතියි මලයා...ඔව් නස්රුදින්ගේ කතන්දර 100 කට වඩා තියෙනවා....වෙලා තිබුණොත් තව ලියන්නම්කෝ....

    ReplyDelete
  7. කෝ ඊට පස්සේ මොකුත්ම ලියා නැහැනේ :(

    ReplyDelete
  8. lassan kathwak good luck from ulindu

    ReplyDelete