Tuesday, May 3, 2011

හාමුදුරුවො නෙවෙයි..මේ මම ප්‍රියන්ත- 1 කොටස



 ඔන්න මේ කථාවත් එකමත් එක කාලෙක එකක්..


Aquinas English Diploma එක කරන්න මම ආවේ O/L  කරලා...කිව්වට මොකෝ Entrance Exam එකෙන් කෙලින්ම select වුනේ Intermediate level එකට...ඉතින් Intermediate level pass වෙලා Aquinas යන එක නැවැත්තුවා. Final කරන්න ආයේ මම Aquinas ආවේ A/L Exam ඉවර වෙලා...ඒ වෙනකොට මාත් එක්ක Intermediate level කරපු යාලුවෝ එක්කෙනෙක්වත් හිටියේ නැහැ.අලුත් අය තමා හිටියේ ඒ class එකේ
ඉතින් ඒ අය අතර බොහොම තරුණ හාමුදුරුවරු තුන් නමක් හිටියා .එක නමක් බුරුම..එක නමක් තායි..එක නමක් ලංකාවේ..ඒ නම පියරතන හාමුදුරුවෝ කියලයි හැදින්වුයේ අපි.ඉතින් මේ හාමුදුරුවරු තුන් නමම බොහෝම මිත්‍රශීලි වුණා අපිත් එක්ක.
අපිට උගන්වපු හැම lecture කෙනෙක්ම වගේ Retire වුණු English teachers  ලා...ඒ නිසා Grammar  වගේ subject boring වුණා අපිට..ඒත් Grammar කියන්නේ ආත්ම 7 ක් කලත් ඔච්චරනේ! නිසා අපි වැඩිය ගණන් ගත්තේ නැහැ.අපිට තිබ්බ subjects වලින් Literature තමා interesting ම subject එක වුනේ අපිට( කිසි දෙයක් තේරුනේ නැති වුනාට මොකෝ Final year එකේදි Literature වලට අපිට තිබ්බා Romeo Juliet..ඒ නිසා Aquinas Auditorium එකේදි Romeo Juliet Film එකත් බලන්න හම්බවුණා නොමිලේම ඔන්න).. Composition and Comprehension වලදි කොයි වෙලෙත් Dictionary එකක් අතේ තියෙන එක ඇගට ගුණ වෙච්ච හින්දා Oxford Mini Dictionary එකක් අරගෙන Ever ready පිට තමා අපි හිටියේ...
ඉතින් පොඩි කාලේ ඉදලා පොත පතට දක්වපු ආදරේ නිසාම මම කරන්නේ පොතක් අලුතින් ගත්ත ගමන් අනන්‍යතාවය තහවුරු කරගන්න එක..ඒ කියන්නේ මුල් පිටුවේ හරි අග පිටුවේ හරි මගේ නම ගම ජාතකේ සදහන් කරන එක...මොකෝ මම කියවන්න ආස නිසා ඉස්සර මට හැමෝම වගේ තෑගි වලට දුන්නේ පොත්...මගේ තිබ්බ නවකථා ලැයිස්තුවෙන් භාගයකටත් වඩා මගේ නෑදෑයින් අතින්ම එහෙට මෙහෙට වෙලා මට නැතිව ගිය නිසා තමා මම ඔය අනන්‍යතාවය තහවුරු කරගන්න වැඩේ පුරුදු වුනේ
ඉතින් මගේ Oxford Mini Dictionary... එකෙත් නම/ ගම/ උපන්දිනය/ ගත්ත දවස/address/telephone no (land phone no )එක සේරම දක්වලා තිබ්බේ..හදිසියේ පන්තිය ඇතුලෙදි එහෙට මෙහෙට වුනොත් සත්ගුණවත් ඇත්තන් ඒක මට නැවත ලබා දේවි කියන අරමුණින්...
ඉතින් කතන්දරේට යමුකෝ....


ඔන්න අපේ හාමුදුරුවන්ට තිබ්බේ නැහැ.Oxford Mini Dictionary එකක්...පියරතන හාමුදුරුවෝ ඒ නිසා ගොඩක් වෙලාවට මගෙන්  Mini Dictionary එක ඉල්ල ගන්නවා...දවසක් Composition වෙලාවෙදි මගෙන් ඒක ඉල්ල ගත්තා ..Composition  වලට අපිට හිටියේ බොහොම ප්‍රිය මනාප ලස්සනට පිළිවෙලට ඇදලා ඇට මාලයක් එහෙම දාගත්ත විනෝදශීලී ගුරුවරියෙක්...ඒ වෙලාවේ අපිට words ටිකක් දීලා ඒවයේ meaning එක එන විදිහට Sentences හදන්නයි තිබ්බේ..දැන් මම දන්නැති වචන ටිකක් තියෙනවා ..බලන්න විදිහක් නැහැ Dictionary එක හාමුදුරුවෝ ගාව...හාමුදුරුවනේ හාමුදුරුවනේ කිව්වා..ම්හූ මීක් සද්දයක් නැතිව කට්ටිය ඔලුව නමාගෙන වැඩ..මම කථා කලාට ඇහුණ පාටකුත් නැහැ...හාමුදුරුවෝ හිටියේ මට ඉස්සරහා පේළියේ හරියටම මගේ පුටුවට කෙලින් පුටුවේ..ඒත් මම කථා කලාට ඇහුණ පාටකුත් නැහැ...දැන් මට ඉවසන්න බැහැ කේන්තියි..ඇයි අනේ මගේ Dictionary එකෙන් මට වැඩක් ගන්න නැහැනේ...ඔන්න දැන් madam ත් එනවා අපේ පැත්තට...උඩ බලන් ඉන්නත් බැහැ....වෙන කෙනෙක්ට නම් ඇගට හරි තට්ටුවක් දාලා කථා කරන්න තිබ්බා.මේක එහෙම කරන්නත් බැහැනේ..මම පෑන අරගෙන පෑනෙන් හාමුදුරුවන්ට තට්ටුවක් දැම්මේ කරන්න දෙයක් නැති කමට....
Hey Uthpalawanna ! you shameless girl..why did you touch like that Rev. Piyarathana'? මහ හයියෙන් එහෙම ඇහුවේ අපේ Composition lecturer...මම හිතන්නේ ඒ වෙලේ මගේ කන් දෙකින් දුම් කෝච්චි 10 කවත් දුම් එක පාරට පිටවෙන්න ඇති කියලා.අනේ කූඹියෙක්වත් වුනා නම් වලකවත් හැංගෙන්න තිබ්බා...
අනේ නැහැ Madam මම Rev. Piyarathana ඇල්ලුවෙවත් නැහැ..මගේ Dictionary එක ගන්නයි පෑනෙන් තට්ටු කලේ..මට ඉතින් දන්න ඉංග්‍රීසියත් අමතක වෙලා සිංහලෙන්ම කියවුණා ...මට ඔන්න ඇඩෙන්න මෙන්න ඇඩෙන්න වගේ ලැජ්ජාවටම. "අනේ අනේ මේ උත්පලවන්ණාත් හිමිජ්ජා වගේ ඉදන් කරන වැඩ.." Composition lecturer කිව්වා.
( මගේ වාසගම තියෙන්නේ නම ඉස්සරහට වුනු නිසා register එකේ මගේ නම තිබ්බේ මුලකුරු වලට පස්සේ උත්පලවණ්නා කියලා.අපේ lectures ලත් ඉතින් මට ඒ නමෙන්ම තමා කථා කලේ දිග පළල බලන්නැතිව)
අපේ පංතියේ එවුන්ට මේක ඇති ඉතින් පණ යනකම් හිනාවෙන්න....ඕකෙන් මේකෙන් "උත්පලවන්ණා නැගණිය " කිය කියා අපේ පියරතන හාමුදුරුවොත් මාත් එක්ක බොහොම සමීප වුනා.

6 comments:

  1. ගොඩක් රසවත් විදිහට ලියලා තියෙනවා. දිගටම ලියන්න. ජයෙන් ජය !

    ReplyDelete
  2. කියනදේයි කියවෙනදේයි අතර වෙනසක් තියෙනව කියනවනේ. Rev. මට හිතෙන්නෙ Mr. වෙලා වගේ හික් හික් එළ එළ

    ReplyDelete
  3. @දුමී- ස්තූතියි දුමින්ද අයියේ...මම ‍බොහොම ආසාවෙන් කියවනවා ඔයාගේ blog එක. මට ලියන්න හිතුණෙත් එව්වා කියවලා තමා..හැබැයි මම blogs බල බල තනියම හිනාවෙනවා දැක්කම branch එකේ එවුන් හිතනවා ඇති මට පිස්සු කියලා..
    @ සබද - ඔන්න ඕකට තමා කියන්නේ බලළාට කලින් මල්ල එළියට පනිනවා වගේ කියලා...

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනට ලියල තියෙනව
    තව ලියන්න නංගා!

    ReplyDelete
  5. නියමයි ලස්සනට ඔයා ලියලා තියනවා

    ReplyDelete
  6. බණ පොත්වලත් උත්පලවන්නා ඉන්න නිසා හාමුදුරුවෝ හිතන්න ඇති නැගණිය කියල කිට්ටු වෙන්න. හය්යෝ දැන් බැලුවම මේක දිගුකල් සැලැස්මක් නේද ?

    කොහොම උනත් දිගටම කියවන්න ආස හිතෙන බාසාවකින් ලියන්නේ.. මට කලින් එන්න බැරි උනාට කණගාටුයි.. දැන් කියවගෙන කියවගෙන යනවා..

    ReplyDelete