Wednesday, June 22, 2011

මගේ හදවත



මගේ හදවත විලකි
එන්න ඔබ එහි පාරු පදවන්න...
මා ඔබේ සෙවනැල්ල තුරුලු කරගමි
ඔබ දෙසට මැණික් කැට විලස එළිය දෙමි...

මගේ හදවත ඉටිපහන් එළියකි
කරුණාකර මා වෙනුවෙන් ජනේලය වසන්න...
මම ම දැවෙන්නෙමි
නිසසලව අන්තිම බිංදුවටම...


මගේ හදවත සැරිසරන්නෙකි
ඔබේ බටනලාව මා වෙනුවෙන් වයන්න..
මා නිසල රාත්‍රීන්හි නතර වන්නම්..
පුර සඳ යට
ඔබ වයන හඩ අසමින් ....


මගේ හදවත බිම වැටෙන කොලයකි..
ඔබේ මිදුලේ මොහොතකට ඉඩ දෙන්න..
ඔබ හැර යමි..තනිවූ සැරිසරන්නකු ලෙස
නැවත සුළග පැමිණි කල්හි.. 
                                                         (My Heart - by Kimtong Myoung)

6 comments:

  1. මන් මේකේ කැමතිම කවිය අන්තිම එක..

    ReplyDelete
  2. @සරත් ලංකාප්‍රිය - මාත් ...

    ReplyDelete
  3. මම දිය දහරකි
    නුඹෙ පහස නිවන්නෙමි
    සයුරු තෙර හමුවන තුරා
    ඔඹ අතැර නොයන්නෙමි...

    ReplyDelete
  4. පවනක්ව දසන්තේ හමන්නෙපා...
    ගගුලක්ව සයුරකට ගලන්නෙපා..
    ඔබ
    ඔබම වී ඉන්න..!
    වෙන කිසිත් එපා..!!!

    ReplyDelete
  5. ලස්සනයි...
    එල එල
    මම වැසිකිළියකි වගේ එකක් ලිව්වේ නැති එකනම් හොඳයි...
    හික්ස් කිව්වලු...

    ReplyDelete
  6. @බිඟූ- ස්තූතියි ...!
    ඔයා එහෙම නම්...ඒක ඔයාම ලිව්වොත් නේද හොද? මම ලියන එක හරි නැහැනේ... නුඹ වැසිකිලියක් නම් කියලා...හික්ස්....

    ReplyDelete