රාජකාරි ජීවිතේ වෙන එව්වා ලියන්න ගත්තට මොකෝ..දැන් තමා ඒකේ අපහසුව තේරේන්නේ ඔන්න..අරයට මෙයාට අපහාස කළා කියලා නඩු file වෙන්න ඉඩකඩ බොහොම වැඩියි ..ආණ්ඩුවේ සේවකයෙක් වුණාම.ඒ නිසා මතක කථා මයි ලියන්න වෙන්නේ ඔන්න....
මේක 1980 දශකයේ අගභාගයේ එකක්...ඒ දවස් වල අපි හිටියේ මහ ගෙදර. මායි මංජුයි (අපේ ලොකු නැන්දාගේ දුව) එක වයසේ නිසා එකටමයි හැදුනේ වැඩුනේ....ගොඩක් වෙලාවට එකම වගේ තමා අපි ඇදුම් ඇන්දෙත්....ඉතින් අපේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා අපිව දැම්මා ගමේ පන්සලේ දහම් පාසලට...සීයා තමා ඒ පන්සලේ ප්‍රධාන දායකයා.ගොඩක් වෙලාවට එයා අපිව දහම්පාසල් එක්ක යනවා එයාගේ කලු පාට මොරිස් මයිනර් එකෙන්...ඉස්සර අපි ඒකට කිව්වේ ඉබි කට්ට කියලා..ඒ වුණාට ඒක හිමින් නම් යන්නේ නැහැ ඔන්න...අපි එක වසරේ ඉදලම දහම් පාසල් ගියා.
මෙන්න මේ කියන ඉරිදා දවසේ අපි දෙන්නට සිද්ධ වුණා පයින්ම ගාටන්න දහම් පාසලට..ඒක තියෙන්නේ පයින් යන දුර. අපේ සීයාගේ වත්ත අක්කර 25 ක්.ඒක ඉස්සර ආණ්ඩුකාරවරයෙකුටලු අයිති වෙලා තිබ්බේ..මේ වත්ත හරිම ලස්සනයි...දැන් චූටි බාප්පා ඒක තවත් ලස්සන කරලා තියෙන්නේ..ඉතින් මහ පාරේ ඉදලම මහ ගෙදරට යන කම් කිලෝමීටරයක් විතර දිගට අන්දර වැටියක් තියෙනවා හරිම ලස්සන. පොඩි වංගුවක් වගේ තියෙනවා මහ ගෙදරට හැරෙන්න..එතන ලොකු එල රඹුටන් ගහකුත් තියෙනවා...කථාවට යමුකෝ.
ඉතින් ලමා සාරි එහෙමත් ඇදගෙන මේ රඹුටන් ගහ යටට ට එනකොට එදා අපි දෙන්න ට හරිම කම්මැලි කමක් ආවා දහම් පාසල් යන්න...මතක විදිහට අපිට මල් වට්ටි වලට මල් කඩා ගන්නත් කම්මැලි හිතුණ නිසා මල් නැතිව දහම් පාසල් යන්නත් බයක් වගේ තිබ්බා...මහ ගෙදරත් පේන දුරින් තියාගෙන අපි දෙන්නා ගැටයක් ගැහුවේ එදා දහම් පාසල් යන එක cut කරන්න...දැන් නියපොතු හප හපා අපි කල්පනා කරනවා මේක කරන්නේ කොහොමද කියලා...ඔන්න ඉතින් ඔතනට වෙලා විනාඩි 10 ක් විතර නියපොතු ටික කාලා ඉවර කලාම අපිට ආවා idea එකක්.
ඊට පස්සේ අපි දෙන්නා ආපහු හිමින් සැරේ ගෑටුවා මහ ගෙදර පැත්තට. යන කොට ගේ ඉස්සරහා ඉස්තෝප්පුවේ තිබ්බ හාන්සි පුටුවේ සියා හිටියා ඇල වෙලා පත්තරයක් බල බලා. අපි දෙන්නා දැකලා සීය ඇහුවා මොකද මේ ගිය පයින්ම කියලා...බොරුවක් ගොතාගෙන ආවට දැන් ඒක කියවෙන්නෙත් නැහැ.ඒත් බැරි මරගාතෙම අපි කිව්වා , අනේ සීයේ දහම් පාසලේ ගේට්ටුව වහලා කියලා.මොකක් ? සීයා ඇහුවා. ඔව් සීයේ දහම් පාසලේ ගේට්ටුව වහලා..අපි බලා ඉදලා ඉදලා ඇරියේ නැති නිසා ආපහු ආවා කියලා අපි දෙන්නා වෙව්ල වෙව්ල කියා ගත්තා. සීයා මහ හයියෙන් ආච්චිට කෑ ගැහුවා..නෝනා ඔය කාර් එකේ යතුර ගෙනාවනම්..මෙන්න මුන් දෙන්නා කියනවා දහම් පාසලේ ගේට්ටුව වහලා කියලා...මට ඕන බලන්න මොන පන්සලේ ද ගේට්ටුව වහලා දාන්නේ කියලා..
අපි දෙන්නා මූණෙන් මුණ බලා ගත්තා..දැන් අපිට භාගෙට ඇඩිලා..අද නම් ඉවරෙටම ඉවරයි තමා...
වරෙල්ලා යන්න මාත් එක්ක කියලා සීයා නැග්ගා කාර් එකට...අපි දෙන්නත් ගිටාර් ගහනවා වගේ වෙව්ලන කකුලුත් අද්ද අද්ද ඒකට ගොඩ වුණා කියමුකෝ. දහම් පාසල පේන්න ඔන්න මෙන්න තියනකොට අපි දෙන්නා කලේ හූ කිය කියා අඩන එක...දහම් පාසල් යන්න බැහැ කියලා...මෙන්න දහම් පාසලේ ගේට්ටුවත් තියෙනවා පලු දෙකම හායි කියලා ඇරලා දාලා.කෝ බොලවු වහලා කියපු ගේට්ටුව සීයා ඇහුවා...
නායක හාමුදුරුවොත් හිටියා ආවාස ගෙයි ඉස්සරහම අපේ වෙලාවට උන් වහන්සේ එදා කොහෙවත් වැඩලා නැහැ. සීයා කිව්වා සමාව ඉල්ලලා වැදපියව් කියලා හාමුදුරුවන්ට.අපි දෙන්නා අඩා වැටි වැටි සමාව ඉල්ලලා පන්තියට ගියා හොටු පෙර පෙර...
හැබැයි එදායින් පස්සේ අපි කවදාවත් බොරුවක් නම් කියන්න තියා හිතුවෙවත් නැහැ. පස්සේ A/L එහෙම කරලා ඉවර වෙලා උසස් අධ්‍යාපනය හදාරණ කාලෙදි ..අපි කඩවල් ගානේ shopping කරලා පරක්කු වෙලා ගෙදර එන කොට රඹුටන් ගහ හරියෙදි මංජු මට කියනවා..අනේ චමිලක්කේ (නෑදෑයො මට කිව්වේ චමිලා කියලා. මගේ නම පතරංග ජාතකයක් වගේ දිගයි.මොකෝ පවුල් දෙකෙන්ම මුලින්ම හම්බ වුණු දරුවා මම නිසා කට්ටිය පැන පැන නම් දාලා තියෙන්නේ.වැඩිමල් වෙන එක තරම් කරුමයක් නම් තවත් නැහැ)ඔයා නම් කට අරින්න එපා මංම කියන්නම් කියලා මොකක් හරි...මොකෝ මගේ බොරු කියපු ගමන් අහු වෙන නිසා...
මේ තියෙන්නේ අපේ මහගෙදර...නවීකරණය කරලා තියෙන්නේ මේ සිමෙන්ති ගල් කෑලි වලින් විතරයි...අනෙක් සේරම පෙර පරිදිමයි...දැන් ඉන්නේ සිය පවුලත් එක්ක චූටි බාප්පා..අපේ තාත්තලාගේ පවුලේ සේරම සහෝදර සහෝදරියන් 9 යි...
මේ තියෙන්නේ අපේ මහගෙදර...නවීකරණය කරලා තියෙන්නේ මේ සිමෙන්ති ගල් කෑලි වලින් විතරයි...අනෙක් සේරම පෙර පරිදිමයි...දැන් ඉන්නේ සිය පවුලත් එක්ක චූටි බාප්පා..අපේ තාත්තලාගේ පවුලේ සේරම සහෝදර සහෝදරියන් 9 යි...
ඔය කිව්වහම තමයි මටත් මතක් උනේ. මමත් පොඩි කාලේ ඉස්කෝලෙ යන්න බැහැ කියලා බිම පෙරලි පෙරලි අඬපු වෙලාවකදි මට ලැබුනු දඬුවම.
ReplyDeleteමගේ අත්තම්මා (විදුහල්පති වරියක්) මාව ගේ දොර ගාව හිටවලා තිබ්බා යුනි ෆෝම් එකෙන්ම, වතුර බෝතලේ සහ පොත් බෑහ් එකත් කරේම එල්ලලා, ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවෙ ඉඳන් ඉස්කෝලෙ ඇරෙන වෙලාව එනකන්ම. මේක උනේ 1982 දි විතර, මම දෙකේ පන්තියේ ඉන්නකොට වගේ තමයි මතක.
එදා ඉඳන් කවදාවත් ඉස්කෝලෙ යන්න බැහැ කියලා ඇඬුවෙ නෑ.
නියම දඩුවමක්නෙ දීල තියෙන්නෙ.
ReplyDelete@දුමී- අත්තම්මා නම් නියමයි....
ReplyDelete@ නදී - ඒකනේ කියන්නේ...
හරි අමුනල නරල මට දැනුයි වැඩේ තේරුනෙ උඔ ඉස්සර ඇඩුවෙ මොරිස් මයිනර් එකක් ස්ටාර්ට් නරනවා වගේනේ. හරි හරි
ReplyDeleteඅය්යො ඔයාට අමතක වෙලනෙ.... අපි පන්සල පේන කිට්ටුවටම ගිහින් තමා හැරිල ගියෙ.....
ReplyDeleteඅපිට නම් කට් කරන්න වාසනාවක් තිබ්බෙම නැහැ.. ඒ මොකද අපේ චුට්ටක්ක වස නපුරී. ඇදගෙන යනවා.. කේලම් කියනවා..
ReplyDeleteමට නම් ඒ කාලේ ඉදන්ම හරි කැමති වැඩක් දහම් පාසල් යන එක වගේම පන්සල් යන එක. තාමත් ඒක එහෙමමයි. දැන් නම් ටිකක් කම්මැලි වෙන දවස් තියෙනවා. ඒ දැන් මම දහම් පාසලේ උගන්නන්න යන නිසා වෙන්න ඇති :)
ReplyDelete