Tuesday, November 22, 2011

නොහඬමි.....



මම නොහඬමි....
මන්ද
මා හැර ගියේ..
මට හිමි අයෙකු නොවන හෙයිනි...
මම නොහඬමි....
මන්ද
මට හිමි වූ අයද 
මා හැර ගිය බැවිනි...
මම නොහඬමි...
මන්ද
හිමි අහිමි බව නොතකා
හදවත පිදූ බැවිනි....
නමුදු
හිමි නොවූ සියල්ලටමද
හැර දමා යන්නවුන්ටද
මම
ආදරය කරමි...
නැවතත්
නැවත නැවතත්...
ආදරය කරමි...
මක් නිසාද යත්...
මා පැමිණ ඇත්තේ....
ආදරය විඳීමට නොව
ආදරය දීමට පමණක්ම වග
පසක් කර ඇති බැවිනි.....

3 comments:

  1. හුදකලාවට අහිමි සෙනෙහස...
    කදුල හමුවේ සැගවෙන සතුට...
    නිහඩවම කියන කාරනයක් තියනවා
    ඒ ආදරය......
    ඔව් අපි හැමෝම ආදරේ කරන ආදරය
    හුදෙක්ම පරිත්‍යාගයක් පමණක් බව...
    කව්ද බෝයි

    ReplyDelete
  2. අදරය පරිත්‍යාගයකි
    නුඹ මට එය
    පසක් කර දුනි..

    ReplyDelete
  3. අල්ලා ගත් තැන ඇත්තේ ආදරයටත් වඩා කෑදරකමකි

    ReplyDelete