පුංචි කුසුමක් පිපී අවුදින්...
කිරි සුවදමයි ගලා ආවේ.....
ඉහිරෙනා පිණි කැට සිනාසී...
හිරු රැසේ නුඹ ගැනයි ලීවේ.....
මේක මම ලියන්න හිතුවේ ඊයේ අපේ ඉස්සරහා ගෙදර සිදු වුණු සිදුවීමක් නිසා...ඒ ගෙදර හිටියේ අපේ දෝණිගේ වයසේ දුවක්...දවස් 3 කට 4 කට කලින් ඒ ගෙදර අක්කා ඇවිත් කිව්වා ඒ දුව වැඩිවිය පැමිණිලා උත්සවය තියෙන්නේ 13 වෙනිදා. ඒකට එන්න කියලා...අවුරුදු 7 ක් කියන්නේ මොන වයසක්ද දෙවියනේ කියලා ඒක අහපු මගේ හිත එච්චරටම හිරි වැටුනේ මගේ දුවගෙ වයසත් ඒකම නිසා වෙන්නැති...
ඊයේ ඒ ගෙදර ඒ උත්සවය ගත්තේ අහල ගම් 7 කට 8 කට කියලා...අපි ඒ උත්සවයට සහභාගි වුනේ රෑ වෙලා...දුව කෑ ගහනවා අම්මා දැන් කේක් කපලත් ඉවර ඇති කියලා...එයාගේ හිතේ උපන්දින උත්සවයක් කියලා....මිනිස්සු වැල නොකැඩි එද්දි දිගට දිගේ දිලිසෙන ගවුමක් ඇදගෙන ගේ පුරා දුව දුව හිටපු ඒ දුව දකිද්දි මට දැනුනේ පුදුම දුකක්..ඒ වගේම මේ අම්මලා තාත්තලා ගැනත් නොපැහැදීමක්...මේලොකේ දෙයක් නොතේරෙන ඒ අහිංසකී ගේ වටේ සෙනග ගොඩේ දගලනකොට අර අම්මලා තාත්තල වෙන වෙන සිහි වලින් හිටියේ....මම අපේ අම්මලට කිව්වේ අර පොඩි එකීගේ සිද්ධිය මේ මිනිස්සු මෙච්චර පැතිරෙව්වේ ඇයි කියලයි...
ඒ කොහොම වෙතත් පහු ගිය දවස් වල පත්තර බැලුවම මේ ගෙවෙන්නේ පොඩි දරුවන්ට සුභ කාලයක් නොවෙන වගයි මට හිතෙන්නේ....හුගක් කරදර වලට මුල අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල හා නොදැනුවත් කම...දවසක් පත්තර වගයක් බලලා ඒවා වල තිබ්බ දේවල් මගේ හිතට හරි වදයක් වුණා..මොකද අපේ දුවගේ තියෙන්නේ බොහොම කුතුහලයට විමසිල්ලට පත් වෙන හිතක් නිසා...එයා බයත් අඩුයි...සමාජශීලී වැඩියි කියලාත් වෙලාවකට මට හිතෙනවා..
.ඒ නිසා මම දුවට කථා කරලා කිව්වා පුතා අම්මා ලග නැතිව කොහෙවත් යන්න එපා...ඔයා අම්මත් එක්ක ඉන්න වෙලාවට අම්මාට පේන මායිමෙන් ඉන්න ඕන හැම තිස්සෙම කියලා...දුවත් ඉතින් කට ඇරගෙන ඉන්නවා...ඒත් මගෙ හිතට එන දේවල් විස්තර කරන්න දුව බොහොම පොඩි වැඩී...ඒ වුනත් ...මම කිව්වා පුතේ අපි පිට ගේකට අපේ නෑ ගේකට ගියත් ඔයා කාමර වලට එබෙන්න යන්නෙපා ...විශේෂයෙන් boys ලාගේ කාමර වලට එබෙන්න යන්න එපා කියලා..
ඒ පාර මෙන්න දුව මට කියනවා ඉතින් අම්මා තාත්තාත් boy කෙනෙක්නේ එහෙනම් කියලා...
අනේ ඉතින් මම් කොහොම තේරුම් කරන්නද පුතේ ඔයාට...මේ ලෝකේ හැටි....දුවෙක් ඉන්න හැම අම්මෙකුගේම සිතේ ඒ හැගීම ඇති...දැන් දුවලා නෙවෙයි පුතාලත් ඒ වගේම පරිස්සම් කරන්ගන්න ඕන....මම දුව ව ලගට කරගෙන කුමරි තොටිල්ලෙන් කවි ටිකක් කියලා දුන්නා එයාට ඒ පාර..
උත්තම තලතා දේවී
නුවණින් අගතැන්පත් වී
එනුවණ ලැබ ගන්නට වී
රිය කරපන් සීදේවී...
ඉටු කරනට තම යුතුකම
මැලි නොම වෙමි විටෙක කිසිම...
කියා සිතුම එලෙස කෙරුම..
සිගිති දුවට වැඩකි උරුම...
සිරි සගබෝ දේවි එදා...
අත්තන ගලු කැලේ මැදා..
තම හිමිගේ සිරුර බදා..
වැලපුණි දිවි හිමිට පුදා....
ජාලිය හා ක්‍රිෂ්ණ ජිනා ..
දන් දුන් පසු හිමි විසිනා...
මන්ද්‍රි දේවි එබැව දැනා...
දොම්නස පෑවා බැතිනා..
පටාචාර දම්දින්නා...
බද්ධසෝන මුණි ගෙන්නා..
ගරු තනතුරු ලැබ උන්නා....
අනේ නංගියේ කොහොම විස්තර කරන්නද මේ නරුම ලෝකය ගැන මේ පුංචි පැටික්කිට. අද කාලේ හැම තැනම මේ විකාර තමයි අපිට දකින්න වෙලා තියෙන්නේ. මෙහෙම අම්මලා කොහොම ගැහැණු දරුවෙකුට දැනමුතුකම් දේවිද මන්දා. පුංචි දෝණිටත් අම්මටත් වාසනාවන්ත අනාගතයක් පතනවා.
ReplyDeleteමේ කවි පොත ඔයා ලග තියෙනවද? මතකද අපි පොඩි කාලෙ ඔය කවි කියනව..මටනම් මතක 4 වෙනි කවිය විතරය්.....ආ....ඔයා මේකට දාලා තියන picture 1 පේන්නෙ නැතෝ.....
ReplyDelete@ manju-ඔව් මේ කවි කුමර තොටිල්ල කියන පොතේම කුමරි තොට්ල්ල කියලා වෙන් කරලා තියෙන්නේ...මේවා කියලා තමා පොඩි කාලේ ඉදලම නිදි කෙරෙව්වේ දුවව මම..ඒ කවි හරිම ලස්සනයිනේ..
ReplyDeleteදැන් නම් photo එක පේනවෝ....
ReplyDelete