Sunday, November 20, 2011

එපා ...ඔබ





දේදුන්නක් වී  පායන්න එපා...ඔබ
සත්පාට මැකී යා නම් ‍නෙත අභියසම...

සමනළයෙක් වී එන්න එපා ...ඔබ
පියඹා යයි නම් මවෙතින් රොන් ගත් විගසම....

සඳපානක් සේ දිලෙනු එපා...ඔබ
රැය ගෙවී ගියකල ඒවි නම් දිනකර...

වස්සානය වී එන්න එපා ..ඔබ
ගිම්හානයේ හද දවාලයි නම් තනිකම...

මල් සුවඳක් සේ ඈතින් ඉනු මැන...
පරවි ගියද
සුවඳ නොමැකෙන....
ගිලිහී ගියද
සුවඳ නොසිඳෙන....

4 comments:

  1. සුන්දර අදහසක්

    ReplyDelete
  2. එපා නුඹ
    කඳුළක් වේ නම්
    මට...

    ReplyDelete
  3. ඒකත් හොඳයි. සරුංගලයක් ලස්සන අහසේ පාවෙද්දී ඒක තමන් ගාව තියාගන්න යන එකෙන් කිසි ලස්සනක් නැහැනේ

    ReplyDelete
  4. සුවඳ දී මහදට නුඹ ගියා ඈතට..........
    ඉතිරි ඒ සුවදේ රැඳෙයි මා සිත
    වෙලා නෙක සඳකැන් සිත පුරාවට
    සොඳුරු සිත්තමක් මවා හදගැබ
    ලස්සනයි.

    ReplyDelete