Sunday, May 15, 2011

පැහිච්ච කථා



ඔන්න දවසක් අපේ දෝණියි මමයි ගමනක් යනකොට...
කුඹුරක් ගාව ඉන්නවා හරක් දෙන්නෙක්...එතකොට මෙන්න දෝණි එක පාරටම මගෙන් අහනවා..."අම්මා හරකාගේ girl friend ද එළදෙන කියන්නේ" කියලා...
මාත් ඉතින් "හ්ම් හ්ම් " කිව්වා...
*****************************************************




මේ ලගදි දවසක මගේ යාලුවෙක්ගේ wedding එක තිබ්බා... wedding invitation card එක අතට ගත්ත ගමන් මම දෝණියැන්දත් ලග හිටපු නිසා ප්‍රසිද්ධ නිවේදනයක් කලා ඔන්න මම ***** ගේ wedding එකට යනෝ කියලා...මගේ යාලුවා විශ්ව විද්‍යාලෙත් ගිහින් කා එක්කවත් යාලු වුනෙත් නැති නිසා ටිකක් කල් ගියා එයාට මනමාලයෙක් හොයා ගන්න.
 wedding card එක බලන ගමන් දෝණි අහනවා ඒ පාර මගෙන් "අම්මා ***** ආන්ටි boy කෙනෙක් හොයාගෙනද අම්මා" කියලා. මම ඒත් කල්පනා කලේ මේ ලමයි අපේ දුරකථන සංවාද කොච්චර වුවමනාවෙන් අහන් ඉන්නවා ඇතිද කියලයි.
********************************************************


අපේ දෝණි ඇඟසේදුවට පස්සේ කණ්ණාඩිය ගාව ගැවසි ගැවසි විමසිල්ලෙන් එයාගේ ඇඟ පත දිහා බලනවා මම දවස් ගානක් දැක්කා....එහෙම ඉදලා බැරිම තැන .....
මම          -    මොනවද පු‍තේ ඔය සැරින් සැරේ කණ්ණාඩියෙන් බලන්නේ?
දෝණි      -    අම්මා මම මේ මගේ බඩ දිහා බලන්නේ...
මම           -    ඒ මොකෝ ඒ ඇයි බඩට මක් වෙලාද?
දෝණි       -    මම බැලුවේ මගේ බඩ ලොකු වෙලාද කියලා..
මම           -    ඒ ඇයි බඩ ලොකු වෙන්නේ ඔයාගේ?
දෝණි     -   නෑ ඉතින් මම බලාගෙන හිටියේ අම්මාගේ බඩ ලොකු වෙලා මට මල්ලියෙක් හම්බ වෙනකම්..දැන් ඒක වෙන පාටක් නැති නිසා මම මේ බැලුවේ මගේ බඩ ලොකු වෙලා මටවත් මල්ලියෙක් හම්බ වෙයිද කියලා.

9 comments:

  1. පොඩි උන්ගේ හුරතල් වැඩයි කතයි අහන මුළු ලෝකෙම අමතක වෙනවා...!

    සුජානි, නරකද දූ පොඩිත්තිගේ ආසාව ඉෂ්ට කරල මල්ලියෙක් ගෙනැල්ලා දුන්නොත්.....? :D

    ReplyDelete
  2. @ දුමී- ඒක තමා මේ ...සලකලා බලන්න කියලා හිතුවේ..:D

    ReplyDelete
  3. ආහ් මම දන්නේ නැහැ මේකේ තිබ්බ comments delete වුනේ කොහොමද කියලා..ඔයාලා හිතයිනේ මම delete කලා කියලා ඒකයි කිව්වේ මම

    ReplyDelete
  4. අර අහිංසක පොඩි එකා ගැන හිතලා බලන්න.. පවු ඒකී...

    ප.ලි - ​බ්ලොගර් වල අප්ග්‍රේට් එකක් නිසා සමයර අයගේ කමෙන්ට් නැති වුනා..

    ReplyDelete
  5. මගේ පොඩ්ඩි ඔහොම මල්ලි කෙනෙක් ඉල්ල ඉල්ලා හිටිය අතරේ ඉතින් මල්ලා අක්කිට පවු කියල එන්න තීරණය කලා.. ඔන්න ඉතින් මල්ලිද නන්ගීද කියල එයාට දැනගන්න ඕන. හැම සැරේම දොස්තර ලඟට ගියාම එයා ඕක අහනවා. ඉතින් මම ඇහුව ඇයි පුතේ.. ඔයාට නංගි කෙනෙක් හොඳ නැද්ද ? කෙල්ල කියනවා ඇදල පැදලා.. හොඳයි.. එත්.. එතකොට එයාට අම්මිගේ ජුවෙලරි දෙන්න වෙයිනෙ.. . අන්තිමට මාස පහෙන් දැන ගත්ත මල්ලි කියල.. එතකොට අපි දෙන්නම ඉතින් ගේ ඇතුලේ පෙරහරක් ගියා. ඔන්න මං කිවුව දැන් අම්මිගේ ජුවෙලරි ඔක්කොම ඔයාට ! . නෑ... තාත්තී මං හිතන් හිටියේ නංගිට බාගයක් දෙන්න... බරපතල තීරණයක් නේද ?

    ReplyDelete
  6. @සරත් - පොඩ්ඩි ට මාර අදහස් නේ පහල වෙලා තියෙන්නේ ඒ කාලේ..සෑහෙන දියුණු වෙන ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා නේද? මම පොඩි කාලේ අම්මාට නංගි හම්බවෙන්න ඉන්න කොට කිව්වා මල්ලියෙක් ගෙනාවොත් කුනු වලට දානවා කියලා..පොඩි කාලේ ගුටි කාලා කොල්ලෙක්ගෙන් ඒ තරහට..අපේ ආච්චි එතකොට කියනවා මතකයි ගහකට නග්ගලා ගෙඩියක් හරි කඩා ගන්න මල්ලියෙක් තමා ඕන කියලා...
    @ සෝරෝ - අපෝ..දුව day care වල තියපු හැටි මතක් වෙන කොට කවර කථාද?

    ReplyDelete
  7. තාම මට ළමයෙක් නැති නිසා ගැටළුවක් නැහැ. ඒ කොහොම වුණත් මේ වගේ අත්දැකිම් තියෙන වැඩිහිටියෝ අපිත් එක්ක කරුණු කාරණා බෙදාගන්න එක හොඳයි

    ReplyDelete
  8. මොකද writer's block එකද ලියන්නේ නැත්තේ ?.

    ReplyDelete
  9. හිහි සෝයි කෙලි පැටික්කියෙක්නේ අක්කට ඉන්නේ

    ReplyDelete