Tuesday, June 7, 2011

වයිටා....

වයිටා කියන්නේ අපේ ගෙදර සුරතල් බලු පැටික්කියා...ඌ කුරු බල්ලෙක්...උගේ අම්මාට පැටවු ලැ‍බෙන්න ඉද්දි අපේ ගෙදර ආවේ..ඒ පැටවුන්ගෙන් ලස්සන අය එක එක්කෙනා අරන් යද්දි වයිටා තමා උගේ අම්මාත් එක්ක අපේ ගෙදර නැවතුනේ....වයිටාගේ අම්මාට අපි කිව්වේ ලොක්කි කියලා...වල්ටේෂන් උනාට මොකෝ බොහොම කෙළෙහි ගුණය ඇති සමහර මිනිසුන්ටත් වඩා හොද ගතිගුණ ඇති බැල්ලියෝ දෙන්නෙක් මේ දෙන්නා..වයිටාගේ අම්මා ගිය අවුරුද්දෙ නැති වුණා....දැන් වයිටාට අවුරුදු 3  1/2 ක් විතර ඇති...ඒත් අපේ වයිටාට ගිය අවුරුද්දේ පොඩි accident එකක් වෙලා operation එකක් කලා... ඒ නිසා ඌට පැටවු හිටියේ නැත්නම් හොදයි කියලා doctor කිව්වට එහෙම දෙයක් කරලා ඌට පැටවු නැති කරන්න දුක හිතුණා අපිට...ඉතින් ඔහොම ඉදලා දැන් වයිටා අම්මා කෙනෙක් වෙන්න ආවා..ඒත් අපිට තේරෙනවා මේ දවස් වල වයිටා හරිම අපහසුවෙන් හැසිරෙන්නේ කියලා..ඌ ඉස්සරහා දොර ගාව ඇල වෙලාමයි දවස ගෙව්වේ...ඔය අස්සේ අම්මා අපිට කන්න හදපු මස් හට්ටියක්ම වයිටාට කන්න දීලා අපේ දොණියැන්දා දවසක් බලනකොට..මට කියනවා ඉතින් අම්මා අපිට නම් උයාගෙන හරි කන්න පුලුවන් නේද?වයිටාට උයන් කන්න පුලුවන්ද? අම්මාම කියනවනේ මම හම්බවෙන්න ඉන්නකොට අම්මට අරවා මේවා කන්න ආසා හිතුණා කියලා...ඉතින් වයිටා පවුනේ අම්මා..ඒකයි මම එහෙම කලේ කියලා...
පෙරේදා අපි ගෙදර යනකොට ඉස්සරහ ගෙදර අක්කා දුවගෙන ඇවිත් කිව්වා අනේ නංගි ඔයාලාගේ බල්ලා අන්න උඩහ ගෙදර පාර අයිනේ වැටිලා පණ අදිනවා කියලා...සාරිය පිටින්ම දුවත් අතින් ඇදගෙන මම දිව්වා වයිටා බලන්න..අර ලොකු බඩ ගෙඩියත් එක්ක පණ ඇදලාම ඌ මැරිලා ගිහින්..ඒක දැකලා අපි දෙන්නම ඇඩුවා..දුව අඩනවා එයාට වයිටාම ගෙනත් දෙන්න කියලා තාමත්..එයාගේ පාලුවට එයාට හිටියේ වයිටා විතරයි සෙල්ලම් කරන්න..මම කිව්වා පුතේ වයිටා ආපහු එයි..එයා හොද ආත්මෙක ඉපදෙයි කියලා..ඒත් දුව අහන්නේ එතකොට වයිටා එයාව අදුණා ගනීද කියලා...ඒකට දෙන්න මට උත්තරයක් නැහැ.අපි ඌව පස් යට තනි කරලා ගෙදර ආවාම දුව බුදු පහන ලගට වෙලා වයිටා එයාගේ හොදම යාලුවා ..එයාව ආපහු එවන්න කියා කියා බුදු හාමුදුරුවන්ට කියනවා මම අහගෙන හිටියේ මගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි..
ඇත්තටම වයිටා කියන්නේ හුගාක් හොද ගතිගුණ තිබ්බ ..හොදම හොද බල්ලෙක්...ඌට හොද ආත්මයක් ලැ‍බෙනවාම තමා..ඒත් එදාට අපිව දැකලා අපිව අදුනාගෙන නැට්ට වනාගෙන අපි ඉස්සරහට උඩ පැනගෙන දුවගෙන එන එකක් නැහැනේ ආපහු.....



5 comments:

  1. ඔය වගේ වෙලාවට අපිට හිතෙනවා නේද අපි අරම කලා නම ජීවිතේ බේරේවි කියල. එත් ඔය තමා එයා ගෙනා ආයුෂ ප්‍රමාණය.. මම බල්ලන් තුන් දෙනෙක් හදල අවසානයේ දුක් උන කෙනෙක්.. එක්කෙනෙක් ඔය විදිහට මැරුණා. අනිත් කෙනා ආ ගිය අතක් නැති උනා. අනිත් කෙනා මට දාල යන්න උනා රට යනකොට.. මම ආවට පස්සේ දැනගත්තේ හැමදාම එනකම් බලන් හිටිය.. කෑමත් අතෑරියා අන්තිමට අකාලේ මැරුණා කියල. අම්මල මට කිසි දෙයක් දැන්වූවේ නැහැ. අහපු හැම වෙලාවේම කිවුවේ හොඳින් ඉන්නවා කියල.. මම ටෙලිපොන් කලාම බුරනවා..හරියට කතාකරනවා වගේ. එක නැති වුනාම මට හිතුන එයා යන්න ඇති කියල.. එත් අම්මල කිවුවේ දැන් මෙතන නැහැ කියල විතරයි..මං ගෙදර ආ ගමන් ඇහුවේ කෝ මීෂා කියල..(එයට නම් ගොඩක් තිබ්බ. මීෂ, මිෂ්කා මික්කා, මී කොල්ල, මිකී මවුස් ඔහොම ආදරේට දාල) කවුරුත් කතාකලේ නැහැ.. මට ගෙදර ආ සතුට නැතිඋනා. මේ අහිංසක සත්තුන්ගේ ජීවිත කාලේ කොට නිසා අපි ඔය දුකට මුණ දෙනවට වැඩිය හොඳද නොහදා ඉන්න එක ? අපි දැන් ඉන්නේ කොන්ඩෝමිනියම් එකක නිසා බල්ලෝ තහනම්.. එත් බලු පිපාසය(බල්ලෙක් නැති පාළුව) අපි හැමෝටම හරිම තදයි..

    ReplyDelete
  2. හ්ම්...බල්ලන්ගේ තියෙන්නේ පුදුමාකාර ගතිගුණ...ආදරේ කරුණාව වෙනුවෙන් උන් අපි ලග කොච්චර දැවටෙනවද?ඒ ආදරේ කරුණාව උන්ට එච්චරටම වටින නිසායි..

    ReplyDelete
  3. මොනවා වෙලාද අනේ ඌ මැරිලා තියෙන්නේ....ඔයාට මතකද මගෙ වෛටා(සුදු මහත්තයා).ආච්චි මට ඉස්සර බනින්නෙ බල්ලට මහත්තයා කියනව කියලා...මම ගාල්ලට ගියාට පස්සෙ අපේ මෙගා මැරුනා කියලා අම්මා කෝල් කරල කිව්වම මම දවසෙම ඇඩුවා...ඔයාට මතකද මගෙ මෙගා ,ටොමියා ,බෘනෝ, ලැසී.......

    ReplyDelete
  4. පෙර ආත්මෙක ඉදන් ආපු බැඳීමක් තියෙන්න ඇති. ඒකනේ එච්චරම හිතවත්කමක්

    ReplyDelete
  5. @ manju- ඌ මැරුනේ පැටවු ලැබෙන්න ආපු නිසා වෙන්නැති...මට මතක නැත්තේ මොකද ඔයාගේ බල්ලො list එක...
    @ Hasitha- ඔව් ඒකත් කියන්න බැහැ...ඌගේ තිබ්බ හොද ගතිගුණ වල හැටියට ඌ නෑයෙක් කියලා කියන්න ආඩම්බර වෙන්න ඕන හරිනම්

    ReplyDelete