Friday, November 18, 2011

ඒ සහි තුයිහ පිතා.........(අපේ කාලයේ යශෝදරාවකගේ නරසීහ ගාථා)

උදේ රැයින් පිටවී ඔහු යන්නේ..
මා බැඳ දුන් බත් මුල ගෙනියන්නේ..
හවසට වැනෙමින් ගෙදරට එන්නේ..
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

ඇස් දෙක මදටිය මෙන් දිලිසෙන්නේ...
මත් වි කරටිය කඩා වැටෙන්නේ..
හිමිහිට වැනි වැනි මඟ දිග එන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

කමිසය පොඩි වී වැරහැලි වැන්නේ...
මොන මොනවද හෙමිහිට මුමුණන්නේ..
ඉඳහිට විසි වී වැටෙන්න යන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

අපහට සැප දෙන්නයි පවසන්නේ...
සවසට ඔහු අතිකාල කරන්නේ..
මිතුරන් සමඟින් රංචු ගැසෙන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

මිතුරන් දෙපසින් අල්ලන් එන්නේ...
මිතුරන්මයි ඔහු හට වින දෙන්නේ...
මිතුරන් නැතිදා අපිමයි ඉන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

මොනවද අද මට කන්න තියෙන්නේ...
අසමින් ඔහු මට ගුටි බැට දෙන්නේ...
නුඹ දුටුවොත් නුඹටත් වද වෙන්නේ.....
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

නොසරුප් වදනින් ඔහු බැන එන්නේ..
දායාදය ඔහුගෙන් නොපතන්නේ...
දුව ගොස් දොරමුල්ලේ හැංඟීයන්නේ...
පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

6 comments:

  1. ජීවිතේ ජිවිතේ...........

    ReplyDelete
  2. අනේ.....මේ අහස යට සිද්ධ වෙන දේවල්. යථාර්තවාදී..සිතුවිල්ලක්.. අපූරුයි

    ReplyDelete
  3. හරිම අපූරු සිතුවිල්ලක් අක්කේ.. ලස්සනයි...

    ReplyDelete
  4. @ Hasitha,හිතුවක්කාරී,Dinesh-ස්තූතියි ඔයාලට..

    ReplyDelete
  5. ගින්දර කොල්ලෙක් වගේ....
    කවුද බෝයි

    ReplyDelete