Tuesday, June 21, 2011



ළමා වියේ කිරි සුවද ගිහින් නැති
ළමා වියේදී කසා වතක් හැද
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ...
තනිවම හිතිලද මහණ වුනේ...


සසර පුරුද්දක් සි‍තේ තියෙන්නැති...
පෙර සංසාරෙදි පිං කරලා ඇති...
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ...
තනිවම හිතිලද මහණ වුනේ...


                                 පොඩි හාමුදුරුවො වාගේ සුරතල්...
                                 පුංචි ලමුන්ගේ කෙළි සෙල්ලම් දැක..
                                 සන්සුන් ගමනින් කොහෙද වඩින්නේ 
                                 සෙල්ලම් පිට්ටනි පහු කරලා...

                                                                      ගායනය- මාලනි බුලත්සිංහල මහත්මිය

3 comments:

  1. වෙසතුරුදා මෙන්
    පෙරුම් පුරන්නට
    නිවන් දකින්නට
    පතා නොවෙයි

    නැති බැරි කම් මැද
    දුක් විඳිනා සඳ
    දන් දුන්නේ මා
    අපේ අම්මා

    ReplyDelete
  2. හැමදාම ආදරය කල ගීතයක් නංගියේ. බොහොම පින් අපි මතක්කල යුතුම කාලෙකදී මාලිනී බුලත්සිංහලගේ මේ මියුරු ගීතය අපිත් එක්ක බෙදා ගත්තාට. සන්ධ‍යා බුලත්සිංහල නංගිගේ හඬත් ඇයගේ හඬටම සමාන බව දැනගත්තා මාලිනී අක්කා වෙනුවෙන් රූපවාහිණියේ කල වැඩ සටහනේදී. අපි අතරේම හිටිය මාලිනියට සසර වසනා තුරාවට මෙවන් අකල් වියෝවක් අත් නොවේවා කියල පතනවා.

    ReplyDelete
  3. @ Chandi-ඔව් අක්කේ සන්ධ්‍යා බුලත්සිංහලගේ කටහඩ හුගක් දුරට සමානයි ඒ හඩට....

    ReplyDelete