Wednesday, November 16, 2011

රන්වන් එරන්වන් යෞවනියේ....


අපේ අමාත්‍යාංශයේ ඉන්නවා ලස්සන නංගියෙක්...හුඟාක් අය ඉන්නවා ඉතින්....ඒත් මෙයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක්...නිරූපිකාවක් වගේ උසයි...කොණ්ඩය කෙටි වුණත් කර්ල්...ලස්සනයි ඇත්තටම...ඉතින් මේ නංගි ලස්සන නිසාම හොඳට කැපිලා පේනවා...
දැන් දවස් ගාණකට කලින් මම දැක්කා අපේ  branch එකට එහා පැත්තේ   branch   එකේ..Boy කෙනෙක් ගේ උරහිසේ ඔලුව තියාගෙන මේ නංගි staff bus  එකේ යනවා..මම ඒත් හිතුවා මේ කොල්ලත් හිමිජ්ජා වගේ ඉඳගෙන ලස්සනම කෙල්ලෙක්නෙ හොයාගෙන තියෙන්නේ කියලා...ඒත් ඒ හැඟීම වැරදියි කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් මට ගියේ නැත්තේ එතනට ආපු කොන්දොස්තර ලමයාගේ අතින් ඇද ඇද මේ නංගි කථා කරනවා දැකලයි....මේ ඔයාට තේරුණා නේද මම කලේ විහිලුවක් කියලා..කිය කිය මේ කෙල්ල ඒ කොන්දොස්තර කොලුවගේ අතින් අදිනවා මම බලාගෙන...අනේ ඉතින් අර කොල්ලත් ඩිම් වෙලා බලන් ඉන්නවා මේ කෙල්ල දිහා..
ඔන්න ඔය විදිහට දවස් ගානක්ම මම දැක්කා  නොයෙක් කොලු ගැටව් එක්ක උරහිසේ ඔලුව තියාගෙන... අතේ වෙලිගෙන ...උරහිසට තට්ටු දදා ..ඔඩොක්කුවේ වාඩි වෙලා...නොයෙකුත් විදිහට මේ කෙලි පොඩ්ඩ  staff bus  එකේ යනවා....මට හිතෙන විදිහට එයා ඒ දේවල් කරන්නේ යාලු කමටයි දඟ කාරකමට වෙන්න ඇති..ඒත් ඒ ගෑණු ළමයාත් එක්ක යන පිරිමි ළමයිගේ ඇස් මම දකිනවා ...එයා කරන  හැම දේකින්ම ඒ පිරිමි ලමයිගේ ඇස් වල ආශාවේ බලාපොරොත්තු දැල්වෙන හැටි..ඒක ඒ ගෑනු ළමයාට තේරුමක් නැහැ...
අනේ නංගියේ...මම මේ උඹේ හොඳටයි කියන්නේ...ඔය වැඩේ නම් එච්චර සුභ වැඩක් නෙවෙයි කෙල්ලේ...ඔන්න !!!!

8 comments:

  1. සමහර විට දඟකාර කම වෙන්නැති...සමහර වෙලාවට එයා ඒක එච්චර හිතන්නෙ නැතුව ඇති..ඒත් ඉතින් ඒ විදියට ගෑණු දරුවෙක් හැසිරෙන කොට ඒ සිදුවීම් වලට මූණ දෙන පිරිමි ළමයින්ගේ සිතිවිලි වෙනස් වෙන්න පුළුවන්....

    සුජානි කිව්ව වගේ ඒක එතරම් හොඳ වැඩක් නම් නෙමේ....

    ReplyDelete
  2. දිල් අක්කා කිවුවත් වගේ ඒ එයාගේ දගකාරකමට එහෙමත් නැත්නම් අනිත් අයත් එක්ක තියෙන හොද මිතු දමට වෙන්න ඇති.. කිවුවත් වගේ ඕක දිහා බලන අය මේ දේ දකින්නේ වැරදියට...

    ReplyDelete
  3. @දිල්- ඔව්...ඒක හරි ඒ ගෑණු ළමයා එහෙම හිතන්නැහැ...ඒත් ඒකෙන් අන්තිමට එයාට කාගෙත් සුරතලී වෙන්න තමා වෙන්නේ..ඒ ගෑණු ළමයාට මාත් හරිම කැමතියි...හරිම ආකර්ෂණීයයි..ඒත් ඒ පිරිමි ලමයිගේ මූණ දැක්කම මට එයා ගැන මොකක්ද බයක් හිතෙනවා දිල්...ඒ බය මගෙ දුවටත් පොදුයි...

    @Dinesh-කිව්වත් වගේ මාත් ඒකම තමා කිව්වේ කිව්වත් වගේ ඔන්න..

    ReplyDelete
  4. කාගෙත් හුරතලී වෙන්න යන එක හරි භයානක වැඩක්. ඒ විදිහට නම් එයා ඉස්සරහටත් ඉන්න යන්නේ හොඳ පාඩමක් ඉක්මනටම ඉගෙන ගනීවි.........

    ReplyDelete
  5. පරක්කු වෙලා වැඩෙ දුරදිග යන්න කලියෙන් අන්තිමට කරල තියන අවවාදය එයාව පෞද්ගලිකවම හම්බවෙලා කරනම් හොඳයි නේද

    ReplyDelete
  6. @ කස්ස- අනේ ඇත්තට ඔයා දන්නැහැ එයාට මේක කියාගන්න බැරිව මම විඳින දුකක්...සමහර අය ඉන්නවනේ නාහෙට අහන්නේ නැති...එයා ඇහුවොත් මට මොකද කියලා...එහෙම වුනොත් මට දුකයි...මොකද මම එයාට හිතවත් කමට කියන්නේ කියලා තේරුම් ගන්න පුලුවන් මානසික තත්වයක් එයාට නැහැ කියලා මට හොඳටම තේරෙනවා...මට කට කහන හින්දයි මේකේ කුරුටු ගෑවේ..මේ ඇත්තමයි...

    ReplyDelete
  7. ඇත්ත තමයි අක්කේ අපේ සමාජයේ ඉන්න ගොඩක් ගැහැණු ළමයින්ට ඕක හරි සතුටු දෙයක්.පිරිමි ළමයින්ව බයිට් කරන එක.එත් ඒක හොඳ දෙයක් නෙවෙයි.ඒ ගැහැණු ළමයට පන වගේ ආදරය කරන පිරිමි කෙනෙක් හිටියොත් ඒ පිරිමි ළමයට ඒක දරාගන්න බැරිවෙයි.සමහරවිට ඒ පිරිමි ළමය එයාගේ ජීවිතයට හානි කරගන්නත් බැරි නෑ.නේද අක්කේ?

    ReplyDelete
  8. හ්ම්...බොළඳ පිරිමි ලමයි ඉන්න පුලුවන් තමා මල්ලියේ ඒ වගේ...ඒ වුණාට පිරිමි ලමයි එහෙම ජිවිතේ නැති කරගත යුතු නැහැ නේද?ගැහැණු ලමයි වුණත් තමන්ගේ ජීවිතේ සදාකාලික නොවන ආදරයක් වෙනුවෙන් නැති කර ගත යුතු නැහැ නේද?

    ReplyDelete