ඉතින් Aquinas final exam කරලා ඉවර වුණාට පස්සේ අපේ යාලුවන්ගෙන් හුගක් අය ඈත් වුණා...පියරතන හාමුදුරුවෝ එක දවසක් ගෙදරට call කරලා තිබ්බා මට. මම ගෙදර හිටියේ නැහැ එදා...ඒත් පියරතන හාමුදුරුවෝ new year cards, birthday cards..වෙසක් cards අවුරුදු 2 ක් විතර යනකම් අපේ ගෙදරට post කරලා..ඒවා මට ලැබුණා.ඒත් මට එව්වට ස්තූතිය ප්‍රකාශ කරන්නවත් මම ගාව හාමුදුරුවන්ගේ phone no එකක්වත් තිබ්බේ නැහැ.
මෙහෙම අවුරුදු 2 ක් 3ක් ගියා...දවසක් මම අම්මත් එක්ක පුංචි බොරැල්ලේ ගියා. සිරි ධම්ම මාවතට හැරිලා ටික දුරක් යනකොට අපේ පිටිපස්සෙන් උත්පලවණ්නා .උත්පලවණ්නා කිය කිය කවුරු හරි දුවගෙන එන අඩි සද්දයක් ඇහුණා... මම පිටිපස්ස හැරුණේ මේ බොරැල්ලේ මට උත්පලවණ්නා කියලා ආමන්ත්‍රණය කරන්න ඉන්නේ කවුද කියලා හිතන ගමන්මයි..මෙන්න කවුද එච්චරම උස මහත නැති පිරිමි ලමයෙක් දුවගෙන එනවා කොට කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇදගෙන හති දාගෙන මගෙ නම කිය කිය!මායි අම්මයිත් නැවතිලා බලාගෙන හිටියා.අපේ අම්මත් මම දිහා රවන්න ගත්තා මේ මොකාද කියලා අහන්න වගේ ඒ පාර!
දැන් ඔන්න මම ඉස්සරහා ඉදන් හති දදා හිනාවෙනවා...හිනාව .මූණ කට හොදට දැකලා පුරුදුයි.
උත්පලවණ්නාට මාව අදුනන්න බැරිද ? එයා ඇහුවා...ම්හ් මතක් කලා කලා මතක් වුනේම නැහැ.ඒත් කටහඩත් පුරුදුයි වගේ...
මම නෑ කිව්වා...ඒ පාර එයා ඉදන් කියනවා...මම තමයි පියරතන...Aquinas එකේ ඔයාලගේ class එකේ හිටියේ..උපාධිය ගත්තාට පස්සේ මට ****** ඉස්කෝලේ teaching හම්බවුණා. දැන් මම මෙහෙ බෝඩිමක නැවතිලා ඉන්නේ...කඩේට යන්න ආවේ දවල්ට කෑම එකක් ගන්න එතකොට තමා අහම්බෙන් වගේ දැක්කේ ඔයාව කියලා...
දැන් මේ layer cut කපලා තිබ්බට..ඒ දවස් වල මට දිග කොණ්ඩයක් තිබ්බා..මගේ කොණ්ඩෙනුයි ගමනෙනුයි ලු මාව අදුණගත්තේ.දැන් නමප්‍රියන්ත ලු.
ඉතින් මේ මනුස්සයා මෙච්චර හරියක් කියද්දි මට පුලුවන් වුනේ..ආනේ එහෙමද හාමුදුරුවනේ...ඇත්තද හාමුදුරුවනේ..හොදයිනේ හාමුදුරුවනේ කිය කිය හූ මිටි තියන්න විතරයි...මෙයා ඒ හැම පාරම කියනවා දැන් නම ප්‍රියන්ත කිය කිය.ඒත් මට "හාමුදුරුවෝ" ඇරෙන්න වෙන මුකුත් කියවෙන්නේ නැහැ.
ඔන්න දැන් ..දවස් දෙක තුනකින් අපේ ගෙදරට call කලා මේ ප්‍රියන්ත.එතකන්ම මගේ phone no.එක තියෙනවලු එයා ගාව.
ඉතින් මෙන්න අපේ දුරකථන සංවාදය..
ප්‍රියන්ත - හලෝ උත්පලා...මම ප්‍රියන්ත

මම - හානේ හාමුදුරුවනේ...ඉතින් ඉතින්
ප්‍රියන්ත - අපේ පන්තියේ කවුරුත් ඔයාට කථා කලේ නැද්ද..මම - මේ ලගක් වෙනකම්ම කථා කලා..යාලුවෝ දෙතුන් දෙනෙක්..ලගදි නම් කථා කලේ නැහැ හාමුදුරුවනේ...
ප්‍රියන්ත - අයියෝ මම ප්‍රියන්ත අනේ..
මම - ආහ්...sorry sorry
ප්‍රියන්ත - ඉතින් දැන් මොනාද කරන්නේ...ගෙදරට වෙලා..
මම- මාත් ***** Ministry එකේ ...Saturday Sunday විතරයි ගෙදර ඉන්න වෙන්නේ හාමුදුරුවනේ.
ප්‍රියන්ත - ඔන්න ඔන්න ආයෙමත් හාමුදුරුවොලු
මම - ආහ්...sorry sorry ( මට දැන් මේක වදයක් වේගනයි එන්නේ.ඒත් මම හිතලා නෙවෙයි මේ හාමුදුරුවෝ කියන්නේ..ඉබේටම කියවෙනවා)
ප්‍රියන්ත - මම දෙයක් කියන්න වැරදියට හිතනවද?
මම - නෑ හාමුදුරුවනේ
ප්‍රියන්ත -ඉස්සර ඔයා කොණ්ඩේ දිගට ගොතලා...බිම ගෑවෙන්න දිගට සායවල් ඇදලා Aquinas එනකොට මට හරිම අමුතු හැගීමක් ආවේ ඔයා ගැන..ඔයා හිනාවෙන්නේ පොඩි ලමයෙක් වගේ...අමුතු වෙනසක් දැක්කා මම ඔයාගෙන් උත්පලවණ්නා..(වෙන්න ඇති..මොකද ඉස්සර මම අම්මා මහපු දිග full flared (ෆ්ලෙයාඩ් )සායවල් ඇදගෙන තමා හැම තැනකම ගියේ) ඔයාට මම එවපු cards ලැබුණාද?
මම - (මලා ජෝන් කොතලාවල කිව්වලු)...ඔව් හාමුදුරුවනේ
ප්‍රියන්ත - අනේ දැන් මම හාමුදුරුවො නෙවෙයි...
මම - ආහ්...sorry sorry හාමුදුරුවනේ
දඩාස්!!! මා ඇහුනේ එච්චරයි ..මගේ හිතේ Receiver එක හයියෙන් තිබ්බද කොහෙද? අනේ මම මක් කරන්නද හාමුදුරුවනේ! මට කියවෙන්නේම හාමුදුරුවෝ කියලමනේ මම හිතුවා.
හිහ් ......... හිහ්.... .... පොර කල්පනා කරන්න ඇති මේ මොන මඟලක්ද කියලා............ කොච්චර කිව්වත් තේරෙන්නෙ නැහැනෙ...........
ReplyDeleteඇහ් එයා මොකාටද ඒ එන්න හදන්නෙ :O
ReplyDelete@නදි වෙන මොන ඔලු ගෙඩියකටද.අර අපෙ පැත්තෙ පොඩි හාමුදුරු කෙනෙක් දෙනෝදාහක් ඉස්සරහ බස් ස්ටැන්ඩ් එකෙ කොරන වැඩෙට තමයි(අම්මප අපිට බනත් කියනවනෙ සිව්ර ඇදගන)..මෙයානම් සිව්ර ඇරලනෙ!!..
ReplyDeleteමටත් මතකය් ඔය සීන් එක.
ReplyDeleteඅපේ ජීව්තත් එක්ක බැඳිච්ච ගොඩක් සොඳුරු මතකයන් අපිත් එක්කම ජීවත් වෙනවා. සමහරක් ඒවා මතක් කරන්න කරන්න ආශ්වාදනීයයි. සමහරක් ඒවා මතක් කරනකොට හිතේ කොහෙන්ද හීන් වේදනවාක් නැගිලා මුළු සිරුර පුරාම දුවගෙන යනවා. ඒත් ඒ මතකයන් අපිව ජීව්තේ පුරාම ජීවත් කරනවා
ReplyDelete@ manju - ඔයාට මතක ඇති මේ පියරතන. මට ඔයාලගේ class එකේ කතපුඥ්ඤො හාමුදුරුවොත් මතක් වුනා මේක ලියනකොට.
ReplyDelete@ දුමී - අයියේ මේ කථාව 2000 දි වුණු එකක්..මාව NIBM exam එකෙන් Diploma එක කරන්න select වුනෘ.ඒ කියන්නේ අපි දෙන්නෙකුට. ඒ කාලෙ NIBM diploma එකේ fee එක අපිට entrance exam එකෙන් marks හොද නිසා අඩු කලා. රු. 48000 ක් වගේ ගෙවන්න තිබ්බේ මතක විදිහට .ඒත් Aquinas diploma එකත් එක්ක යන්න වෙලාවක් නැති නිසා certificate course එකට මාරු වුණා.
ඒ කථාව ඇත්ත ..මතකයන් අපිත් එක්කම ජීවත් වෙනවා...
ඔයා හිතලම හාමුදුරුවනේ කිවුව නේද ? පවු ඉතින් කොච්චර බලාපොරොත්තු තියන්ද සිවුර අරින්න ඇත්තේ !
ReplyDeleteඅම්මෝ ඕක කිව්වාම මතක් වුනේ දවසක් කැම්පස් එකේ ජිම් කැන්ටිමේ ඉද්දී අපේ එකෙක් මට පෙන්නුවා මේසෙක කෙල්ලො සෙට් එකක් එක්ක වාඩිවෙලා ඉන්න ඩෙනිමකුයි ඩෙක් ෂූස් දෙකකුයි දාලා කොණ්ඩේ ජෙල් කරලා ඉන්න කොල්ලව දන්නවද කියලා.
ReplyDeleteමට එක පාරටම මතක් වුණේ නැහැ. පස්සේ මෑන් කියනවා මතක නැද්ද බන් ඔය අපේ කැම්පස් එකේ භික්ෂු සංගමේ සභාපති හිටිය හාමුදුරුවෝ කියලනේ.
ඕන් වැඩ 4th year එකේදි එයා සිවුරෙන් අබිනික්මන් කරලා