Wednesday, April 27, 2011

හදන්න හදන්න කැ‍ඩෙන තාප්පේ.......



මේක ඉතින් එච්චරම කථාවකුත් නෙවෙයි...ඒත් short and sweet නිසා ලියන්න හිතුණා...මොකද ඔය කියන තාප්පෙත් මගේ මතක සටහන් වලට අයිතියි....ඔය...හදන්න හදන්න කැ‍‍ඩෙන තාප්පේ..තිබ්බෙත් අනුරාධපුරේමයි....

ඔයාලා දන්නවනේ අනුරාධපුරේ කියන්නේ බොහොම සැලසුම් සහගත නගරයක් කියලා....පාසල් ටික එක පැත්තක...රාජ්‍ය අංශ .තව පැත්තක...වෙළද සංකීර්ණ එක පැත්තක...පූජනීය පෙදෙස තව පැත්තක..ඔන්න ඔය වගේ ‍බොහොම සැලසුම් සහගතව නිර්මාණය වෙලා තියෙන්නේ...

ඉතින් අපේ පාසලයි...ඒ කියන්නේ Convent  එකයි Central එකයි වෙන් වෙන්නේ එකම තාප්පෙකින්...මේ තාප්පේ එකම එක හරියකින් හැමදාම කැඩෙනවා...මුලින් පොඩ්ඩ පොඩ්ඩ කැඩිලා පස්සේ තාප්පේ මැද්දෙන් ලොකු හිලක් හැදෙනවා..ඊට පස්සේ පුපුරලා තාප්පේ එතනින් කඩා වැටෙනවා.අ‍පේ ඉස්කෝලේ පැත්තෙන් එතන තිබ්බේ කැන්ටින් එක...තාප්පේ අනිත් පැත්තේ ඒ කෙලින් Central එකේ play ground එක....මේ තාප්පේ කැඩෙන විදිහ කාටවත් හිතාගන්න බැහැ. අපි කැන්ටින් එකට ගියාම ෂූ ෂූ සද්ද ඇහෙනවා ඒත් පේන්න නැහැ කවුරුත්...ඉස්කෝල දෙකේම principal ලා එකතු වෙලා සැරින් සැරේ මේ තාප්පේ හදනවා..ඒත් පෙර පරිදිම මේක එම තැනින්ම කැඩෙනවා....මම හිතන්නේ අවුරුදු ගාණක් ගියත් තාම ඒක එහෙමම සිද්ධ වෙනවා ඇති....

5 comments:

  1. සබද,
    තහනම් ගහේ ගෙඩි මුලින්ම කෑවෙ ගැහැනිය උනාට අමතක කරන්න එපා මිනිහටත් එක ගිල්ලුව කියල. ඔය ඒ සාපය තමා පස්සෙන් එන්නෙ.

    ඕකට කොල්ලන්ට තියෙන කුකුල් උනත් බලපානවා.

    ReplyDelete
  2. අනේ මේ අහිංසක තාප්පෙට තහනම් ගහ මතක් වුනේ මොකෝ...මොනවා වුණත් Eva තහනම් ගහේ ගෙඩ් කාපු එකෙන් ඔප්පු වෙන්නෙත් ගැහැණියකගේ තියෙන නිර්භිත කමත්..නොසැලෙන ශක්තියත් ..ඉදිරිපත් වීමේ ගුණාංගයත් ..නෙවෙයිද? මොකද වැඩි හරියක් විදවන්න වෙන්නේ ගැහැනියට කියලා එයාව දැනුවත් කරලයි තිබ්බේ...

    ReplyDelete
  3. කෙල්ලන්ව බලන්න තාප්ප කඩන්නනේ නැත්තම් උන් කොල්ලො නෙවේනේ....

    ReplyDelete
  4. හිත පිත් නැති තාප්පෙත් හදන්නේ දෙපැත්ත එකතු කරන්නනේ.. මොකක්ද මේ තහනම් ගෙඩි කතාව ? ගෙඩි නෙවෙයි මල් නේ කඩන්නේ... නැද්ද ?

    ReplyDelete
  5. තාප්පයක් නැතිව පොඩි වැටක් වගේ එකක් දාන්න තිබ්බේ :))

    ReplyDelete