පෙරදා..
නුඹේ උණුසුමට තුරුලු වී
සිටින විට..
සිඹිමින් මගේ වත
පැවසුවා නුඹ
මෘදුයි සුවඳයි යැයි
මගේ උණුසුම.....
මගේ නලලත හා කොපුල් තල වෙත
හාදු වැසි වස්සවමින්...
නුඹේ දෙනෙත් මා දෙනෙත් තුල
සොයමින් ආදරය...
හෙමි හෙමින් පහත් වී...
දෙතොල් මත තබන විට..
නුඹෙ දෙතොල්...
අනේ ඒ නිමේෂය ...
කාලය නතර වේ නම් එතැනම..
කෙතරම්ම සොදුරුද
මට සිතුණා...!!!
මම ලියන්න හදනවා....
ReplyDeleteමට ලියන්න බෑ....................
මම ආයෙත් ලියන්න හදනවා....
මට ලියන්න බෑ....................
මොකද..
මතකය නැමති මහ සයුරට
නෞවුකාවක් වුන ජීවිතයට
අමතක නොවන
සුන්දරම සුන්දර
චාරිකාවක් වෙන්න පුලුවන් වුනා නම්
ඒ අමතක නොවන මොහොත
කාලය නැමති සිතිජය නිසා
ගිලිහෙන්න දෙන්න බැරි නිසා.................
කවුද බෝයි
මොකක්ද බොලේ මේ හරුපේ...
ReplyDeleteඒක තමයි මාත් බැලුවෙ.. අනේ මන්ද?
ReplyDeleteකවුද බෝයි
සමහර නිමේෂයන් අපි කැමතියි නිමා නොවීම අපි ලග තියෙනවානම්...
ReplyDeleteඒ සෙනෙහස ආදරය හැමදාම අපි ලඟ තියෙන්න තමයි හැම දෙනෙක්ගෙම පැතුම. ඒ උනාට මේ අස්තිර ලෝකෙ ඒ දේ විතරක් ස්තීර වෙන්නෙ කොහොමද?
ReplyDelete