Monday, May 23, 2011

ටාසන්



මේ කාලේ අපිට අවුරුදු 5 ත් 6 ත් අතර වෙන්න ඕන මට මතක විදිහට....
අපේ හිත් වල මාධ්‍ය වීරයන් වෙලා හිටියේ දොස්තර හොද හිත..රොබින් හුඩ්...ටාසන් ...වගේ චරිත....

අපේ මහගෙදර වත්තේ (වහපු ගේට්ටුව) මහපාරට ලග කෙලවරක තිබ්බා අපේ සීයාගේ ගල් මෝල..
මේක බලා කියා ගත්තේ ‍ ප්‍රේමසිරි මාමා.ඉතින්  අපි (අපි කියන්නේ මායි . මංජුයි (වහපු ගේට්ටුව)) ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවස් වෙනකොට වත්ත පුරා තියෙන පේර ගස්, දම් ගස් ,බෝවිටියා ගස් ,එරමිණියා ගස් එහෙම හූරගෙන කාලා මේ ගල් මෝල පැත්තට යනවා....
ඔන්න එදා තිබ්බා ගල් මෝල පැත්තකින් අර කොන්ක්‍රීට් දාන්න ගන්නේ තුන්කාලේ ගල්..අන්න ඒ ගල් ටිකක් ලොකු කන්දක් විතර සයිස් එකට ගොඩ ගහලා...ඒත් එක්කම එතන තිබ්බා උස තැඹිලි ගහක්..මේ ගහේ තැඹිලි අත්තක් බාගෙට කඩන් වැටිලා පැද්දි පැද්දි තිබ්බා යස අගේට...මේක දැකලා අපේ ප්‍රීතිය නිමක් නැහැ...පස්වනක් ප්‍රීතියෙන් ඉපිලි ඉපිලි මංජුයි මායි දඩිබිඩි ගාලා නැග්ගා ගල් ගොඩ උඩට....
ඔන්න දැන් අපි දෙන්නා මේ බාගෙට එල්ලෙන තැඹිලි අත්තේ එල්ලිලා ටාසන් (ඔයාලට මතක ඇති නේ ඒ කාලේ ටයිසන් තොටවත්තයන් හඩ කවපු ටාසන් ...මතක විදිහට ITN එකේ තමා පෙන්නුවේ)කරන්නයි ලැහැස්තිය.....තැඹිලි අත්තේ එල්ලිලා ටාසන් කෑගහන විදිහට කෑ ගහගෙන මංජු යනවා  ගල් ගොඩ උඩ ඉදලා පහලට ...ගිහින් තැඹිලි අත්ත අතාරිනවා..ඒක සුරුස් ගලා ආයේ ගල් ගොඩ උඩට ඇවිත් තමා නතර වෙන්නේ..ඊට පස්සේ මම ඒකේ එල්ලිලා කෑ ගහගෙන පහලට එනවා..ඔන්න ඔහොම අපි මාරුවෙන් මාරුවටයි ටාසන් කලේ...දැන් දෙතුන් පාරක් එහෙට මෙහෙට ගිහිල්ලා මංජු පහලට ගිහින් තැඹිලි අත්ත අතෑරියා විතරයි මාත් පැන්නා ටාසන් විදිහට කෑ ගහගෙන..
ඒත් !!! ඒ පාර තැඹිලි අත්ත අහු වුනේ නැහැ මගේ අතට...ගල් ගොඩ දිගේ උඩු බැලි අතට වැටිලා මාව පහලටම රූටගෙන යනවා මතකයි මට හීනෙන් වගේ...කොට ගවුම් කෑල්ලක් ඇදන් හිටියේ මම..මට සිහි නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගල් ගොඩ හිටපු මංජු දුවගෙන ඇවිත් ලේ පෙරාගෙන වැටිලා ඉන්න මගෙන් ..චමිලක්කේ චමිලක්කේ ඔයාට රිදුනද කියලා අහනවා මට හීනෙන් වගේ මතකයි...(පස්සේ කාලෙක අපිට වැඩියම හිනා ගියේ මංජු ගේ ඒ ඇහිල්ලට...) 
ඒ අස්සේ එයා කෑ ගහන කොට ප්‍රේමසිරි මාමා දුවගෙන ඇවිත් මට වතුර ටිකක් ඉහලා ...ඔන්න එතකොට යන්තම් මට සිහිය ආවා..මාව හරහට වඩා ගෙන ගෙදර අරන් එනකොට කට්ටියම (ඒ කාලේ අපේ නැන්දලාගෙන් වැඩි හරියක් තනිකඩ) කෑ ගහගෙන ආවා ඉස්සරහට...අපේ ටාසන් කෙරුවාව අහන් ඉදලා...කට්ටියම එහෙට මෙහෙට වුණාම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ඔලුව මැද්දට හිල් වෙන්න ටොක්කක් ඇනලයි අපේ අම්මා මට බෙහෙත් දැම්මේ ඔන්න!!!!




පසු සටහන් - මේ ඉන්නේ මායි මංජුයි..ඔය තොප්පිය දාගෙන ඉන්නේ මම්..අපි දෙන්නාව වඩාගෙන ඉන්නේ මගේ ආච්චිලා දෙන්නා...මාව වඩාගෙන ඉන්නේ අපේ අම්මාගේ අම්මා..මංජුව වඩන් ඉන්නේ අපේ තාත්තාගේ අම්මා...අපේ අම්මලාට තාත්තලටත් වඩා අපේ සීයලාගේ ආච්චිලාගේ ආදරේටයි අපි තුරුල් වුනේ....මම හිතන්නේ එහෙම සීයලා ආච්චිලා අපිට ලැබුනේ පිනකට කියලා...

ඔය කියන අවදියේ photo එකකුත් ඇති අපි දෙන්නගේ ...ගල් මෝල ගාවදිම ගත්ත...මම ඒක හොයාගෙන දාන්නම්...මංජු ඒක ඔයා ගාවද?
 මෙන්න ඒක..ගල් මෝල නම් නැහැ ..හැබැයි මෝලේ ලොරිය තමා පේන්නේ ඔය පිටිපස්සෙන්.....

10 comments:

  1. මංඡුනම් නියමෙට රොබින්හුඩ් රගපෑවා නේද. මට නම් හිතෙන්නෙ සුඡානි උඔ රොබින්හුඩ්ගෙ වැඩේ නෙමේ කරන්න ගිහින් තියෙනනෙ දොස්තර හොද හිත එකේ චව් චව්ගේ වැඩේ(අදනම් හොදට නාගන්න පුඑවන්).
    ඔය එක්කම ලිව්වොත් නරකද අර ප්‍රස්ථාපිරුලක් තියෙන්නෙ "සුඡානි A/L Class එකේ කොහොඔ කොළ කැපු හැටි"

    ReplyDelete
  2. මේ කතාව කියවනකොට මට මතක් උනේ පොඩි කාලේ අපි කරපු වීර ක්‍රියා නිසා කකුල් කඩා ගත්ත හැටි. අපි පොඩි කාලේදි අපේ ගේ හදමින් පැවතිච්ච කාලේ ගේ හදන්න කියලා ගෙනැල්ලා ගොඩ ගහලා තියෙන වැලි ගොඩට, උඩ තට්ටුවේ (ස්ලැබ් එක විතරයි ඒ කාලේ දාල තිබුනේ) සුපර් මෑන් වගේ බෙල්ලේ බෙඩ්ශීට් එකක් හරි හෝදලා වැලේ වනලා තියෙන දොර රෙද්දක් හරි බැඳගෙන පනින එක තරම් ජොලි දෙයක් වෙන තිබුනේ නෑ.

    ඉස්කෝලේ ගිහිල්ල ආපු ගමන්ම නැන්දගේ පුතාල දෙන්නත් එක්ක කෙලින්ම කරන්නෙ මේ සෙල්ලම. එක්කෙනෙක් බැට් මෑන්, අනිත් එක්කෙනා සුපර්මෑන්, තව එක්කෙනෙක් රොබින්...

    කෙලින්ම පඩි පෙල දිගේ උඩට ගියා , ඊට පස්සෙ දුවගෙන ගිහිල්ලා කෙලින්ම පනින්නෙ වැලි ගොඩට. එදත් ඒ වගේම ඉස්කෝලේ ගිහිල්ලා ආවා, කටට දෙකට බත් ටිකක් ගිලලා දැම්මා, දැන් තුන් දෙනාත් එක්ක තරඟෙට දුවනවා උඩට කවුද ඉස්සෙල්ලාම පනින්නෙ කියලා. තුන් දෙනාම තරඟෙට වගේ දුවගෙන ගිහිලා පැන්න පැනිල්ලක්, පස්සෙ තමයි දන්නෙ බාස්ලා වැලි ගොඩ වෙන තැනකට ගොඩ ගහලා කියලා.....! වාසනාවට අඩියක් විතර උසට වලි ඉතිරි වෙලා තිබුන නිසා තුන් දෙනාගෙම කකුල් විතරක් උළුක් වෙලා බේරුනා. පස්සෙ ඉතින් මාසයක් විතර පත්තු බැඳලා තමයි ගොඩ ගියේ....

    ReplyDelete
  3. හපොයි ටාසන් අක්කේ... ඊට පස්සේ ටාසන් සෙල්ලම කලේ නැතියි?

    ReplyDelete
  4. මට මතක නැහැනෙ එහෙම ෆොටො 1ක්..තිබුනත් ඉතින් ලන්කාවෙ තමය් ඇත්තෙ......

    ReplyDelete
  5. මේ අපේ සබදයා හරි පව් නේද....රොබින්හුඩ්ගෙය් ටාසන්ගෙය් වෙනස දන්නෙත් නැනෙ......

    ReplyDelete
  6. ආ...මට කියන්න අමතක උනා..ඒක තැබිලි ගහක් නෙවේ..මහා උස පොල් ගහක්...ගහේ බාගයක් විතර උසට ගල් ගොඩ තිබුනා.....

    ReplyDelete
  7. @ manju- photo ඒක ඔන්න මා ගාව...ආහ්! ඒ පොල් ගහක්ද? එහෙනම් මේක කියවන අය තැඹිලි වෙනුවට පොල් ආදේශ කර ගනිත්වා...මේ සබදයාට එදා වගේම අදත් වයර් මාරු..
    @ සබද - මඩ ගහන කොට පරිස්සම් වෙයන්..රොබින්හුඩ් .ටාසන් කියන්නේ දෙන්නෙක්..අනික.."සුඡානි A/L Class එකේ කොහොඔ කොළ කැපු හැටි" නෙවෙයි..කොහොඔ කොළ කාපු හැටි..මතක් කලාට ස්තූතියි..අනිවාර්යෙන් ඒකත් දාන්නම් කථා පොතට...
    @ දුමී- හොද වෙලාවට පොල් අත්ත දැකලා ටාසන් වයි ඔලුවට ආවේ..නැත්නම් superman,spider man, night rider, incredible hulk , bat man වගේ අය ඔලුවට ආව නම් මාව එදා ඉතුරු වෙන එකක් නැහැ..
    @prasanna86k- y not????

    ReplyDelete
  8. මෙතන ගත්ත ෆොටෝ වලින් මේක විතරද තියෙන්නෙ....අනේ මගේ ලග නෑනෙ මේක....

    ReplyDelete
  9. මන් හිතන් හිටියේ තැඹිලි ඇත්ත ගැලවිලා පස්ස බිම ඇනෙන්න ඇති කියල.. ඒ මොකද ඒක මට උනානේ !! කාට කියන්නද.. පස්ස අත ගගා ගෙදර ගියා..

    ReplyDelete
  10. අම්මෝ පොඩි කාලේ වෙන තුවාල. හැබැයි ඉතින් කිසි ගාණක් නැහැ ඒවා. ඒ වගේම පොඩි කාලේ එහෙමවත් තුවාලයක් වුණේ නැත්නම් කිසි ගතියක් නැහැ

    ReplyDelete